ඌවේ අපි UVE API

ඌවේ අපි UVE API ඌවේ අභිමානය කරා ඉදිරියට ❤️🇱🇰

වෙළෙඳ දැන්වීම් සඳහා අමතන්න Whatsapp Only 📞 0719274788
(3)

Join our group�
https://www.facebook.com/groups/949782975879098/?ref=share ගෘප් එකට එකතු වෙලා සහයෝගයක් දෙන්න හැමෝම ගැම්මට � යාලුවන්ටත් ආරාධනා කරන්න �Invite all friends to join the group and support�

🎓🏆 බ/උඩුහාවර මහා විද්‍යාලයේ විශිෂ්ට ශිෂ්‍යත්ව ප්‍රතිඵලයක්! 🏆🎓📚 2026 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලබ/උඩුහාවර මහා විද්‍යාලයේ ශිෂ...
03/09/2026

🎓🏆 බ/උඩුහාවර මහා විද්‍යාලයේ විශිෂ්ට ශිෂ්‍යත්ව ප්‍රතිඵලයක්! 🏆🎓

📚 2026 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල

බ/උඩුහාවර මහා විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් අතරින් පළමු පත් වීමෙන්ම පන්තියේ භාගයකට ආසන්න ප්‍රමාණයක් කඩයිම් ලකුණු සීමාව පසුකරමින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගෙන තිබේ. ❤️👏

🌟 මේ ජයග්‍රහණය වෙනුවෙන් දරුවන්ට, දෙමාපියන්ට සහ කැපවීමෙන් මගපෙන්වූ ගුරු මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්!

බ/උඩුහාවර මහා විද්‍යාලයට ජයවේවා! ❤️🏆

Uduhawara Maha Vidyalaya-UMV
#2026ශිෂ්‍යත්වය #උඩුහාවරමහාවිද්‍යාලය #ශිෂ්‍යත්වවිභාගය #විශිෂ්ටජයග්‍රහණයක්

🎓🏆 දුෂ්කර පාසලකින් විශිෂ්ට ජයක්! ❤️පස්සර අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක් වන බ/ගැරඩිඇල්ල විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට ...
03/09/2026

🎓🏆 දුෂ්කර පාසලකින් විශිෂ්ට ජයක්! ❤️

පස්සර අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක් වන බ/ගැරඩිඇල්ල විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් සිව්දෙනෙකු පෙනී සිට තිබේ.

එම සිසුන් සිව්දෙනා අතරින් සිසුන් තිදෙනෙකු විශිෂ්ට ලෙස කඩයිම් ලකුණු අභිභවා ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට සමත්ව තිබීම විශේෂත්වයකි. 👏🎉

ඒ අනුව, මෙවරත් පාසලේ ශිෂ්‍යත්ව විභාග සමත් ප්‍රතිශතය 100%ක් ලෙස පවත්වාගෙන යාමට බ/ගැරඩිඇල්ල විද්‍යාලය සමත්ව තිබේ. 💯🏆

දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබමින් මෙවැනි විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් දරුවන්ටත්, ඔවුන්ගේ දෙමාපියන්ටත්, ගුරු මණ්ඩලයටත් ඌවේ අපි UVE API | Uva Media Network Team අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️🙏

🌟 කුඩා පාසලකින් රටටම ආදර්ශයක්! 🇱🇰

#ශිෂ්‍යත්වවිභාගය #ගැරඩිඇල්ලවිද්‍යාලය #පස්සර #අධ්‍යාපනය #ජයග්‍රහණය

අද 2026 සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා දවසයි..ඔබ සැමට වාසනාවන්ත සුභ දවසක් වේවා 🙏🙏🙏🙏
02/09/2026

අද 2026 සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා දවසයි..
ඔබ සැමට වාසනාවන්ත සුභ දවසක් වේවා 🙏🙏🙏🙏

🎓❤️ දුෂ්කර ගමකින් ඇවිත්... ලංකාවෙන්ම පළවෙනියා වූ පුංචි වැඩ්ඩා! ❤️🎓මේ ඉන්නේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම පළමු ...
02/09/2026

🎓❤️ දුෂ්කර ගමකින් ඇවිත්... ලංකාවෙන්ම පළවෙනියා වූ පුංචි වැඩ්ඩා! ❤️🎓

මේ ඉන්නේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය දිනාගත් පුංචි දක්ෂයා! 🥹🏆

ඔහු අධ්‍යාපනය ලබන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන ඇහැටුවැව ප්‍රාථමික පාසලේ.

