Special Task Force

Special Task Force " නියතයි ජය "
(2)

• ආසියාවේ දක්ෂතම අතුරු හමුදාවක් ලෙස ශ්‍රී ලංකා
පොලිස් විශේෂ කාර්‍ය බලකාය සැලකේ.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් මෙම බලකාය , ප්‍රභූ ආරක්ෂක, මත්ද්‍රව්‍ය නාශක, අපරාධ කල්ලි මැඩලීම, වැනි රාජකාරී සදහා මනා පුහුණුවක් ලබා ඇත.

බේරූට්‌ බේස්‌' වැනසූ විශේෂ කාර්ය බළකායේ ගුවන් මෙහෙයුමමඩකලපුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධානම පෙළේ කොටි කැඳවුර වූ “බේරූම් බේස්‌...
06/19/2026

බේරූට්‌ බේස්‌' වැනසූ විශේෂ කාර්ය බළකායේ ගුවන් මෙහෙයුම

මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධානම පෙළේ කොටි කැඳවුර වූ “බේරූම් බේස්‌” කඳවුර විනාශ කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය දැවැන්ත මෙහෙයුමක්‌ සැළසුම් කළහ. බේරූට්‌ බේස්‌ කඳවුරේ නායකයා වූ කුමාර් අප්පන් විනාශ කර කොක්‌අඩිචෝලේ බලය අත්පත්කර ගැනීම විශේෂ කාර්ය බලකායේ අරමුණ විය.

ඒ 1987 වර්ෂයේ ජනවාරි මස 28 වැනිදා අලුයම් කාලයයි. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියලුම විශේෂ කාර්ය බළකා කඳවුරු අවදියෙන්ය. “ඔපරේෂන් ඩේ බ්‍රේක්‌” බිහිසුණු ක්‍රියාන්විතය ආරම්භ කිරීමට තවත් තිබුණේ සුළු වේලාවකි.

හෙලිකොප්ටර් යානාවලින් ගොස්‌ කොක්‌අඩිචෝලේ “බේරූට්‌ බේස්‌” කඳවුර තුළට ඇතුළු වී ප්‍රහාර එල්ල කරන කණ්‌ඩායම් 4 මුලින්ම මෙහෙයුමට එක්‌වීමට සූදානමින් සිටියහ.

මෙහෙයුමට නායකත්වය දෙන සහකාර පොලිස්‌ අධිකාරි නිමල් ලෙව්කේ, පොලිස්‌ පරීක්‍ෂකවරුන් වූ රංජිත් පෙරේරා, උපාලි සිල්වා ඇතුළු නිලධාරීන් රැඳී සිටියේ කල්අඩි කඳවුරේය.

පොලිස්‌ පරීක්‍ෂක එම්. ආර්. ලතීෆ්, උප පොලිස්‌ පරීක්‍ෂක අනූෂ ප්‍රියන්ත ද අල්විස්‌ ඇතුළු නිලධාරීහු ඌරනිය කඳවුරේ සූදානමින් සිටියහ. ඔවුන් සියලු දෙනා මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත යැමට පිටත්වූයේ අළුයම 4 ට පමණය.

බේරූට්‌ බේස්‌ කඳවුරට මුලින්ම ඇතුළුවීමට නියමිතව සිටියේ ලතීෆ් ප්‍රමුඛ නිලධාරින්ය. ඌරනිය කඳවුරෙන් පිටවීමට ගිය උප පොලිස්‌ පරීක්‍ෂක අනූෂ ප්‍රියන්ත ද අල්විස්‌ ආපසු හැරී තම සගයන් සිටි බිලට්‌ටුව වෙත දිව ගියේය. අල්විස්‌ දුටු මිතුරෝ පුදුමයට පත් වූහ.

මචං……….මේ අල්විස්‌ගේ මුහුණ ආයෙ උඹලට දකින්න ලැබෙයිද දන්නෙ නැහැ. ඒ නිසා අන්තිම වතාවට මගේ මුහුණ හොඳට බලා ගනිල්ලා……

සිය මිතුරන්ගෙන් සමුගත් අල්විස්‌ ඌරනිය කඳවුරෙන් පිටව යන සිය සගයන්ට එක්‌ වූවේය.

ඌරනිය සහ කල්අඩි කඳවුරෙන් පිටත්වූ නිලධාරීහු මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත එද්දී හෙලිකොප්ටර් යානා දෙකක්‌ මෙහෙයුමට සූදානම් කර තිබිණි.

එවකට ගුවන් හමුදාවේ සිටි දක්‍ෂ ගුවන් නියමුවන් වූ රොෂාන් ගුණතිලක (වර්තමානයේ මාණ්‌ඩලික ප්‍රධානී), නාමල් ප්‍රනාන්දු (වර්තමානයේ ශ්‍රිලංකන් ගුවන් සේවයේ රාජකාරි කරයි.) එක්‌ හෙලිකොප්ටර් යානයකත් රමේෂ් මෙන්ඩිස්‌ සහ ප්‍රේමචන්දා අනෙක්‌ යානයත් රැගෙන යැමට සූදානම්ව සිටියහ.

ලතීෆ්, ප්‍රියන්තද අල්විස්‌ ප්‍රමුඛ නිලධාරීන් දස දෙනකු රැගත් හෙලිකොප්ටර් යානය කොක්‌අඩිචෝලේ කොටි කඳවුර ඉහළ අහසේ පියාසර කරන්නට විය.

ඝන අන්ධකාරය තවමත් පහව ගොස්‌ නැත. ඒවනවිට මහා වර්ෂාවක්‌ද ඇද හැලෙමින් තිබිණි. දැඩි වර්ෂාවත් ඝන අන්ධකාරයත් ආශිර්වාදයක්‌ කර ගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු කොටි කඳවුර වෙත කඩාපනින්නට සූදානම් වූහ. දැඩි වර්ෂාව නිසා යානය පහළට ගෙන ඒම දුෂ්කර විය. අඩි 25 ක්‌ 30 ක්‌ ඉහළ අහසේ සිට බිමට පනින ලෙස විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට උපදෙස්‌ ලැබිණි. හෙලිකොප්ටර් යානය කොක්‌අඩිචෝලේ කොටි කඳවුර අසල විශාල කුඹුරු යායකට පහත් කරද්දී ලතීෆ් ඇතුළු නිලධාරීහු ඉන් බිමට පනින්නට වූහ.

ජලයෙන් පිරී ගිය කුඹුරට වැටුණු විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු මඩ ගොඩේ බඩගාමීන් ගොස්‌ එක්‌තරා ස්‌ථානයකදී එකතු වූහ. මෙහෙයුම ක්‍රියාත්මක කරගෙන යායුතු ආකාරය පිළිබඳව ලතීෆ් සිය සහෝදර නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය.

“බේරූට්‌ බේස්‌” කොටි කඳවුර මායිමට තමන් පැමිණ සිටින බව ලතීෆ් හෝ සෙසු නිලධාරීන් දැන සිටියේ නැත.

මනල්පිටිය හන්දියට අපි යන්න ඕනේ. හැමෝම හොඳ අවධානයෙන් ඉන්න කොයි වෙලාවක හරි කොටි ඇටෑක්‌ කරන්න පුළුවන්……. ලතීෆ් සිය සගයන්ට කීවේය.

විශේෂ කාර්ය බළකායේ අභීත නිලධාරීහු ඝන අන්ධකාරය මැදින් ඉදිරියට ඇදෙන්නට වූහ.

මේ අතර නිමල් ලෙව්කේ ඇතුළු නිලධාරීහු කොක්‌අඩිචෝලේ අම්බලන්තුරේ ප්‍රදේශය වෙත ගුවනින් පැමිණ මඩවගුරකට පැන ස්‌ථාන ගතව සිටියහ.

රංජිත් පෙරේරා ප්‍රමුඛ අනෙක්‌ කණ්‌ඩායම මනල්පිටිය හන්දියට කිලෝමීටර් 2 ක්‌ පමණ දුරින් වූ ස්‌ථානයකදී හෙලිකොප්ටර් යානාවෙන් පැන ස්‌ථාන ගත වූයේ ප්‍රහාරය සඳහා නියෝග ලැබෙනතුරුය.

හිරු උදාවන්නට පෙර කොක්‌අඩිචෝලේ බේරූට්‌ බේස්‌ කඳවුර වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගවල බලය සියතට ගැනීම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ අරමුණ වී තිබිණි. නිලධාරින් උත්සාහ කළේ ත්‍රස්‌තවාදීන්ට නොදැනෙන්නට කොටි කඳවුර භූමිය ආක්‍රමණය කිරීමටය.

එහෙත් අවස්‌ථා හතරකදී හෙලිකොප්ටර් යානා කඳවුරු භූමිය ඉහළ අහසේ පියාසර කිරීම පිළිබඳව ත්‍රස්‌තවාදීහු විමසිලිමත් වූහ.

විශේෂ කාර්ය බළකාය තමන් වෙත හදිසි ප්‍රහාරයක්‌ එල්ල කිරීමට උත්සාහ කරන බව තේරුම්ගත් කොටි ත්‍රස්‌තවාදීහු හොර රහසේම කඳවුර වටා වූ ආරක්‍ෂිත ස්‌ථාන වෙත ගොස්‌ සූදානමින් සිටියහ. මේ බව විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු දැන සිටියේ නැත.

