Divisional Secretariat - Welimada

Divisional Secretariat - Welimada Welimada_Divisional_Secretariat වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිල ෆේස්බුක් පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු.....

අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන - වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන වැඩසටහන==================================...
08/08/2026

අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන - වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන වැඩසටහන
==================================

ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර"අත්තම" ජාතික වැඩසටහනට අදාළව වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන වැඩසටහන වැලිමඩ මූලික රෝහල් පරිශ්‍රයේදී අද (08/08) දින සිදු කරනු ලැබීය.

මේ අවස්ථාව සඳහා වැලිමඩ ප්‍රාදේශීය ලේකම්තුමා, වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුලු දේශපාලන අධිකාරිය,වැලිමඩ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර සැලසුම් අධ්‍යක්ෂතුමා,පරිපාලන නිලධාරිතුමා ඇතුළු වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය/ වැලිමඩ ප්‍රාදේශීය සභාව/වැලිමඩ මූලික රෝහල නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ

07/08/2026
පසුගිය ආපදා සමයේ ආපදාවට ලක් වූ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඹේවල, අලකොළගාල, හුළංකපොල්ල ග්‍රාම නිලධාරී වසම්වල විපතට...
07/08/2026

පසුගිය ආපදා සමයේ ආපදාවට ලක් වූ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඹේවල, අලකොළගාල, හුළංකපොල්ල ග්‍රාම නිලධාරී වසම්වල විපතට පත් පවුල් වෙත ඉදි කරනු ලබන තාවකාලික නිවාස ඉදිකිරීම් කටයුතු පිළිබඳ බදුල්ල මහ දිසාපති / දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා විසින් නිරීක්‍ෂණයක් ඊයේ (06) දින සිදු කෙරිණ.

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ඉදි කරගෙන යනු ලබන මෙම සංක්‍රාන්තික නිවාස කඩිනමින් සකස් කොට ඔවුන් පදිංචි කිරීමත්, ස්ථිර නිවාස ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දෙන ලදී. මෙහි ඉලක්ක ගත පවුල් සංඛ්‍යාව 200 ක් වේ.

මෙම නිරීක්ෂණය සඳහා බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිලන්ති සමරවික්‍රම මහත්මිය, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් සුනෙත් ජිනේන්ද්‍රසිංහ මහතා, බදුල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් සජිත් නාමල් මහතා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ආපදා සහන සේවා නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි විය.

බෝගහකුබුර සමෘද්ධි බැංකුවේ සේවයේ නියුතුව සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරි ලලිත් කුමාර මනතුංග මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ඉතා ...
30/07/2026

බෝගහකුබුර සමෘද්ධි බැංකුවේ සේවයේ නියුතුව සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරි ලලිත් කුමාර මනතුංග මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු.

එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු......!!!

වැලිමඩ සහ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඹුරු සීමාව තුළ වැලි ගොඩදැමීම නිසා කුඹුරු සෝදා පාලුවීම පිළිබද සාකච්ඡාවක්  ...
30/07/2026

වැලිමඩ සහ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඹුරු සීමාව තුළ වැලි ගොඩදැමීම නිසා කුඹුරු සෝදා පාලුවීම පිළිබද සාකච්ඡාවක් බදුල්ල මහ දිසාපති /දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්‍රධානත්වයෙන් 2026-07-30 වන දින වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී කුඹුරු සෝදා යාමට බලපාන හේතු, එම තත්ත්වය අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග, වැලි ගොඩදැමීම නිසි පරිදි සිදුකිරීමේ වැදගත්කම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

මේ අවස්ථාව සදහා බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය (ඉඩම්), වැලිමඩ ප්‍රාදේශීය ලේකම්තුමා, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු,බදුල්ල වාරිමාර්ග ඉංජිනේරු, මධ්‍යම පරිසර අධිකාරියේ බදුල්ල සහකාර අධ්‍යක්ෂතුමා,ඉඩම් පරිහරණ සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂතුමා, වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂතුමන්, වැලිමඩ සහ ඌවපරණගම කොට්ඨාසවල වැලි ගොඩදැමීමේ කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින් පිරිසක්ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය = වැ.ප්‍රා.ලේ.කා

30/07/2026
28/07/2026

බදුල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ "සුපිළිපන් පා ගමන"! 🚶‍♂️✨

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව එහි ගරු සභාපති,බදුල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්...
28/07/2026

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව එහි ගරු සභාපති,බදුල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී.ආර්.එම් සුදත් බලගල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026-07-28 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහිදී,
* කොට්ඨාසය තුළ 2026 වර්ෂයේ ක්‍රියාත්මක විවිධ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතියද,
* අධ්‍යාපන ,ප්‍රවාහන, කෘෂිකාර්මික සහ වාරිමාර්ග යන අංශවල පසුවිපරම,පැන නැගී තිබෙන ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබදව මෙන්ම තවත් කරුණු පිලිබදවද. සාකච්ඡා කරන ලදී.

මේ අවස්ථාවන් සදහා වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් කුමාර දිසානායක මහතා ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් සුනෙත් ජිනේන්ද්‍රසේන මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම්,වැලිමඩ සහකාර පොලිස් අධිකාරිතුමා, වැලිමඩ/කැප්පෙටිපොල/බෝගහකුඹුර යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන්, වැලිමඩ කොට්ඨාසයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

Address

Hemapala Munidasa Mawatha
Welimada

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Telephone

+94572244219

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Welimada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Welimada:

Shortcuts

Share