Special Task Force

Special Task Force " නියතයි ජය "

• ආසියාවේ දක්ෂතම අතුරු හමුදාවක් ලෙස ශ්‍රී ලංකා
පොලිස් විශේෂ කාර්‍ය බලකාය සැලකේ.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් මෙම බලකාය , ප්‍රභූ ආරක්ෂක, මත්ද්‍රව්‍ය නාශක, අපරාධ කල්ලි මැඩලීම, වැනි රාජකාරී සදහා මනා පුහුණුවක් ලබා ඇත.

• British SAS පන්නරය ලැබූ STF 🇱🇰🇱🇰🇱🇰 #නියතයිජය
08/31/2026

• British SAS පන්නරය ලැබූ STF 🇱🇰🇱🇰🇱🇰

#නියතයිජය

"1990 වසරේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් පොලිස් නිළධාරීන් 600කට අධික පිරිසක් ඝාතනය කළේ මෙම ස්ථානයේදීය"රූපස්කුලම් ඝණ...
08/31/2026

"1990 වසරේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් පොලිස් නිළධාරීන් 600කට අධික පිරිසක් ඝාතනය කළේ මෙම ස්ථානයේදීය"
රූපස්කුලම් ඝණ වනාතරය

🔴 🇱🇰 පුලුකුණාව 1996 — අමතක නොවන රාත්‍රියක සැබෑ සටන් කතාව🕯️ ලේ, ධෛර්යය සහ නොසැලෙන රාජකාරි වගකීම1996 දෙසැම්බර් 11 වැනිදා ර...
08/30/2026

🔴 🇱🇰 පුලුකුණාව 1996 — අමතක නොවන රාත්‍රියක සැබෑ සටන් කතාව

🕯️ ලේ, ධෛර්යය සහ නොසැලෙන රාජකාරි වගකීම

1996 දෙසැම්බර් 11 වැනිදා රාත්‍රිය.
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි සටන් ඉතිහාසයේ කිසිදා අමතක නොවන රාත්‍රියක්.
අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි පුලුකුණාව STF කඳවුර එදින රාත්‍රී 11.30ට පමණ එල්.ටී.ටී.ඊ.
එකසිය පණහක පමණ සන්නද්ධ කණ්ඩායමක දැවැන්ත ප්‍රහාරයකට ලක් විය.

මෝටාර්, RPG සහ ස්වයංක්‍රීය ගිනිඅවිවලින් එල්ල වූ ප්‍රහාරය ක්‍රමයෙන් කඳවුරේ ආරක්ෂක වළල්ල බිඳ දමමින් ඉදිරියට පැමිණියේය.

කඳවුරේ එක් පාර්ශ්වයක ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු ඒකකයට අයත් 122mm කාලතුවක්කු දෙකක් ස්ථානගත කර තිබූ අතර, එයද ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක් විය.

එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් කඳවුරට ඇතුළු වූයේ කාලතුවක්කු තිබු පාර්ශ්වය දෙසින්ය.
ඒ මොහොතේ සිට පුලුකුණාව භූමිය සැබෑ සටන් බිමක් බවට පත්විය.

STF නිලධාරීන් සහ සෙබළු පැය ගණනාවක් අඛණ්ඩව සටන් කළහ.

සතුරා කඳවුර තුළටම පැමිණ බංකර්වල පිටුපසින් පවා ප්‍රහාර එල්ල කළ අවස්ථාවලදී, තමන් භාරගත් ආරක්ෂක ස්ථානය අතහැර නොගොස් අවසන් මොහොත දක්වා සටන් කළ STF සාමාජිකයන් රැසක් එදින ජීවිත පූජා කළහ.

අවසානයේ සතුරාට එක් කාලතුවක්කුවක් රැගෙන යාමටද හැකි විය.

⚔️ ෆයිසාල් හජ්ජි සහ “The Final 06”
කඳවුරේ තත්ත්වය බරපතළ බවට තොරතුරු ලැබුණු වහාම, එවකට බදුලු හන්දිය STF කඳවුරේ Sector Commander ලෙස කටයුතු කළ CI ෆයිසාල් හජ්ජි මහතා, තම 2IC වූ IP කේසර මහතා ඇතුළු නිලධාරීන් සහ සෙබළුන් 30කට ආසන්න කණ්ඩායමක් සමඟ වහාම ක්‍රියාත්මක විය.

ඒ ගමන සාමාන්‍ය reinforcement එකක් නොවීය.
මෝටාර් සහ RPG ප්‍රහාර මැද, ඝන කැලෑව හරහා පුලුකුණාව දෙසට ඉදිරියට ගිය කණ්ඩායම දැඩි ප්‍රහාරයකට මුහුණ දුන්නේය.
ප්‍රහාරයේ තීව්‍රතාවය හේතුවෙන් කණ්ඩායමේ සාමාජිකයන් එකිනෙකාගෙන් වෙන් විය.
අවසානයේ...

හජ්ජි මහතා ඇතුළු ඉතිරි වූයේ හය දෙනෙකු පමණි.අනිත් අය වෙන වෙනම කුඩා කණ්ඩායම් ලෙස වෙන් වි ගියහ.

ඒ හය දෙනා තමන් සතු ආයුධ අතැතිව, එකිනෙකාට ආරක්ෂාව ලබා දෙමින්, ඝන අන්ධකාරය මැද සතුරා සිටින දිශාවට ඉදිරියට ගියහ.

එම කණ්ඩායමේ සිටි PC 21407 සුවිනීත වැනි නිලධාරීන් එදා සිදුවූ දේ පිළිබඳ සජීවී සාක්ෂිකරුවන්ය.