ගුවන් මෙහෙයුම මේ ආකාරයට ක්‍රියාත්මක වෙද්දී වව්නතිව් විශේෂ කාර්ය බළකා කඳවුරෙන් පිටත් වූ පොලිස්‌ පරීක්‍ෂක කේ. යූ. ප්‍රනාන්දු, උප පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර ඇතුළු නිලධාරීහු පාගමනින්ම කොක්‌අඩිචෝලේ කඳවුර වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙමින් සිටියහ.

සහකාර පොලිස්‌ අධිකාරි රොහාන් අබේවර්ධන, පොලිස්‌ පරීක්‍ෂක මහේෂ් වැලිකන්න (ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රාජ්‍ය බුද්ධි තොරතුරු), ඩබ්ලිව්. ඡේ. ජාගොඩආරච්චි (ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අධ්‍යක්‍ෂ ජනාධිපති ආරක්‍ෂක අංශය), රොහාන් සිල්වා ප්‍රමුඛ තවත් නිලධාරීහු කණ්‌ඩායමක්‌ කලවන්චිකුඩි කඳවුරෙන් පිටත්ව ඉදිරියට ගමන් කරන්නට වූහ.

ගුවනින් ගිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කොටි කඳවුරට ප්‍රහාර එල්ල කර එහි බලය අත්පත් කර ගනිද්දී ඔවුන්ගේ සහායට මෙම නිලධාරීහු පිරිස භූමිය ඔස්‌සේ පැමිණීමට නියමිතව සිටියහ. කොටි කඳවුර අත්පත්කර ගැනීමෙන් පසු එහි විශේෂ කාර්ය බළකායේ කඳවුරු පිහිටු වීමට සැලසුම් විය. නිලධාරීන්ට සතියකට පමණ අවශ්‍ය ආහාරපාන, ජලය සහ අවි ආයුධ සියල්ල රැගෙන යනු ලැබුවේ භූමිය ඔස්‌සේ ඉදිරියට ඇදුණු නිලධාරීන් විසින්ය. භූමිය ඔස්‌සේ පැමිණි නිලධාරීහු බෆල් රථවලින්ද සන්නද්ධව සිටියහ.

කොටි ත්‍රස්‌තවාදීන් මාර්ගයේ තැනින් තැන බිම් බෝම්බ අටවා තිබෙන නිසා බෆල් රථවල නිලධාරීන් සිව්දෙනකුට වඩා ගමන් නොකරන ලෙස උපදෙස්‌ ලැබී තිබිණි. එසේ කරනු ලැබුවේ බµල් රථයක්‌ බිම් බෝම්බයකට හසුවුවොත් සිදුවිය හැකි ජීවිත හානි අවම කිරීමටය.

එම්. ආර්. ලතීෆ් ඇතුළු නිලධාරිහු කුඹුරුයාය හරහා ගොස්‌ බොරලුපාරකට අවතීර්ණ වූහ. පසුව ඔවුන් මනල්පිටිය හන්දිය දෙසට ගමන් කරමින් සිටියහ. අඩි 10 ක පමණ පළලින් යුක්‌ත වූ මාර්ගයේ වම් පැත්තේ ඉදිරියෙන් අල්විස්‌ ගමන් කරමින් සිටි අතර දකුණු පස ලතීෆ් ගමන් කරමින් සිටියේය. ඔවුන්ට වැඩිදුරටක්‌ ඉදිරියට යැමට ඉඩ ලැබුණේ නැත. සැඟවී සිටි කොටි ත්‍රස්‌තවාදීහු අනපේක්‍ෂිත ප්‍රහාරයක්‌ එල්ල කරන්නට වූහ. තොරතෝංචියක්‌ නොමැතිව එල්ල වූ එල්. එම්. ජී. වෙඩි හඬින් මුළු කොක්‌අඩිචෝලේ ප්‍රදේශයම දෙදරුම් කන්නට විය.

ඩවුන්…………ඩවුන්……… ලතීෆ් සිය සගයන්ට කෑගසන්නට වූවේය. ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීහු පිරිස බිම දිගා වෙමින් ප්‍රතිප්‍රහාරයකට සූදානම් වූහ. ලතීෆ්ට පිටුපසින් සිටියේ කොස්‌තාපල් (6300) සිරිවර්ධනය. එල්. එම්. ජී. වෙඩි ප්‍රහාරයක්‌ ඔහු පැළඳ සිටි දකුණු අතේ සුදු යකඩ වළල්ල වෙත වැදී තිබිණි. වළල්ලට වැදුණු වෙඩි උණ්‌ඩය ලිස්‌සා ගොස්‌ ඔහුගේ දකුණු අත තුවාල විය. පණිවුඩ හුවමාරු කට්‌ටලය භාරව සිටි නිලධාරියා සිටියේ පිටුපසින්ය. ඉදිරියෙන් ගමන් කරමින් සිටි ලතීෆ් වෙඩි ප්‍රහාරයට ලක්‌වූ බව සිතූ ඔහු පණිවුඩ හුවමාරු යන්ත්‍ර හරහා ඒ බව දැනුම් දුන්නේය. යුද බිමේදී ලතීෆ් හැඳින්වූයේ මයික්‌ යන රහස්‍ය නාමයෙන්ය.

“මයික්‌ සන්රේ අවුට්‌” යනුවෙන් රහස්‍ය වචන භාවිත කරමින් ප්‍රහාරය පිළිබඳව අනෙක්‌ කණ්‌ඩායම්වලට දැනුම් දුන්නේය.

සිය සගයා වැරැදි පණිවුඩයක්‌ දුන් බව දැනගත් ලතීෆ් කෑගැසුවේය.

මට වෙඩි වැදුණෙ නැහැ. මම හොඳින් ඉන්නවා. පණිවුඩය නිවැරැදි කරන්න.

එහෙත් ඒ වනවිට පණිවුඩය විශේෂ කාර්ය බළකායේ සෙසු කණ්‌ඩායම් වෙත ලැබී තිබිණි. ලතීෆ් වෙඩි ප්‍රහාරයකට ලක්‌වූ බව සැලවීමත් සමගම ඔවුහු කලබල වූහ.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රැගෙන ආ පණිවුඩ හුවමාරු යන්ත්‍ර අක්‍රියකිරීමේ තාක්‍ෂණයක්‌ කොටි ත්‍රස්‌තවාදීන් සතු විය. සැණෙකින් ක්‍රියාත්මක ත්‍රස්‌තවාදීහු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සතු පණිවුඩ හුවමාරු යන්ත්‍ර අක්‍රිය කිරීමට කටයුතු කළහ.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ඉන් බරපතළ ගැටලුවකට මුහුණපෑහ. වාසනාවකට ඔවුන් සතු මෝටර් රෝලා යන්ත්‍රය පමණක්‌ ක්‍රියාත්මක වෙමින් තිබිණි.

සැඟවී සිටින කොටි ත්‍රස්‌තයෝ නොනවත්වාම වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටියහ. ඉදිරියෙන් බිම වැතිර සිටි අනූෂ ප්‍රියන්ත ද අල්විස්‌ හිස ඔසවා පිටුපස බැලුවේ ලතීෆ් වෙඩි ප්‍රහාරයකට ලක්‌වී ඇද්දැයි සැකහැර ගැනීමටය.

ඒ බව දුටු ලතීෆ් තමන් නිරුපද්‍රිතව සිටින බව කියමින් ඔහුට අතින් සංඥ කළේය. ඒ සමඟම අල්විස්‌ගේ හිස එකවරම කඩා වැටුණු බවත් ලතීෆ් දුටුවේය. ලතීෆ් සිය සගයාගේ නම කියා කිහිපවරක්‌ම කෑගැහුවද පිළිතුරක්‌ නැත.

අල්විස්‌ වෙඩි ප්‍රහාරයකට ලක්‌වූ බව තේරුම් ගත් ලතීෆ් කලබලයෙන් ඉදිරියට යැමට උත්සාහ කළේය. ලතීෆ්ට පිටුපසින් සිටි සැරයන් සිරිවර්ධන කෑගැසුවේය.

සර් නැගිටින්න එපා, උන් දිගටම ගහනවා. එහෙත් තුවාල ලබා සිටින සිය සගයා අසලට කෙසේ හෝ යා යුතු විය. ලතීෆ් තමන් සතුව තිබූ දුම් බෝම්බ දෙකක්‌ එල්ල කළේය. මුළු ප්‍රදේශයම දුමින් වැසී යද්දී නැගී සිටි ලතීෆ් සිය ජීවිතය ගැන පවා ආශාවන් අත්හැර සගයා වැටී සිටි ස්‌ථානය වෙත දිව ගියේය.
අල්විස්‌………අල්විස්‌……… කතා කරන්න මම ඔයා ළඟ ඉන්නේ.

ලතීෆ් සිය සගයාගේ සිරුර සොලවමින් කෑගසයි. එහෙත් අල්විස්‌ නිසොල්මන්ය. අල්විස්‌ගේ හිස එසවූ ලතීෆ් ඔහු පැළඳ සිටි හෙල්මට්‌ටුව ගැලවුවේය. ඔහුගේ හිස රුධිරයෙන් නැහැවී ගොසින්ය. අල්විස්‌ මොනවාදොa කීමට උත්සාහ කරයි. එහෙත් ඔහුගේ මුවින් වචන පිටවෙන්නේ නැත.

ලතීෆ් ඔහුගේ හිස ප්‍රදේශය පරික්‍ෂා කර බැලුවේය. හිස පැත්තකට එල්ල වූ වෙඩි ප්‍රහාරයක්‌ අනෙක්‌ පසින් පිටවී ගොස්‌ තිබෙනු දුටු ලතීෆ් දැඩි කම්පනයට පත් වූවේය. ඔහු ඒ බව පෙන්නුවේ නැත. ඔයා කිසිදේකට බය වෙන්න එපා මම ඔයාව කොහොම හරි බේරගන්නවා.

