Divisional Irrigation Engineer's Office - Weeraketiya

Divisional Irrigation Engineer's Office - Weeraketiya වැසිදිය හසුරුවා සිරිලක සසිරිමත් කරමු

අද (22) දින බැදිගම විහාරස්ථානයේ ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වේ.ලේ දන්දීමට කැමති ඔබ සවස 2.00ට පෙර එම විහාරස්ථානයට ගොස් එම පු...
22/04/2026

අද (22) දින බැදිගම විහාරස්ථානයේ ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වේ.

ලේ දන්දීමට කැමති ඔබ සවස 2.00ට පෙර එම විහාරස්ථානයට ගොස් එම පුණ්‍යකර්මය සිදුකරගන්නා ලෙස ආරාධනා කරමු..🙏

කටුවන, ඌරුබොකුඔය ශුද්ධ කිරීම හා ඉවුරු ඛාදන පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ඇරඹීම..👇කටුවන ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් වූ දීර්ඝ කා...
21/04/2026

කටුවන, ඌරුබොකුඔය ශුද්ධ කිරීම හා ඉවුරු ඛාදන පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ඇරඹීම..👇

කටුවන ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් වූ දීර්ඝ කාලයක් තිස්සේ පැවති කටුවන ඌරුබොකු ඔය ආශ්‍රිත ගංවතුර තත්වයට බලපාන ඔය තුල පිහිටි බාධක ඉවත්කිරීම හා ඔය ඉවුරු පුනරුත්ථාපනය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින්
කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් ⁣ ඉදිරිපත් කර ඇත.

ඒ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය කටුවන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමාගේ මැඳිහත්වීමෙන් සිදුකරන අතර එහි මුල් අදියර යටතේ ඔයෙහි ජල ප්‍රවාහයට පවතින බාධක ඉවත්කිරීම සිදුකරයි. ඒ සඳහා රු. මිලියන 2.5ක පමණ මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර මේ වනවිට මුලික ප්‍රතිපාදන වෙන්කරනු ලැබ තිබේ.

එම කෙටිකාලීන විසඳුම් යටතේ ඔය ශුද්ධ කිරීමේ කටයුතු අප්‍රේල් 21 (අද) දින පෙ.ව 9.30ට කටුවන පාලම අසලදී නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ කටයුතු වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මඟින් වාරිමාර්ග දෙපාර්තමේන්තු සෘජු ශ්‍රමය යටතේ යටතේ සිදුකරනු ලබයි.

ව්‍යපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමා, කටුවන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආනන්ද කුලසුන්දර මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය නියෝජනය කරන මහජන නියෝජිතයින්, හම්බන්තොට වාරිමාර්ග අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු, වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු, කටුවන ප්‍රාදේශීය ලේකම්, කටුවන පොලිස් ස්ථානාධිපති ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ වෙළඳ සංගමයේ ගරු සභාපතිතුමා ඇතුළු සාමාජිකයින් මෙන්ම ප්‍රතිලාභී ප්‍රදේශවාසීන් සහභාගී විය.

දිඟුකාලීන විසඳුම් යටතේ ඛාදනය වී ඇති ඉවුරු පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භකිරීමට කටයුතු සිදුකෙරේ.

කටුවන වෙළඳ සංගමය හා ප්‍රදේශවාසීන් එක්ව ව්‍යාපෘති සමාරම්භය වෙනුවෙන් චාම් උත්සවයක් සංවිධානය කර තිබුණි.

ඒ වෙනුවෙන් මැදිහත් වූ කැපවූ සියලුදෙනාට අපගේ ප්‍රණාමය පුදකරමු..🙏

මෙම ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක ලෙස අවසන් කර ගැනීමට අදාළ සියලුම පාර්ශවයන්ගේ සහයෝගය මැදිහත් වීම අපේක්ෂා කෙරේ..👍

බක්මහේ අපේ අවුරුදු මේසය..👌2026 සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු නැවත රාජකාරියට වාර්තා කල කාර්ය මණ්ඩලය සතුට බෙදාගැ...
21/04/2026

බක්මහේ අපේ අවුරුදු මේසය..👌

2026 සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු නැවත රාජකාරියට වාර්තා කල කාර්ය මණ්ඩලය සතුට බෙදාගැනීම සඳහා අවුරුදු කෑම මේසයක් සමඟ කෙටි හමුවක් පවත්වන ලදි.

වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් යූ මාදුවාගොඩ මහතාගේ ආමන්ත්‍රණයෙන් උද්යෝගීමත්ව ඉදිරියේදීද සුවිශාල මෙහෙවරක් අනලස්ව, නොපැකිළව, නීත්‍යානූකූලවත් සිදුකිරීමේ අපේක්ෂාවෙන් නව වසරේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබීය.

කටුවන නඟරය ආශ්‍රිත ඌරුබොකුඔය ඉවුරු ඛාදන සඳහා ස්ථීරසාර විසඳුම් ලබා දීම සඳහා වන මූලික සැලසුම් කටයුතු මේවනවිට අවසන්කර තිබේ....
09/04/2026

කටුවන නඟරය ආශ්‍රිත ඌරුබොකුඔය ඉවුරු ඛාදන සඳහා ස්ථීරසාර විසඳුම් ලබා දීම සඳහා වන මූලික සැලසුම් කටයුතු මේවනවිට අවසන්කර තිබේ.

කටුවන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමාගේ මැඳිහත්වීමෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවති මෙම ගැටළුව සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් ⁣වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ කෙටිකාලීන විසඳුම් යටතේ ජල ප්‍රවාහයට පවතින බාධා ඉවත්කිරීම සඳහා ඔය ශුද්ධ කිරීමේ කටයුතු අප්‍රේල් මස අවසාන සතියේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

දිඟුකාලීන විසඳුම් යටතේ ඉවුරු පුනරුත්ථාපන කටයුතු අගෝස්තු මාසය පමණ වනවිට ආරම්භකිරීමට කටයුතු කරමින් පවතී.

2025/26 මහ කන්නයේ වී අස්වනු නෙළීමෙන් අනතුරුව සිදුකළ පාරම්පරික දේව පූජාව..👇කිරම ඔය කෝංගල්ආර ව්‍යාපාරයේ 2025/26 මහ කන්නයේ ...
08/04/2026

2025/26 මහ කන්නයේ වී අස්වනු නෙළීමෙන් අනතුරුව සිදුකළ පාරම්පරික දේව පූජාව..👇

කිරම ඔය කෝංගල්ආර ව්‍යාපාරයේ 2025/26 මහ කන්නයේ වී අස්වනු නෙලීමෙන් අනතුරුව එම අස්වැන්නෙන් සැකසූ දේව පූජාව කතරගම මහ දේවාලයේදී කඳසුරින්දුන්ට පුදාකර ආශිර්වාද ලබා ගැනීම ඊයේ දින (07) සිදුකරනු ලැබීය.

මෙම පිංකම හම්බන්තොට වාරිමාර්ග අධ්‍යක්ෂතුමා, වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා පිංඕඩය ගොවි සංවිධානයේ ගරු ලේකම් (ජාතික ගොවි ජන බලමණ්ඩලයේ ගරු භාණ්ඩාගාරිකතුමා) ගේ ප්‍රමුඛත්වයෙන් බැති සිතින් සිදු කරන ලද අතර මීට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මැතිතුමා සහභාගී වු අතර එතුමා ස්තූති පූර්වකව සිහිපත් කරමු..

2026 යල කන්නය සඳහා මේ දක්වා ජලය නිකුත්කිරීම සඳහා ප්‍රමාණවත් ජලයක් ජලාශ වලට ලැබී නැති අතර කලට වැසි ලැබී ඉදිරි යල කන්නය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු..🙏

2026 යල කන්නය සඳහා දියවර නිකුත්කිරීම..👌මුරුතවෙළ ජලාශය යටතේ වගාකෙරෙන මුරුතවෙල මහා වාරි ව්‍යාපාරයේ සහ ඌරුබොකු ඔය ව්‍යාපාරය...
01/04/2026

2026 යල කන්නය සඳහා දියවර නිකුත්කිරීම..👌

මුරුතවෙළ ජලාශය යටතේ වගාකෙරෙන මුරුතවෙල මහා වාරි ව්‍යාපාරයේ සහ ඌරුබොකු ඔය ව්‍යාපාරයේ යල කන්නයේ වගා කටයුතු සඳහා කන්න රැස්වීම් තීරණ ප්‍රකාරව දියවර නිකුත් කිරීම අප්‍රේල් 01 ( අද ) දින සුභ මොහොතින් ආගමික වතාවත් මධ්‍යයේ සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලයේ කොට්ඨාස සහකාර නිළධාරීතුමිය, මුරුතවෙල නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමා ඇතුළු නිළධාරීන් සහ ගොවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලැබීය.