මේ පුංචි පුතාගේ තාත්තා කියන කතාව ඇහුවාම ඇත්තටම හිතට දැනෙනවා... ❤️

🐘 මේ පාසලේ දරුවන්ට තිබෙන ලොකුම අභියෝගයක් තමයි වන අලින්ගෙන් බේරිලා පාසලට යන එක.

💔 ආර්ථික අපහසුතා මැද, පහසුකම් සීමිත පරිසරයක හැදී වැඩුණු මේ පුංචි පුතා අද මුළු ශ්‍රී ලංකාවෙන්ම පළමුවැනියා වෙලා.

ඇත්තටම ශිෂ්‍යත්ව විභාගය කියන්නේ මේ වගේ පුංචි දරුවන්ට අත්තටු ලබාදෙන අවස්ථාවක්. 🪽

අද දුෂ්කර ගමක පුංචි පාසලකින් රටේ පළමුවැනියා වූ මේ දරුවා, හෙට කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් අධ්‍යාපනය ලබමින් තවත් විශාල ජයග්‍රහණ රැසක් රටට ගෙන එනු ඇති. 🇱🇰✨

තාත්තේ... අම්මේ... ❤️
ඔයාලා දිනලා ඉවරයි!

ඔයාලගේ පුතා අද ඔයාලව දිනෙව්වා. 🥹❤️🏆

පුංචි පුතාට ඌවේ අපි UVE API | Uva Media Network Team අපේ උණුසුම් සුබ පැතුම්! 🎉👏

02/09/2026

මෙවර බ/දික්කාපිටිය විද්‍යාලය - වැලිමඩ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල 100%

සමත් වූ දූ දරුවන්ට හා මේ සඳහා කැපවූ විදුහල්පති තුමා ඇතුලු ගුරුභවතුන්ටත් Welimada City - වැලිමඩ | Uva Media Network Team අපගේ උණුසුම් සූභ පැතුම් ❤️🥰

02/09/2026

ඓතිහාසික මාලිගාවිල බිනර මහා පෙරහැර මංගල්‍යය 2026

මොණරාගල දිස්ත්‍රික්කයේ කෙරවලක පිහිටි සුන්දර ගම්මානයක මො/ රණුගල්ල කණිෂ්ඨ විද්‍යාලයේ 2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සහභාගී ...
02/09/2026

මොණරාගල දිස්ත්‍රික්කයේ කෙරවලක පිහිටි සුන්දර ගම්මානයක මො/ රණුගල්ල කණිෂ්ඨ විද්‍යාලයේ 2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වූ සියලුම දූ දරුවන් සමත්වීම විශිෂ්ට ජයග්‍රහණයකි. 👏🎉

🌟 මේ සුවිශේෂී ජයග්‍රහණය ලැබූ සියලුම දූ පුතුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️❤️

එමෙන්ම, දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ඉගැන්වීම් කටයුතු සිදු කළ විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරුභවතුන්ටත් ඌවේ අපි UVE API | Uva Media Network Team අපගේ ගෞරවනීය ස්තුතිය සහ උණුසුම් සුබ පැතුම්! 🙏❤️

🎓❤️ 2026 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵලවල විශිෂ්ට ජයග්‍රහණයක්! ❤️🎓බදුල්ල දිස්ත්‍රික්කයේ කෙරවල සහ මොණරාගල දිස්ත්‍රික්කයේ කෙරවල...
02/09/2026

🎓❤️ 2026 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵලවල විශිෂ්ට ජයග්‍රහණයක්! ❤️🎓

බදුල්ල දිස්ත්‍රික්කයේ කෙරවල සහ මොණරාගල දිස්ත්‍රික්කයේ කෙරවලක පිහිටි සුන්දර ගම්මානයක මො/ මියනකඳුර මහා විද්‍යාලයේ 2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වූ සියලුම දූ දරුවන් සමත්වීම විශිෂ්ට ජයග්‍රහණයකි. 👏🎉

🌟 මේ සුවිශේෂී ජයග්‍රහණය ලැබූ සියලුම දූ පුතුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️❤️

එමෙන්ම, දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ඉගැන්වීම් කටයුතු සිදු කළ විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරුභවතුන්ටත් ඌවේ අපි UVE API | Uva Media Network Team අපගේ ගෞරවනීය ස්තුතිය සහ උණුසුම් සුබ පැතුම්! 🙏❤️

02/09/2026

2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව අද (2) පස්වරුවේ නිකුත් කළේය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.

ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ලෙස සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටියේය.

ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ඌවේ සන්නාමය ⛎ UVA NEWS ⛎

Address

Welimada
Welimada Town
90200

Alerts

Be the first to know and let us send you an email when ඌවේ අපි UVE API posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ඌවේ අපි UVE API:

Shortcuts

Share