ලතීෆ් සිය සගයා අස්‌වසාලන්නට උත්සාහ කළේය. දරාගත නොහැකි වේදනාවකින් සිටියද අල්විස්‌ ඒ වේදනාව යටපත් කරගෙන ලතීෆ් දෙස බලා යන්තමින් සිනා වූයේය. අල්විස්‌ පැළඳසිටියේ එවකට රුපියල් ලක්‍ෂයක්‌ වටිනාකමින් යුත් හෙල්මට්‌ටුවකි. එය වෙඩි නොවදිනා එකක්‌ විය. එහෙත් අල්විස්‌ගේ හිස පසාරු කරගෙන වෙඩිඋණ්‌ඩය වැදුනේ කෙසේද.

අල්විස්‌ සිය ගෙලබැඳි රන්මාලය අත ගා බලා එය ලතීෆ්ට පෙන්නුවේය. එහි “අනූෂ” යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියූ පෙන්ඩනයක්‌ විය. ලතීෆ් අල්විස්‌ගේ කරබැඳි මාලය ගලවා ගත්තේ පසුව ඔහුට එය නැවත ලබාදෙන බලාපොරොත්තු ඇතිවය.

අල්විස්‌ගේ හිස එකවරම ඉදිමෙන්නට විය. විටින් විට ඔහු මුව විවර කරයි. තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙන බව ලතීෆ් තේරුම් ගත්තේය.

චොපර් එකකට ඉක්‌මනට එන්න කියන්න. අපි කොහොම හරි අල්විස්‌ව හොස්‌පිට්‌ල් එකට යවන්න ඕනෙ.

ලතීෆ් කෑගැහුවේය. ක්‍රියාත්මක වෙමින් තිබූ මෝටර්රෝලා යන්ත්‍රය මාර්ගයෙන් කල්අඩි කඳවුරට කතා කළ නිලධාරියකු ඇතිවී තිබෙන තත්ත්වය දැනුම් දුන්නේය.

ත්‍රස්‌තවාදීන්ගේ වෙඩිතැබීම නොනවත්වා සිදුවෙයි. විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ද ඊට සාර්ථකව මුහුණ දෙමින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියහ.

සුළු වේලාවක්‌ ගතවෙද්දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක්‌ කොක්‌අඩිචෝලේ කොටි කඳවුරට ඉහළ අහසේ සැරිසරන්නට විය. වෙඩි වැදී තුවාල ලබා සිටින අල්විස්‌ රැගෙන යැම ඔවුන්ගේ අරමුණ වී තිබිණි.

ලතීෆ් ඇතුළු කණ්‌ඩායම ස්‌ථාන ගතව සිටි ස්‌ථානය දෙසට හෙලිකොප්ටර් යානය පහත් කරද්දී ත්‍රස්‌තවාදීහු ඊට ප්‍රහාර එල්ල කරන්නට වූහ.

වෙඩි ප්‍රහාර කීපයක්‌ හෙලිකොප්ටර් යානය වෙත එල්ල වූයේ කවුරුත් නොසිතූ අවස්‌ථාවකය. තත්ත්වය ඉතාම අනාරක්‍ෂිත බව තේරුම් ගත් හෙලිකොප්ටර් යානයේ සිටි නියමුවන් එක්‌වරම නැවත ඉහළට ගමන් කළේ ලතීෆ් ඇතුළු සගයන්ගේ බලාපොරොත්තු සුන් කර දමමින්ය.

අපි දැන් මොකද කරන්නේ අල්විස්‌ට මෙතන මැරෙන්න දෙන්න බැහැ. කොහොම හරි එයාව බේරගන්න ඕනේ.

ලතීෆ් ඇතුළු නිලධාරීහු ඒ වනවිට දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියහ. දැවැන්ත වෙඩි බලයක්‌ යොදාගනිමින් කොටි ත්‍රස්‌තවාදීහු නොනවත්වාම ප්‍රහාර එල්ල කරති. ජීවිත පිළිබඳ තිබූ සියලු ආශාවන් ඔවුහු අතහැර දමා සිටියහ.

අම්බලන්තුරේ මංසන්ධියේ ස්‌ථානගතවී සිටි සහකාර පොලිස්‌ අධිකාරි නිමල් ලෙව්කේ ඇතුළු නිලධාරීහු ඒ වනවිට ප්‍රහාර එල්ල කරමින් සිය සගයන් අනතුරට පත්ව සිටින ස්‌ථානය වෙත ළඟාවීමට දැඩි උත්සාහයක නිරතව සිටියහ.

ත්‍රස්‌තවාදීහු දැඩි වෙඩි බලයක්‌ යොදාගනිමින් ඔවුන් වෙත නොනවත්වා ප්‍රහාර එල්ල කරමින් සිටි නිසා ලෙව්කේ ප්‍රමුඛ නිලධාරීන්ට ඉදිරියට ගමන් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය.

මේ අතර රංජිත් පෙරේරා ප්‍රමුඛ නිලධාරීන්ට ද ඇතිවී තිබෙන තත්ත්වය සැලවී තිබිණි. ඔවුන් ලතීෆ් ඇතුළු පිරිස ස්‌ථානගතවී සිටි ස්‌ථානයට සෑහෙන දුරකින් සිටීම නිසා එහි ළඟාවීම ඉතාම අපහසු විය. සහායක කණ්‌ඩායම් පැමිණෙනතුරු ලතීෆ් ඇතුළු නිලධාරීහු පිරිස මරාන්තික සටනක නිරතව සිටියහ. ඔවුන්ගේ මූලිකව අරමුණ වී තිබුණේ තුවාල ලබා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් සිටි අල්විස්‌ කෙසේ හෝ ප්‍රතිකාර සඳහා පිටත් කර යෑවීමටය.

තම මුහුණ අවසන් වතාවට බලා ගන්නා ලෙස අල්විස්‌ සිය සගයන්ට කියූ ආකාරය මෙහෙයුමේ සිටි අනෙක්‌ නිලධාරීන්ගේ සිත්වල හොල්මන් කරන්නට විය.

කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයේ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ 1981 වර්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ අනූෂ ප්‍රියන්ත ද අල්විස්‌ය. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ඔහු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙස සේවයට එක්‌වූයේ දිගුගමනක්‌ යැමේ අරමුණු ඇතිවය.

එහෙත් දෛවය ඔහුට හරස්‌ වූවේය. ජීවිතයත් මරණයත් අතර මාරාන්තික සටනක නිරතව සිටි අල්විස්‌ ප්‍රතිකාර සඳහා යෑවීමට ක්‍රමයක්‌ සොයමින් ලතීෆ් ඇතුළු පිරිස බරපතළ ප්‍රශ්නයකට මැදිව සිටියහ.

ඒ අතර කොක්‌අඩිචෝලේ ප්‍රදේශයෙන් එකවරම බෆල් රථයක්‌ මතුවනු දුටු ලතීෆ් ඇතුළු නිලධාරීන් පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිනා ගියහ.

මහේෂ් වැලිකන්න ඇතුළු නිලධාරීහු දිවි පරදුවට තබමින් කොටි කඳවුරු වෙත නොකඩවාම ප්‍රහාර එල්ල කරමින් ලතීෆ් ඇතුළු පිරිස රැඳී සිටි ස්‌ථානය වෙත එමින් සිටියහ.

මානසික මට්‌ටමෙන් පතුලටම වැටී සිටි ලතීෆ් ඇතුළු නිලධාරීහු නව ජවයක්‌ ඇතිව ත්‍රස්‌තවාදීන් වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ.

උපුටා ගැනීමකි ©- October 28, 2012 by lrrp

#නැගෙනහිරstf #නියතයිජය

• කැපවීම ඔබව විශිෂ්ඨයකු කරවයි 🇱🇰🇱🇰🇱🇰 #නියතයිජය
06/18/2026

• කැපවීම ඔබව විශිෂ්ඨයකු කරවයි 🇱🇰🇱🇰🇱🇰

#නියතයිජය

• මගේ සේවා කාලයේ අවසන් සමය ගතවුනේ මන්නාරම උයිලන්කුලම් නානාට්ටාන් මාවතේ පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරේය.                 ...
06/18/2026