අද දින ජලය නිකුත්කිරීමත් සමඟ ඌරුබොකු ඔය ව්‍යාපාරයේ සියලුම යායන්හි මෙන්ම මුරුතවෙල ව්‍යාපාරයේ යාය 1 සහ 3 කොටසේ යල කන්නයේ වගාකටයුතු ආරම්භ වේ. මෙම කොටස්වල මූලික බිම්සැකසීම් කටයුතු සිදු කර වී වපුරා අවසන් කිරීම අප්‍රේල් 22 වනවිට සිදුකළ යුතුය. ඉන්පසු මුර ජලය සැපයීම ආරම්භ වන අතර ජලය නතර කිරීම අගෝස්තු 01 දින සිදු කෙරේ.

කන්න රැස්වීම් තීරණ ප්‍රකාරව මුරුතවෙල යාය 2 කොටසට ජලය නිකුත්කිරීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 20 වන දාය. එම කොටසේ වී වපුරා අවසන් කිරීම මැයි 10 වනවිට සිදුකළ යුතු අතර ජලය නතර කිරීම අගෝස්තු 18 දින සිදුවේ.

ඒ අනුව අද දින සිදුකළ මුරුතවෙල ජලාශයේ ජල නිකුතුව අගෝස්තු මස 18 වන දින තෙක් ක්‍රියාත්මක වේ. දැනට ජලාශයේ ජල ධාරිතාව අක්.අඩි 19525ක් පවතින අතර ඉදිරියේදී යල කන්නයේ වර්ෂාව අපේක්ෂිතයි..

ලෝක ජල දින සැමරුම් වැඩසටහන - 2026සෑම වසරකම මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය සැමරීම සඳහා වන සැමරුම් වැඩසටහනක් අප කාර්යාලය...
30/03/2026

ලෝක ජල දින සැමරුම් වැඩසටහන - 2026

සෑම වසරකම මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය සැමරීම සඳහා වන සැමරුම් වැඩසටහනක් අප කාර්යාලය මඟින් 2026 මාර්තු 23 වන දින ප.ව 1.30 සිට හ/ උලහිටියාව කනිටු විද්‍යාලයේදී පැවැත්වීය.

මෙවර තේමාව වූ "Water and Gender" ජලය සහ ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවය යන තේමාව යටතේ පහත අංගයන්ගෙන් සමන්විතව මෙම සැමරුම් උත්සවය පැවැත්වීය.
1. උදෑසන රැස්වීමේදී ලෝක ජල දිනය, ජලය, ජලයේ වැදගත්කම, ජල අර්බුදය, ඊට බලපා ඇති හේතූ සහ පාසල් සිසුන් ලෙස සිදුකළ හැකි දෑ පිළිබඳව දැනුවත් කිරීම.
2. පාසල් පරීශ්‍රයේ සිටුවීමට පලතුරු පැල 20ක් ලබාදීම.
3. 7,8 සහ 9 ශ්‍රේණී වල සිසුන් සඳහා ජලය තේමාකරගත් රචනා තරඟයක් පැවැත්වීම.
4. ලෝක ජල දින විශේෂ දේශනය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුතුමා විසින් පැවැත්වීම.
5. රචනා තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය.
සිදුකරනු ලැබීය.

මෙම උත්සවය සඳහා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍ය, නාවික ඉංජිනේරු චමිඳු විතාරණගේ මහතා විශේෂ ආරාධිතයෙකු වශයෙන් සම්බන්ධ කර ගනිමින් සිසුන්ට අධ්‍යාපන කටයුතු සඳහා අභිප්‍රේරණයක් ලබාදීමටද කටයුතු කරනු ලැබීය.

සැමරුම් උත්සවය සඳහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ආචාර්යවරුන් සහ සිසු සිසුවියන් 170ක් පමණ සහභාගී විය.

මෙම කටයුත්ත සඳහා දායකවූ සැමට අපගේ ගෞරවය හිමිවේ..🙏

30/03/2026

🔴 දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

මෙරට ඇති ප්‍රධාන ජලාශවල ජල මට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා .

ඒ අනුව එම දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශ 73ක සියයට 76.47ක ජල පරිමාවක් පවතින බව සඳහන් කරන අතර අම්පාර දිස්ත්‍රික්කයේ ඇති ජලාශ 09ක සියයට 61.84ක ධාරිතාව පවතින බවයි ඔවුන් නිවේදනය කරන්නේ .

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති ජලාශ 10ක පවතින ජල පරිමාව සියයට 92.01ක් ,බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති ජලාශ 07ක ඇති ජල පරිමාව සියයට 94.93ක් වන අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4ක සියයට 91.03ක් , හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති ජලාශ 10ක සියයට 75.14ක් ද ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති ජලාශ දෙකෙහි සියයට 72.25ක ජල ප්‍රතිශතයක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .

නුවර දිස්ත්‍රික්කයේ ඇති ජලාශ තුනක සියයට 92.47ක් ජල පරිමාවක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලාශ 10ක සියයට 76.45ක ජල පරිමාවක් ද මොනරාගල දිස්ත්‍රික්කයේ ජලාශ තුනක සියයට 80.17ක ජල පරිමාවක් ද පවතින බව සඳහන් වන අතර පොළොන්නරුවේ ජලාශ 4ක සියයට 86.55ක් ද පුත්තලමේ ජලාශ දෙකක සියයට 55.98ක ජල ප්‍රතිශතයක් ද ත්‍රිකුණාමලයේ ඇති ජලාශ 05ක සියයට 95.62ක ජල ප්‍රතිශතයක් ද මන්නාරම දිස්ත්‍රික්කයේ ජලාශ 4ක සියයට 59.97ක් ජල පරිමාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා .

READ MORE >>> https://www.itnnews.lk/ok3f

ලෝක ජල දිනය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම.. 💧සෑම වසරකම මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය සැමරීම සඳහා වීරකැටිය ප්‍රාද...
27/03/2026

ලෝක ජල දිනය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම.. 💧

සෑම වසරකම මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය සැමරීම සඳහා වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය වැඩසටහන් කිහිපයක් සංවිධානය කරනු ලැබීය.

2026 වර්ෂයේ තේමාව වූ "water and gender" (ජලය හා ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවය යන තේමාව යටතේ ලොක ජල දිනය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා හ/ උලහිටියාව කනිටු විද්‍යාලයේ උදෑසන රැස්වීමේ දැනුවත් කිරීමේ කටයුත්තක් මාර්තු 16 වන දින සිදුකරනු ලැබීය.

ජලය, ජලයේ වැදගත්කම, ජල අර්බුදය, ඊට බලපා ඇති මානව ක්‍රියාකාරකම් සහ ජලය සුරැකීම සඳහා කලහැකි දේ පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සිදුකරනු ලැබීය.

උණුසුමු සුබ පැතුම්..💐ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ භාණ්ඩාගාරික ධූරයට පත්වූ හම්බන්තොට දිස්ත්‍රික් ගොවි සංවිධාන ...
23/02/2026

උණුසුමු සුබ පැතුම්..💐

ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ භාණ්ඩාගාරික ධූරයට පත්වූ හම්බන්තොට දිස්ත්‍රික් ගොවි සංවිධාන බලමණ්ඩලයේ ගරු සභාපති, කිරමඔය-කොංගල්ආර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගරු සභාපති ශ්‍රී විමල මල්දෙණිය මහතාට අපගේ උණුසුම් සුබපැතුම්..🙏

සුවහසක් ගොවි ජනතාව වෙනුවෙන් ගොවි සංවිධාන ක්ෂේත්‍රය යටතේ අමිල මෙහෙවරක් ඉටුකිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි පතමු..

වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුතුමා ඇතුළු කාර්යමණ්ඩලය ~

I've just reached 7K followers! Thank you for continuing support.I could never have made it without each and every one o...
15/02/2026

I've just reached 7K followers!

Thank you for continuing support.

I could never have made it without each and every one of you. 🙏🤗🎉

පසුගිය දිනක සිදුකල ක්ෂේත්‍ර පරීක්ෂණයක් අතරතුර දුර්ලභව පවතින එළ වරා ශාකය ආරක්ෂිතව වවලා ඇති අයුරු දැකීමට ලැබුණා. 🌿විද්‍යාත...
14/02/2026

පසුගිය දිනක සිදුකල ක්ෂේත්‍ර පරීක්ෂණයක් අතරතුර දුර්ලභව පවතින එළ වරා ශාකය ආරක්ෂිතව වවලා ඇති අයුරු දැකීමට ලැබුණා. 🌿

විද්‍යාත්මක නාමය Calotropis gigantea වන එළවරා ශාකය ඉංග්‍රීසියෙන් Crown Flower, Giant Milkweed වැනි නම් වලින් හඳුන්වනවා.

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ වෙදකම් සඳහා ප්‍රසිද්ධ මෙම ශාකය ශරීර වේදනා, සම රෝග සහ විෂ නාශනයට භාවිතා කර ඇත.

🌱 ජෛව විවිධත්වය සුරකිමු –
ඒ අපේ අනාගත පරපුර වෙනුවෙනි...🙏

Address

Wiraketiya

Telephone

+94472246237

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Irrigation Engineer's Office - Weeraketiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Irrigation Engineer's Office - Weeraketiya:

Share