• මගේ සේවා කාලයේ අවසන් සමය ගතවුනේ මන්නාරම උයිලන්කුලම් නානාට්ටාන් මාවතේ පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරේය.
අප කඳවුරු ලෑ පෙදෙස සූර්යකඩ්ඩකාඩු (SOORYAKADDAIKADU) නමින් හැඳින්විණි.මන්නාරමේ යෝධ වැවෙන් පෝෂණය වූ මෙම පෙදෙස සෑහෙන තරමින් ජනාකීර්ණ තත්වයක පැවතුණි.මෙම පෙදෙසේ සිට මැදවච්චිය මන්නාරම ප්‍රධාන මාවතේ වූ පොලිස් මුරපොලවලට සහ වාහන වලට නිතරම කොටි සාමාජිකයන්ගේ ප්‍රහාරයන් එල්ල වෙන නිසා විශේෂ කාර්ය බලකාය ක්ෂණිකව දියත් කල මෙහෙයුමකින් පසු ප්‍රදේශය අත්පත් කරගත් අතර සූර්යකඩ්ඩකාඩු පෙදෙසේ සහ නානට්ටාන් පෙදෙසේ කඳවුරු දෙකක් ස්ථාපනය කරන ලදී.
ගරා වැටුණු විවිධ සේවා සමුපකාර සමිති ගොඩනැගිලි වල අපගේ කඳවුර ආරම්භ කළෙමු.ප්‍රදේශයේ ජනතාවගෙන් බහුතරය ද්‍රවිඪ කතෝලිකයන් විය.අභ්‍යන්තරිකව කුමන මතවාදයන් දැරුවා වියහැකිව වුවත් ඔවුහු අප කෙරෙහි සුහදශීලී ආකල්පයක් දැරූහ.අපගේ ප්‍රතිචාරයද එලෙසම විය.
අපගේ කඳවුර ආසන්නයේම නිවසක් තිබූ අතර අනෙකුත් නිවාස පිහිටියේ කඳවුරට මුහුණලා මාවතෙන් අනිත් පැත්තේය.එවක මෙම පෙදෙසට විදුළි බලය නොතිබුණි.
දිනක අප කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක සංජීව සිල්වා මහතා,අසල්වැසි නිවසේ ගෙහිමි කාන්තාව අමතා ප්‍රකාශ කලේ කඳවුරේ විදුළි ජනන යන්ත්‍රයෙන් ඇයගේ නිවසට විදුළිබලය ලබා දිය හැකි බවයි.ඇය එකවරම බෙහෙවින් සතුටට පත්වූ බව පෙනුනද මොහොතකට පසු පැවසුවේ තමන්ට පමණක් විදුළිබලය ලැබීම තුල කොටි සංවිධානයෙන් උපද්‍රව සිදුවිය හැකි බවත් හැකිනම් අවට නිවෙස් කිහිපයටම විදුළි බලය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියාය.
ඇගේ ඉල්ලීම බෙහෙවින් සාධාරණ එකක් බව පිළිගතිමු.අවට නිවෙස් වල හිමිකරුවන්ගෙන් විමැසූ විට ඔවුන් බෙහෙවින් ප්‍රීතියට පත්විය.මගේ මතකයේ ඇති අන්දමට කඳවුර අවට ඇති නිවෙස් 6 කට පමණ විදුලි බලය සැපයුයෙමු.මෙහිදී විදුලි බලය යනුවෙන් අදහස් කලේ එක නිවෙසකට විදුළි බුබුළු තුනකින් ආලෝකය සැපයීම බව කිවයුතුය.නිවාස වයර් කිරීම ඇතුළු සියලු කටයුතු කෙරුනේ අපගේ සාමාජිකයන් අතිනි..
විදුලි බුබුළු තුන ස්ථානගත කිරීම නිවැසියන්ගේ කැමැත්ත පරිදි සිදුවිය.මෙය කියවන කෙනෙකුට මෙම සිදුවීමේ එතරම් වැදගත් කමක් නොදැනෙන්නට වුවත් හැකිය.
නමුත් කිසිදිනක විදුළිබලය නොතිබුණු සහ එය ලැබේයැයි බලාපොරොත්තුවක්ද නොතිබුණ පිරිසකට එහි මහත් වටිනාකමක් තියෙන්නට ඇත....
වර්තමානයේ නිවැරදිවම නිශ්චය කල නොහැකි වුවත් මෙම සේයාරුවෙන් දැක්වෙන්නේ එකල අපගේ කඳවුර පිහිටි පෙදෙසේ ගූගල් ජායාරූපයකි.

විශ්‍රාමික පොලිස් පරීක්ෂක චමින් ජයසේන මහතාගෙන් උපුටා ගැනීමකි

• එකල යුද සමයේ ප්‍රහාරවලින් තුවාල ලබා රෝහල් ගතකල අපේ නිළධාරීන්  🇱🇰🇱🇰🇱🇰 #නියතයිජය           Photo © google
06/18/2026

• එකල යුද සමයේ ප්‍රහාරවලින් තුවාල ලබා රෝහල් ගතකල අපේ නිළධාරීන් 🇱🇰🇱🇰🇱🇰

#නියතයිජය

Photo © google

° ඔබ කියවිය යුතුම ජනපතිව රැකගත් STF මෙහෙයුම1992 වසරේ අග භාගයේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් අක්කරෙයිපත්තුව නගරයේ ඇඟලුම් කම්...
06/18/2026

° ඔබ කියවිය යුතුම ජනපතිව රැකගත් STF මෙහෙයුම

1992 වසරේ අග භාගයේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් අක්කරෙයිපත්තුව නගරයේ ඇඟලුම් කම්හලක් විවෘත කිරීමේ උත්සවයකට එවකට ජනාධිපතිවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවීමට නියමිතව සිටියේය. ඒ වකවානුව වන විට ඒ ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රචණ්ඩ ක්‍රියා බහුල වශයෙන් සිදු කරමින් තිබිණි.

මායිම් ගම්මානවලට හිටි හැටියේ කඩා වැදී අහිංසක මිනිසුන් බුරුතු පිටින් මරා දැමීමට හා ආරක්ෂක අංශවලට සැඟවී සිට ප්‍රහාර එල්ල කිරීම එල්.ටී.ටී.ඊ. ය විසින් සිදු කරගෙන ගිය නිසා ඒ පළාතේ තිබුණේ දැඩි අනාරක්ෂිත බවකි.

​ෙප්‍ර්මදාස මහතා මෙම උත්සව අවස්ථාවට පැමිණි පසු එල්.ටී.ටී.ඊ. ය ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරුවලින් ද සනාථ විය.

මෙවැනි තත්ත්වයක් යටතේ ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට ප්‍රේමදාස මහතාගේ පැමිණීම ඔහුගේ ජීවිතයට බලවත් තර්ජනයක් බව පැහැදිලිවම පෙනී ගිය නිසා ඒ ගමන වැළැක්වීමට බලධාරීන් උත්සාහ කර ඇත.

අක්කරෙයිපත්තුව නගරයේ ඉදිකළ ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණීම නවතා දැමීමට කොතරම් උත්සාහ කර ඇතත් ප්‍රේමදාස මහතාගේ තීරණය වෙනස් කිරීමට බලධාරීන්ට හැකියාව ලැබී නොමැත.

ජනතාවාදී ජනනායකයෙකු වූ ආර්. ප්‍රේමදාස මහතා තමාගේ ජීවිතය ගැන නොතකා පොදු ජන මෙහෙවරේ නිරතව සිටි දේශපාලනඥයෙකු ලෙස ප්‍රසිද්ධිව සිටියේය.

එල්.ටී.ටී.ඊ. එකට මගේ පොදු ජන මෙහෙවර නවත්වන්න බැහැ. යැයි ප්‍රේමදාස මහතාගේ ගමන නැවැත්වීමට කතා කළ රජයේ බලධාරීන්ට පවසා ඇති බව කියති.
ආරක්ෂක අංශවල උසස් නිලධාරීන්ට ලැබී තිබුණු බුද්ධි තොරතුරුවලින් කිය වී තිබී ඇත්තේ කංචිකුඩිච්චිආරු මහ කැලෑවේ සිට ප්‍රේ‍මදාස මහතා සහභාගි වන උත්සවයට බර අවි යොදාගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සැලසුම් කර ඇති බවටය.

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට අනිවාර්​ෙ‌යන්ම සහභාගි වන නිසා මෙම එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාර සැලසුම් ව්‍යර්ථ කිරීමට උසස් ආරක්ෂක අංශ නිලධාරීන් තීරණය කළහ.

ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට ප්‍රේමදාස මහතා පැමිණී​ෙමන් පසු එල්ල විය හැකි එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය ව්‍යර්ථ කිරීමේ භාරදූර වගකීම පවරා ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය වෙතය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ එවකට අණ දෙන නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේකර මහතාගේ නියෝගයක් මත ලැබී තිබුණ බුද්ධි තොරතුරු මත එල්.ටී.ටී.ඊ. ප්‍රහාර සැලසුම් ව්‍යර්ථ කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරී ඇත.

එල්.ටී.ටී.ඊ. යේ මෙම සැලසුම ව්‍යර්ථ කිරීමට කංචිකුඩිච්චිආරු මහා කැලෑවේ මෙහෙයුමකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් යොදවා ඇත.

මේ කණ්ඩායමට අම්පාර සංගමන්කන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණ දෙන නිලධාරියා වශයෙන් රාජකාරි කළ පොලිස් පරීක්ෂක ලාසිලාන් අසන් මහතා ද ඇතුළත්ව සිටියේය.

අසන් මහතා පසුකාලීනව පොලිස් අධිකාරි නිලයට උසස් වීම් ලබා මේ වන විට විශ්‍රාම ලබා සිටී.

මීට වසර 27 කට පමණ පෙර සිදු කළ එ් මෙහෙයුම ගැන විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිලාන් අසන් මහතා මතකය අවදි කළේ මේ අන්දමිනි.

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ඇඟලුම් කම්හල් පිහිටුවීමේ හා ඔරලෝසු කණු සෑදීමේ දීපව්‍යාප්ත සංක්ලපය යටතේ අක්කරෙයිපත්තුව නගරයේ ඉදිකර තිබුණු ඇඟලුම් කම්හලක් හා ඔරලෝසු කණුවක් විවෘත කිරීමේ උත්සවයකට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතව තිබුණ ඒ 1992 වසරේ අගභාගයේ දවසක කංචිකුඩිච්චිආරු මහ කැලෑවේ සිට බර අවි යොදාගෙන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ද බුද්ධි තොරතුරු ලැබී තිබුණි.

එල්.ටී.ටී.ඊ.යේ මෙම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට බාර දී තිබුණේ එවකට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේකර මහත්තයාට. කරුණාසේකර මහතා ලබා දුන් නියෝගයක් අනුව එල්ල විය හැකි ​ෙමම ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සැලසුම් සකස් කළා. ප්‍රේමදාස මහත්තයා එන්න කලින් දවස් පහක් පුරා කංචිකුඩිච්චිආරු කැලෑවේ මෙහෙයුමක් සිදුකිරීමට තමා සැලසුම් කළේ.

ඒ වෙන කොට මම අම්පාර සංගමන්කන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙස රාජකාරි කරමින් සිටියා. මා ඇතුළු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දින පහකට විතර සෑහෙන්න කෑම බීමත් අරගෙන කංචිකුඩිච්චි ආරු කැලෑවට ඇතුළු වුණා. කිලෝ මීටර් 15 ක් පමණ දුර කැලෑව ඇතුළට ගියා.

කණ්ඩායමේ නායකයාව සිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස රත්නායක මහත්තයායි.

ඊට පස්සේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30 දෙනා කුඩා කණ්ඩායම් වශයෙන් බෙදුවා. මේ කුඩා කණ්ඩායම් කැලෑව ඇතුළේ ත්‍රස්තවාදීන් සොයා මෙහෙයුම් ආරම්භ කළා. මෙම කුඩා කණ්ඩායම් කැලෑව තුළට වරින් වර මෝටාර් හා ග්‍රෙනේඩ් ලෝන්චර් අවිවලින් ත්‍රස්තවාදී ගැවසෙන මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කළා. දින තුනක් විදිහට කංචිකුඩිච්චි ආරු මහ කැලෑවේ මෙහෙයුම් සිදු කළා. ත්‍රස්තවාදීන්ගෙන් අපට ඒ දින තුනක පමණ කාලය තුළ කිසිම ප්‍රතිප්‍රහාරයක් එල්ල වුණේ නැහැ.

අපේ කණ්ඩායමේ නායකයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස රත්නායක මහත්තයා කිව්වා තවදුරටත් මහ කැලෑවේ රැඳී සිටීමෙන් පළක් නොවන නිසා අක්කරෙයිපත්තු පොතුවිල් මාර්ගයේ කිලෝ මීටර් දෙකක් පමණ වන්නට ඇති තංගවේලායුදපුරම් ගමට යමු කියා. ඒ අනුව අපි කණ්ඩායමම ඒ ගමට ගියා තංගවේලායුද පුරම් ගමට යමු කිය​ා. ගමේ අත හැර දමා තිබූ පාසල් ගොඩනැගිල්ලක් තිබුණා. අපි ඒ පාසල් ගොඩනැගිල්ලේ කඳවුරු බැඳ ගත්තා.

තංගවේලායුද පුරම් ගමේ පසල් ගොඩනැගිල්ලේ කඳවුරු බැඳ ගෙන සිටියදී ත්‍රස්තවාදීන් පාසල් ගොඩනැගිල්ල වට කර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් අන්දමන්ද කරමිනි.

ඒ බිහිසුණු එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය ගැන විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතා කිව්වේ මෙවැනි කතාවකි.

දවස් තුනක් තිස්සේ එක දිගටම පැලැඳ සිටි බූට් සපත්තු යකඩ හිස් වැසුම් ගලවා දමා අපි පාසල් ගොඩනැගිල්ලේ බිම දිගා වී විඩා නිවමින් සිටියා. ගොඩනැගිල්ල අවට තෝරා ගත් ස්ථාන කිහිපයක නිලධාරීන් කිහිප දෙනෙක් යොදවා ආරක්ෂාවක් ද සපයා ගෙන තිබුණා.

අපට වැඩි වේලාවක් විඩා නිවන්නට ලැබුණෙ නැහැ. පාසල් ගොඩනැගිල්ල පිටුපසින් එක දිගටම වෙඩි හඬ ඇ​ෙසන්න පටන් ගත්තා. එය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් බව තේරුම් ගන්න අපට වැඩි වේලාවක් ගත වූයේ නැහැ. අයට යකඩ හෙල්මට් හෝ බූට් සපත්තු දා ගන්නවත් වේලාවක් තිබුණේ නැහැ. වෙපන් අතර අරගෙන වෙඩි ප්‍රහාරය එල්ල වූ දෙසට දිවගොස් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා. කොටි ත්‍රස්තවාදීන්ද එක දිගටම ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා. කොටි ත්‍රස්තවාදීන්ද එක දිගට ප්‍රහාර එල්ල කරනවා. අපි හිටියේ එළිමහනේ භූමියක. අප බිම දිගා වී ප්‍රති ප්‍රහාර එල්ල කළා. අපේ ගිය ළඟින්ම වෙඩි උණ්ඩ ඇදී යනවා. පොඩ්ඩක් හෝ ඔළුව ඉස්සුවොත් එයින්ම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා.

පස් කාගෙනම අපිත් එක දිගට ප්‍රතිප්‍රහාර එල්ල කළා. විවෘත භූමියක සිටි නිසා අපි… එල්.ටී.ටී.ඊ.යේ ඉලක්ක වී තිබුණා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ස්වයංක්‍රීය ගිනි අවිවලින් විතරක් නෙවේ කාර්ල් ගුස්ටා වර්ගයේ බර අවිවලින් ද ඔවුන් අපට ප්‍රහාර එල්ල කළා. ඒ නිසා තත්ත්වය තවත් බැරෑරුම් වුණා. අපිත් ඇරියේ නැහැ. පස් කාගෙනම ප්‍රතිප්‍රහාර එල්ල කළා.
අපේ කණ්ඩායම සංවිධානාත්මකව එල්ල කළ ප්‍රහාර හමු​වේ ත්‍රස්තවාදීන් පලා ගියා. සටන පැය 1/2 ක විතර කාලයක් පැවැත්වුණා. අපේ කිසිම නිලධාරියෙකුට හෝ භටයකුට තුවාල සිදු නොවීම ගැන අපට ලොකු සැනසීමකට හේතු වුණා. අපි කංචිකුඩිච්චිආරු කැලෑවෙන් පිටතට පැමිණ තිබුණේ කලින් අපේ උසස් නිලධාරීන් ලබා දී තිබූ නියෝගවලට පටහැනිව
ඉහළ නිලධාරීන් ලබා දී තිබූ නියෝග කඩකර ඇති බව එම නිලධාරීන් යම් හෙයකින් දැනගත්තොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව අපි හොඳාකාරවම දැන සිටියා. මෙය රහසක් වශයෙන් තබා ගැනීමට සියලු දෙනා කතිකා කර ගත්තා. මේ ගැන ආරංචි වේවි යැයි කියා අප තුළ ලොකු බියක්ද පැවතුණා.

ඇඟලුම් කම්හල හා ​ඔරලෝසු කණුව විවෘත කිරීමේ උත්සවයට ආර්. ප්‍රේමදාස මහත්තයා එක්ක අක්කරෙපත්තුවට පැමිණ සිටි නියෝජ්‍ය පොලිස්පති කරුණාසේන මහත්තයා අපිට වහාම සංගමන්කන්ද විශේෂ කාර්ය බළකා කඳවුරට රපෝත්තු කරන්න කියා පණිවිඩ හුවමාරු යන්ත්‍ර මගින් නියෝගයක් කළා. ඒ වෙන කොටත් අපි හිටියේ කැලෑවේ මෙහෙයුම්වල නිරතවෙමින්. අපි කළ වැඩේ ගැන කෙසේ හෝ ආරංචි වෙලා නියෝග කඩකිරීමේ වරදට දඬුවම් දෙන්න තමා කැඳවීම කළේ කියා අපි සිතුවා. ලැබෙන ඕනෑම දඬුවමකට යටත් වෙනවා කියා හිත හදාගෙන සංගමන් කන්ද කඳවුරට අපි 30 දෙනාම ආවා.

ඊට පස්සේ මොකද වුණේ කියන ප්‍රශ්නයට ද පිළිතුරු දුන්නේ විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතාය.

සංගමන්කන්ද කඳවුරේ ඉදිරිපිට ජ්‍යෙෂ්‍ඨත්වයට අනුව අපේ කණ්ඩායම අණ දෙන නිලධාරි කරුණාසේන මහත්තයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පෙළ ගැසී සිටියා. ජීප් රථ කිහිපයක් පිරිවරාගෙන ආ කරුණාසේන මහත්තයා ඔහු පැමිණි ජීප් රථයෙන් බැහැලා ඇවිත් අපිට අතට අත දෙමින් සුබ පතන්න පටන් ගත්තා. මේ වෙන්නේ මොකක්ද කියා අපිට හිතා ගන්නා බැරිව ගියා.

දඬුවම් විඳින්න වෙයි කියා හිතාගෙන හිටිය අපිට අත අත දී දීලා සුබ පැතුවේ ඇයිද කියන එක ලොකු ප්‍රශ්නයක් වුණා.

​ෙපර දිනයේ අපේ කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයෙන් කංචිකුඩිච්චි ආරු ප්‍ර​දේශය බාරව සිටි කොටි සංවිධානයේ අණ දෙන නිලධාරියාව සිටි ශෂී සහ ඔහුගේ දෙවැනියා ඇතුළු කොටි ත්‍රස්තයන් කිහිප දෙනෙක් මැරුම්කා තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒ බව කොටින්ගේ පණිවිඩ හුවමාරු ජාලයට සවන් දී​ෙමන් අපේ ලොකු නිලධාරින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ විතරක් නෙමේ කොටි හඬ ගුවන් විදුලියෙන් මේ නායකයන් දෙදෙනා මියගිය නිසා ශෝක ගී පවා ප්‍රචාරය කරලා.

මේ නිසා තමා එදා අපට කරුණාසේන මහත්තයා අතට අත දීලා සුබ පතා තියෙන්නේ. නමුත් අපි කළ විනය විරෝධි ක්‍රියාව ගැන ආරංචි වෙලා නැහැ. අපි එදා විනය විරෝධී ක්‍රියාවක් සිදු කළත් එයින් යහපතක් ද සිදු වුණා යැයි විශ්‍රාමික පොලිස් අධිකාරි අසන් මහතා කිව්වේ සිනා සෙමින්ය.

ආර්. ප්‍රේමදාස මහත්තයා ඇඟලුම් කම්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණි පසු එයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ ද එදා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ප්‍රහාරයකින් මැරුම් කෑ කංචිකුඩිච්චිආරු ප්‍රදේශය භාරව සිටි එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ නායක ශෂී නමැත්තාය.

සටහන
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප
මාදම්පේ නිර්මාල් ප්‍රසංග ජයසූරිය.

#නියතයිජය #නැගෙනහිරstf

• රට රැකි දෙපළකි 🇱🇰🇱🇰🇱🇰 #නියතයිජය             උපුටාගැනීම - Google
06/17/2026

• රට රැකි දෙපළකි 🇱🇰🇱🇰🇱🇰

#නියතයිජය

උපුටාගැනීම - Google

• කැපවීම ඔබව ජයග්‍රාහකයෙකු කරවයි 🇱🇰🇱🇰🇱🇰 #නියතයිජය
06/17/2026

• කැපවීම ඔබව ජයග්‍රාහකයෙකු කරවයි 🇱🇰🇱🇰🇱🇰

#නියතයිජය

• නම දන්නෝ දනිති 🇱🇰🇱🇰🇱🇰 #නියතයිජය
06/17/2026

• නම දන්නෝ දනිති 🇱🇰🇱🇰🇱🇰

#නියතයිජය

•  කැපවිම ඔබව විශිෂ්ඨයකු කරවයි  🇱🇰🇱🇰🇱🇰 #නියතයිජය
06/17/2026

• කැපවිම ඔබව විශිෂ්ඨයකු කරවයි 🇱🇰🇱🇰🇱🇰

#නියතයිජය

• STF  මුල්ම කඳවුර කල්අඩියේ හැදූ හැටිදශක 3 ක වකවානුව තුළ නැගෙනහිර ප්‍රදේශයේ ජන ජීවිතය යථාවත් කර නීතිය හෝ සාමය ආරක්‍ෂා කි...
06/17/2026

• STF මුල්ම කඳවුර කල්අඩියේ හැදූ හැටි

දශක 3 ක වකවානුව තුළ නැගෙනහිර ප්‍රදේශයේ ජන ජීවිතය යථාවත් කර නීතිය හෝ සාමය ආරක්‍ෂා කිරීමේ බරපතළ වූත් බිහිසුණු වූත් වගකීම පැවරී තිබුණේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙතටය. 1983 වර්ෂයේදී ආරම්භ කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය කුරිරු යුද්ධයේදී තම ජවය මුළුමනින්නම මුදාහරිනු ලැබුවේ නැගෙනහිර පළාත කේaන්ද්‍ර කරගෙනය. විටෙක ඔවුන්ගේ සංග්‍රාම උපක්‍රම එල්. ටී. ටී. ඊ. සංවිධානය මුළුමනින්ම වික්‌ෂිප්ත කළේය. ජීවිතය නොව මරණය තෝරා ගනිමින් රටේ විජයග්‍රහණය වෙනුවෙන් නැගෙනහිර දී විශේෂ කාර්ය බලකාය කළ කැපකිරීම සදානුස්‌මරණීයයි. පොලිස්‌ විශේෂ කාර්ය බළකාය දිවි පරදුවට තබමින් කළ ක්‍රියාන්විතයේ මෙතෙක්‌ හෙළිදරව් නොවූ තොරතුරු සහිත විචිත්‍ර ලිපි මාලාව.


සන්නද්ධ තරුණ දෙමළ කණ්‌ඩායම් උතුරේ නිර්මාණය කළ යුදමය තත්ත්වය ක්‍රමක්‍රමයෙන් නැගෙනහිර පළාතට ව්‍යාප්ත වෙමින් තිබිණි. 1984 වර්ෂය මුල්භාගය වෙද්දී නැගෙනහිර පළාතේද සිත්පිත් නැති මහා කාලකණ්‌ණි යුද්ධයක පෙර ලකුණු පෙන්නුම් කරන්නට විය.

අම්පාර මඩකලපුව ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කවලින් සැදුම්ලත් නැගෙනහිර පළාත ඉතාම සශ්‍රීක ගොවිතැනින් පොහොසත් ප්‍රදේශයකි. ගොවිතැන සිය ජීවිකා වෘත්තිය කරගෙන සිටි අහිංසක ජනතාවට යුද්ධයක අවශ්‍යතාවයක්‌ තිබුණේ නැත.

එහෙත් උතුරු ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මහා යුද්ධයක්‌ නිර්මාණය කරමින් සිටි දෙමළ සන්නද්ධ කණ්‌ඩායම් නැගෙනහිර පළාතද ආක්‍රමණය කරමින් විවිධ අපරාධවල නිරත වන්නට වූහ.

1984 වර්ෂය වනවිට නැගෙනහිර පළාතේ සමස්‌ථ ජනගහනයෙන් 56% ක්‌ සිංහල සහ මුස්‌ලිම් ජාතිකයන් වූ අතර 44% ක්‌ දෙමළ ජාතිකයෝ වූහ. මේ සියලුම ජාතීන් සමඟි සමාදානයෙන් එකට කල් ගෙවූහ.

එහෙත් යුද්ධයකට රට තල්ලුකරගෙන ගිය දෙමළ සන්නද්ධ කණ්‌ඩායම් සමගියෙන් එකට සිටි සියලු ජාතීන් මහා වෛරක්‌කාරයන් බවට පත් කළහ.

ගෙවීයමින් තිබුණේ මහා කාලකණ්‌ණි කාල සීමාවකි. නැගෙනහිර පළාතේ ඒ වනවිට ප්‍රධානම සන්නන්ධ කණ්‌ඩායම් බවට පත්ව සිටියේ ඊරෝස්‌ සහ ප්ලොට්‌ කණ්‌ඩායම්ය. එල්. ටී. ටී. ඊ., ඊ. පී. ආර්. එල්. එෆ් සහ ටී. එම්. වී. පී. සංවිධාන ක්‍රියාත්මක වෙමින් තිබුණද ඔවුන් එතරම් ප්‍රබලත්වයක පසුවූයේ නැත.

ඊරෝස්‌ සංවිධානයේ මඩකලපුව දිස්‌ත්‍රික්‌ නායකයා බවට පත්ව සිටියේ සුදාකරන් මාස්‌ටර්ය. ඊට අමතරව ප්‍රභා, බෂීර්සේගු ඩාවුඩ් වැනි ප්‍රබලයන්ද ඒ වන විට ඊරෝස්‌ සංවිධානයට එක්‌ව සිටියහ.

මඩකලපුව ප්ලොට්‌ නායකයා ලෙස කටයුතු කළේ මාස්‌ටර්ය. ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ ප්‍රධානියා ලෙස ඡේකෝබන් කටයුතු කළ අතර ඩග්ලස්‌ දේවානන්ද, රාම්රාඡ් සහ තුරේරත්නම් යන සාමාජිකයන්ද එහි ප්‍රබලයෝ වූහ.

1984 වර්ෂය වෙද්දී නැගෙනහිර පළාතේ එල්. ටී. ටී. ඊ. බලය පැවතියේ ඉතාම අල්ප වශයෙන්ය. එහි මඩකලපුව නායකයා ලෙස ක්‍රියා කළේ බෂීර් කාක්‌කා නැමැති අයෙකි. ඊට අමතරව ටී. එම්. වී. පී. කණ්‌ඩායම සහ තවත් සන්නද්ධ කණ්‌ඩායම් කීපයක්‌ම නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වෙමින් තිබිණි.

ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඝාතනය කිරීම අවි ආයුධ පැහැර ගැනීම, රජයේ ආයතන සහ දේපළ කොල්ලකෑම ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වන්නට විය. විවිධ සන්නද්ධ කණ්‌ඩායම් ආයුධවලින් ශක්‌තිමත් වීමට සහ ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය කරන මුදල් රැස්‌ කර ගැනීම සඳහා මෙම ක්‍රිsයාකාරකම්වල නිරතවූහ.

1984 වර්ෂයේදී තිරුක්‌කෝවිල් තම්බිලුවිල් ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවට සන්නද්ධව කඩා වැදුණු ඊ. පී. ආර්. එල්. එෆ් සංවිධානයේ සාමාජිකයන් එහි තිබූ රුපියල් ලක්‍ෂ ගණනක මුදල් කොල්ලකෑහ.

මෙම සන්නද්ධ කණ්‌ඩායම්වල ක්‍රියාකාරකම්වලට සාමාන්‍ය ජනතාව අතර එතරම් ප්‍රසාදයක්‌ තිබුණේ නැත. ඊට හොඳම උදාහරණය වූයේ ග්‍රාමීය බැංකුව කොල්ල කාගෙන පලා යමින් සිටි ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ සාමාජිකයන් පිරිස මුදල්ද සමග ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගැනීමය.

එහිදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගත් ඊ. පී. ආර්. එල්. එµa. සංවිධානයේ එවකට ප්‍රබලයකු ඇතුළු සාමාජිකයන් පිරිසක්‌ අක්‌කරේපත්තුව පොලිසිය වෙත භාරදෙනු ලැබීය. මෙම ඊ. පී. ආර්. එල්. එෆ්. සාමාජිකයන් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මඩකලපුව බන්ධනාගාරයේ රඳවනු ලැබීය.

මෙවැනි බරපතළ ගණයේ සිදුවීම් දිගින් දිගටම වාර්තා වෙද්දී මඩකලපුව ප්‍රදේශයට විශේෂ ආරක්‍ෂාවක්‌ යෙදවීමේ අවශ්‍යතාව මතුවන්නට විය. දිනෙන් දිනම ප්‍රබලත්වයට පත්වෙමින් සිටි සන්නද්ධ දෙමළ කණ්‌ඩායම්වල ක්‍රියාකාරීත්වයට මුහුණදීමට මඩකලපුව ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ නිලධාරීන්ට මෙන්ම යුද හමුදාවටද නොහැකි තත්ත්වයක්‌ උද්ගත වෙමින් තිබිණි.

ඒ අතරතුර මඩකලපුව බන්ධනාගාරයේද බරපතළ සිදුවීමක්‌ වාර්තා විය.

විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටි සන්නද්ධ කණ්‌ඩායම් සාමාජිකයන් පිරිසක්‌ විසින් මඩකලපුව බන්ධනාගාරය බිඳගෙන ඉන් පළා යැම ප්‍රදේශයේ ආරක්‍ෂාවට බරපතළම තර්ජනයක්‌ වූ සිද්ධියක්‌ විය.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ නිර්මලා නිත්‍යානන්දන් රජයට විරුද්ධව කටයුතු කිරීම සහ සටන්කාමීන්ට සහාය දැක්‌වීමේ චෝදනා මත මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියේය. ඊට අමතරව ඊ. පී. ආර්. එල්. එෆ් සංවිධානයේ සිටි පසුව ප්‍රබල ඇමතිවරයෙකුවූ පුද්ගලයා සහ කොල්ලකෑම් මිනීමැරුම් රැසකට සම්බන්ධ සටන්කාමී සංවිධානවලට සම්බන්ධවූ පුද්ගලයන් රැසක්‌ද එහි රඳවා සිටියහ. මඩකළපුව බන්ධනාගාරයෙන් පළා ගිය මේ සියලු දෙනා රැකවරණය සඳහා ඉන්දියාවට පැන ගත්හ.

තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙන්නට විය. එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළේ ලලිත් ඇතුලත්මුදලි මහතාය.

නැගෙනහිර ප්‍රදේශයේ ඇතිවෙමින් තිබූ භයානක තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රමවත්ව පුහුණුව ලැබූ දක්‍ෂ නිලධාරීන් පිරිසක්‌ යෙදවීමේ අවශ්‍යතාව මතු වෙමින් තිබිණි. ඒ වනවිට අතිවිශේෂ පුහුණුවක්‌ ලබා සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ විරෝධාර නිලධාරීන් නැගෙනහිර පළාතට අනුයුක්‌ත කිරීම වඩාත් කාලෝචිත බව ඇතුලත්මුදලි මහතා පෙන්වා දුන්නේය.

එහෙත් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘවරයා වූ රවී ජයවර්ධන මහතා ඊට සිය විරෝධය පළ කළේය. මේ සම්බන්ධයෙන් එවකට ජනාධිපතිව සිටි ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ ද සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡා කීපයක්‌ද පැවැත්විණි.

අවසානයේදී ඇතුලත්මුදලි මහතාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශය පියවර ගත්තේය.

ඒ වනවිට කටුකුරුන්ද පොලිස්‌ විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් දෙසීයකට ආසන්න පිරිසක්‌ පුහුණු වෙමින් සිටියහ. එම නිලධාරීන් මඩකලපුව ප්‍රදේශයේ විශේෂ කඳවුරක ස්‌ථානගත කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියේය.

විශේෂ කාර්ය බළකාය නැගෙනහිරට පිටත්කර යෑවීම කඩිනම්වූයේ ප්ලොට්‌ සංවිධානය කලවන්චිකුඩි පොලිසියට ප්‍රහාර එල්ලකිරීමෙන් පසුවය.

1984 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී කලවන්චිකුඩි පොලිසිය වට කරනු ලැබූ ප්ලොට්‌ සංවිධානය ඊට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් එවකට රජය පවා හෙල්ලුම් කෑවේය.

කලවන්චිකුඩි පොලිසියට කඩා වැදුනු ප්ලොට්‌ සාමාජිකයන් පොලිසියේ බලය අත්පත් කරගෙන එහි තිබූ අවි ආයුධ සියල්ල කොල්ල කෑහ. ප්ලොට්‌ සාමාජිකයන්ගේ ප්‍රහාරවලට මුහුණදීගත නොහැකිවූ පොලිස්‌ නිලධාරීන් සිය ජීවිත බේරා ගැනීමට ආරක්‍ෂිත ස්‌ථානවලට ගොස්‌ සැඟවූවෝය.

පැය ගණනක්‌ තිස්‌සේ පොලිසියේ බලය අත්පත්කරගෙන සිටි ප්ලොට්‌ සාමාජිකයන් පසුව අවි ආයුධත් රැගෙන පළා ගියහ.

මෙම සිද්ධිය පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙත එල්ලවූ මරු පහරක්‌ විය. තත්වය එන්න එන්නම බෑරෑරුම් වෙමින් තිබිණි. පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වහාම මඩකලපුව වෙත ගෙන්වීම ඉතාම කාලෝචිත ක්‍රියාවක්‌ වෙමින් තිබිණි.

ඒ වන විට කටුකුරුන්ද කඳවුරේ පුහුණුව නිමකළ විශේෂ කාර්ය බළකායේ උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් 16 දෙනෙක්‌ සහ කොස්‌තාපල්වරුන් 100 දෙනෙකු සිටියහ.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මුල්ම කඳවුර මඩකලපුව කල්අඩි ප්‍රදේශයේ පිහිටුවීම සඳහා අවශ්‍ය සැලසුම් සකස්‌ කර තිබිණි. නැගෙනහිර පළාතේ යුද හමුදා කඳවුරු ඉවත් කර එම කඳවුරුවලට පොලිස්‌ විශේෂකාර්ය බළකාය අනුයුක්‌ත කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශය පියවර ගනිමින් සිටියහ. බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන්ගේ පුහුණු වීම්වලින් පසු නවීකරණය වූ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මුල්ම අණදෙන නිලධාරියා වූයේ පොලිස්‌ අධිකාරී ෂර්නි විඡේසූරිය මහතාය. සහකාර පොලිස්‌ අධිකාරි ලයනල් කරුණාසේන මහතා එහි නියෝජ්‍ය අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය.

මඩකලපුව කල්අඩි පොලිස්‌ විශේෂකාර්ය බළකා කඳවුර පිහිටුවීමේ සියලු කටයුතු ඒ වනවිට සකස්‌ කර තිබිණි. කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්කරනු ලැබුවේ එවකට සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකු වූ වර්තමාන පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාය.

1984 වර්ෂයේ ඔක්‌තෝබර් මස 03 වැනිදා කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා කඳවුර ඉතාම කාර්යබහුල විය. ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සේපාල ආටිගල විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘ ලෙස කටයුතු කළ රවී ජයවර්ධන එහි අණදෙන නිලධාරි ෂර්නි විඡේසූරිය නියෝජ්‍ය අණදෙන නිලධාරි ලයනල් කරුණාසේන ඇතුළු උසස්‌ පොලිස්‌ නිලධාරීන් රැසක්‌ එහි පැමිණ සිටියහ. නැගෙනහිර පළාතේ ඇති වෙමින් තිබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව ෂර්නි විඡේසූරිය මහතා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දැනුවත් කළේය. කල්අඩි කඳවුර පිහිටුවීම පිළිබඳව මෙන්ම ඉදිරියේදී මඩකලපුව ප්‍රදේශයේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද විශේෂ උපදෙස්‌ ලබා දීමට විඡේසූරිය මහතා පියවර ගත්තේය.

නැගෙනහිර පළාත සිය අණසකට යටත් කර ගැනීමේ භාරධූර කටයුත්තට උරදීමේ අරමුණෙන් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ වීරෝධාර නිලධාරීන් ඔක්‌තෝබර් 4 වැනිදා අලුයම කටුකුරුන්ද කඳවුරට සමු දුන්හ.

අළුයම ට්‍රක්‌ රථවල නැගුනු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 116 දෙනකු කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයට පැමිණියේ අළුයම 6.00 ට පමණය.

මේ කාලසීමාව වන විට කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්‌වා යහපත් දුම්රිය සේවයක්‌ ක්‍රියාත්මක වෙමින් තිබිණි.

උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් 16 දෙනෙකුගෙන් සහ කොස්‌තාපල්වරුන් 100 දෙනෙකුගෙන් සමන්විත වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ජීවිතය පරදුවට තබමින් මඩකලපුව බලා ගමන් ආරම්භ කළහ.

මඩකලපුව ප්‍රදේශයේ ඉතාම භයානක තත්ත්වයක්‌ ඒ වන විට නිර්මාණය වී තිබෙන බව සියලුම නිලධාරීන් දැන සිටියහ. ආදරණීය දරුවන් බිරිඳ සහ ඥතීන් අතහැර දැමූ මේ විරුවන් සිය රට ජාතිය බේරාගැනීමේ මහා උදාර කටයුත්ත වෙනුවෙන් ඒ සියල්ල කැප කළහ.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රැගත් දුම්රිය මඩකලපුවට සේන්දුවන විට සවස 3.00 පසුවී තිබිණි. දුම්රිය ස්‌ථානයේ සිට කල්අඩි කඳවුරට යැම සඳහා ඔවුන්ට විශේෂ ට්‍රක්‌ රථ කීපයක්‌ සූදානම් කර තිබිණි.

දුම්රියෙන් බැසගත් නිලධාරීහු සිය ගමන්මළු මෙන්ම යුද උපකරණද රැගෙන ට්‍රක්‌රථවලට ගොඩ වූහ. කොළඹින් පිටත්වන විට ඔවුන් තුළ තිබූ සැහැල්ලු නිදහස්‌ බව ඒ වනවිට පහවී ගොස්‌ තිබිණි.

සියලුම නිලධාරීන් ට්‍රක්‌ රථවල ගමන් කළේ වට පිට බලමින් ආරක්‍ෂා සහිතවය. කොයි මොහොතක හෝ තමන් වෙත ප්‍රහාරයක්‌ එල්ල වෙතැයි යන සිතින් සූදානම්ව ඇතිව ඔවුහු ගමන් කළහ.

කල්අඩි කඳවුරේ හමුදා සෙබළුන් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් උණුසුම් අන්දමින් පිළිගත් අතර එදින රාත්‍රිය කඳවුරේ ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ඔවුනට ඒ වනවිට සුදානම් කර තිබිණි. කල්අඩි යුදහමුදා කඳවුර පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත නීත්‍යානුකූලව භාර දීමට නියමිතව තිබුණේ 1984 ඔක්‌තෝබර් 05 වැනිදාය. කඳවුර භාර අණදෙන නිලධාරියා ලෙස පත්කළ එන්. කේ. ඉලංගකෝන් මහතා කොළඹ සිට කල්අඩි කඳවුර වෙත පැමිණියේ ජීප් රථයකින්ය. ගැමුණු හේවා බළකාය නැගෙනහිර පළාතේ ආරක්‍ෂක කටයුතු ක්‍රියාත්මක කළ අතර මඩකලපුව යුදහමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළේ කර්නල් ජයන්ත ජයරත්න මහතාය. කල්අඩි කඳවුර භාරව සිටියේ කපිතාන් ශ්‍රීමාල් මෙන්ඩිස්‌ මහතාය. (ඒ මහතා 1985 ත්‍රස්‌තප්‍රහාරයදී රට වෙනුවෙන් දිවි පුද කළේය.)

කල්අඩි කඳවුර නිලවශයෙන් භාර ගැනීමේ උත්සවය ඉතාම චාම් අන්දමින් සූදානම් කර තිබිණි. එදින කර්නල් ජයන්ත ජයරත්න මහතා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අමතා විශේෂ කථාවක්‌ කරමින් මඩකලපුව ප්‍රදේශයේ ඇතිවී තිබෙන බරපතළ තත්ත්වය පිළිබඳව පැහැදිලි කර දුන්නේය.

කර්නල් ජයන්ත ජයරත්න පනස්‌ විය ඉක්‌මවූ නිලධාරියෙක්‌ වූ අතර කල්අඩි කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස එම භාරදූර කටයුත්ත භාරගත් ඉලංගකෝන් මහතා වයසින් ලාබාල ඉතාම තරුණ නිලධාරියෙකු විය.

කල්අඩි කඳවුර අක්‌කර 25 ක්‌ පමණ විශාල වූ භූමිභාගයක්‌ පුරා පැතිරී තිබිණි. හමුදා කඳවුරකට අවශ්‍ය සියලු අංගයන්ගෙන් සමන්විතව තිබූ කල්අඩි කඳවුර සිය භාරයට ගත් පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නව සැලසුම් සකස්‌ කරන්නට වූහ.

දින දහයක පමණ කාලයක්‌ යුද හමුදා නිලධාරීන්ද කල්අඩි කඳවුරේ ගතකළ අතර ඔවුන් පිළිවෙලින් සියලු බඩුබාහිරාදිය විශේෂ කාර්ය බළකාය වෙත ලබාදී පසුව ඉන් පිටව ගියහ.

මඩකලපුව ප්‍රදේශය පුරා සිය ජවය විහිදුවාලීම පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මුල්ම සැලසුම විය. ඒ සඳහා ජංගම රථ සංචාර, පාමුර සංචාර, මාර්ග බාධක යෙදීම, රැකසිට පහරදීම වැනි ආරක්‍ෂක ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමට විශේෂ කාර්ය බළකාය කටයුතු කළහ.

විශේෂ පුහුණුවක්‌ ලබා පැමිණ සිටි කොස්‌තාපල්වරුන් 100 දෙනා කණ්‌ඩායම් 4 කට වෙන් කර එක්‌ එක්‌ කණ්‌ඩායමක්‌ සඳහා ප්‍රධානියා ලෙස උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙකු බැගින් පත් කරනු ලැබීය.

උපපොලිස්‌ පරීක්‍ෂකවරුන් වූ නිල්සාන් ජයවර්ධන (පසුකලෙක බරපතළ තුවාල ලැබූ අතර මේ වන විට ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටියි.) යූ. කේ. දිසානායක (මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අධ්‍යක්‍ෂ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානය) උදයානන්ද ගුණසිංහ (රට වෙනුවෙන්a දිවි පුද කළේය.) සහ බී. ඒ. වීරතුංග (රට වෙනුවෙන් ජීවිතය පූජා කළේය.) එක්‌ එක්‌ කණ්‌ඩායම්වල ප්‍රධානීන් ලෙස පත් කරනු ලැබීය.

ඊට අමතරව එවකට උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වූ ගාමිණී පෙරේරා (පොලිස්‌ අධිකාරී කන්කසන්තුරේ) ඩී. ඡේ. පලිහක්‌කාර (පොලිස්‌ අධිකාරී) යසන්ත ගමගේ (සහකාර පොලිස්‌ අධිකාරි කන්කසන්තුරේ) අනුර අබේවික්‍රම (පොලිස්‌ අධිකාරි පුත්තලම) රවී සෙනෙවිරත්න (නියෝජ්‍ය පොලිස්‌පති ත්‍රිකුණාමලය) එම්. ජී. ආරියරත්න (පොලිස්‌ අධිකාරි හැටන්) දිලිප් ප්‍රනාන්දු (තුවාල ලැබීමෙන් පසු තනතුරින් ඉවත්වී විදේශ ගතව සිටී.) කේ. යූ. ප්‍රනාන්දු (රට වෙනුවෙන් දිවි පුද කළේය.) ජයන්ත ලියනගේ (සහකාර පොලිස්‌ අධිකාරී) ඒ. සේරසිංහ (වෙඩි ප්‍රහාරයට ලක්‌ වුණා. වර්තමානයෙ පොලිස්‌ අධිකාරි) රොහාන් සිල්වා (පොලිස්‌ අධිකාරි ජනාධිපති ආරක්‍ෂක අංශය) ඒ. වටවල (තුවාල ලැබීමෙන් පසු තනතුරින් ඉවත්වී විදේශ ගතව සිටී.) යන නිලධාරීහු මෙම බලඇණියට අනුයුක්‌තව සිටිති.

මේ අතර කල්අඩි කඳවුරේ පරිපාලන අංශය භාරව කටයුතු කළේ උප පොලිස්‌ පරීක්‍ෂක රිශාඩ් මහතාය

කල්අඩි කඳවුරේ අණදෙන නිලධාරී එන්. කේ. ඉලංගකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්යබළකායේ අභීත නිලධාරීන් සිය රාජකාරි ආරමිභ කළහ. සන්නද්ධ දෙමළ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම ප්‍රදේශයට ආරක්‍ෂාව ලබා දීම වැනි කටයුතු ආරම්භ කළ විශේෂ කාර්ය බළකාය මඩකලපුව ජනතාවට නව ශක්‌තියක්‌ දෙන්නට වූහ.

ඒ වනවිට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සිංහල ජාතිකයන් 6000 කට අධික පිරිසක්‌ පදිංචිව සිටි අතර ඔවුන් දෙමළ සන්නද්ධ කණ්‌ඩායම් අතින් විවිධ හිංසාවන්ට ලක්‌වෙමින් සිටියහ.

විශේෂ කාර්ය බළකාය ප්‍රදේශයේ ආරක්‍ෂාව භාර ගැනීම සිංහල ජාතිකයන්ට මහා අස්‌වැසිල්ලක්‌ විය. දැඩි ලෙස භීතියෙන් ජීවත් වූ ඔවුන් නවමු බලාපොරොත්තු ඇතිව සිය කටයුතුවල නිරත වන්නට පටන් ගත්හ.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ උන්නතිය වෙනුවෙන් විශාල කැපකිරීමක්‌ කළ නිමල් ලෙව්කේ මහතා කලවන්චිකුඩි විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස රාජකාරි භාරගත් අයුරු ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.

උපුටා ගැනීමකි ©-July 31, 2012 by lrrp

Address

232 W Main St
Versailles, OH
45380

Website

Alerts

Be the first to know and let us send you an email when Special Task Force posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share