🎯 පුලුකුණාව පාලම අසල — මාරක හමුවීම
කඳවුර දෙසින් පසුබසිමින් පැමිණි එල්.ටී.ටී.ඊ. කණ්ඩායමක් පුලුකුණාව පාලම ආසන්නයේදී මෙම නිලධාරීන් හයදෙනාට මුහුණ දුන්නේය.

ඉදිරියට පැමිණෙන සතුරා ඉතා ආසන්න වන තුරු නිහඬව බලා සිටි ඔවුහු, නිසි මොහොතේදී එකවර ප්‍රහාරය ආරම්භ කළහ.

එහිදී ෆයිසාල් හජ්ජි මහතාගේ ස්නයිපර් වෙඩි තැබීමේ දක්ෂතාවය විශේෂයෙන් කැපී පෙනුණි.
ඔහු අතිදක්ෂ ස්නයිපර්වරයෙකු ලෙස තම හැකියාව භාවිත කරමින් පසුබසිමින් සිටි සතුරු සටන්කරුවන් වෙත ඉතා නිවැරදිව වෙඩි ප්‍රහාර එල්ල කළේය.

එකාට එකා බිම දමමින් කොටි ත්‍රස්තවාදීන් මරු
තුරුලට යැව්වෙ C.I හජ්ජිය.

පසුපසින්ද දැඩි ප්‍රතිප්‍රහාර එල්ල වෙමින් තිබියදී ඔහු ඇතුළු කණ්ඩායම සටන නතර කළේ නැත.

ඔවුහු ගම දෙසින් ඉදිරියට ගොස් අවසානයේ කඳවුර දෙසට ඇතුළු වූහ.

ඒ වන විටත් සහායට පැමිණි අනෙකුත් STF කණ්ඩායම් සහ බෆල් රථ දෙපසින්ම දැඩි ප්‍රහාරවලට මුහුණ දෙමින් සිටියහ.

නන්දගල ප්‍රදේශයද එම සටනේ තවත් මාරක ස්ථානයක් බවට පත්ව තිබුණි.

🌅 අලුයමත් සමඟ නැවතත් STF පාලනය
හජ්ජි මහතා ඇතුළු අවසන් හය දෙනා කඳවුරට ළඟාවන විට සතුරන් පසුබසිමින් සිටියහ.

එහෙත් සටන තවම අවසන් වී තිබුණේ නැත.
තුවාල ලැබූ තම සහෝදර නිලධාරීන් සොයාගෙන ඔවුන් එකතු කරගත්හ.
පළමු ආධාර ලබා දුන්හ.

අඳුරු රාත්‍රිය පසුකරමින්, තමන් භාරගත් කඳවුරේ ආරක්ෂාව නැවත ස්ථාපිත කිරීමට ඔවුහු කටයුතු කළහ.

පැය ගණනාවක් පුරා පැවති මාරක සටනකින් පසු අලුයම උදාවිය.

පියන්ගල දෙසින් පැමිණෙන බෆල් රථවල හඬ ඇසෙන්නට විය.

රාත්‍රිය පුරා වෙඩි හඬින් කම්පා වූ පුලුකුණාව භූමියට අවසානයේ හිරු එළිය වැටුණි.

නමුත් ඒ හිරු එළිය යට තිබුණේ ජයග්‍රහණයක කතාවක් පමණක් නොවේ.

එහි තිබුණේ ලේ, තුවාල, විනාශය සහ තම රාජකාරිය වෙනුවෙන් ජීවිතය පූජා කළ මිනිසුන්ගේ මතකයයි.

🇱🇰 පුලුකුණාව — STF ඉතිහාසයේ නොමැකෙන සලකුණක්

වසර ගණනාවක යුද ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට පුලුකුණාව සටනට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

සතුරා කඳවුරේ ආරක්ෂක වළල්ල බිඳ දමා ඇතුළටම පැමිණි අවස්ථාවක් වුවද, එම සටනේ අවසානය වූයේ STF සම්පූර්ණයෙන්ම බිඳ වැටීමක් නොවේ.

ඒ වෙනුවට, සීමිත පිරිසක් විසින් දැඩි පීඩනයක් මැද නැවතත් ප්‍රතිරෝධය සංවිධානය කරමින් තම කඳවුර වෙනුවෙන් සටන් කිරීමේ ඉතිහාසයක් එහි ලියැවිණි.

පුලුකුණාව අපට උගන්වන විශාලතම පාඩම වන්නේ ආයුධවල බලය පමණක් නොවේ.
නායකත්වය.

🔴 විනය.
🔵 සහෝදරත්වය.
🟣 ධෛර්යය.
🔴 සහ තමන්ට පැවරුණු රාජකාරිය අවසන් මොහොත දක්වා ඉටු කිරීම.

ෆයිසාල් හජ්ජි මහතා ඇතුළු එදා ඉදිරි පෙළට ගිය නිලධාරීන්ගේ කතාව ඒ සියල්ලටම ජීවමාන උදාහරණයකි.

🔴 “The Final 06” යනුවෙන් මතකයේ රැඳෙන ඒ හය දෙනාගේ ගමන, පුලුකුණාව රාත්‍රියේ අඳුර තුළින් ගිය තවත් එක් කණ්ඩායමක ගමනක් පමණක් නොවේ.

එය සතුරා ඉදිරියේ පසු නොබැස, තම සහෝදරයන් වෙනුවෙන් ඉදිරියට ගිය මිනිසුන් හය දෙනෙකුගේ කතාවකි.

🕯️ අවසන් ගෞරවය
1996 දෙසැම්බර් 11 වැනිදා පුලුකුණාව භූමියේදී ජීවිත පූජා කළ සියලුම STF සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට අපගේ ගෞරවය.

ඔවුන්ගේ මතකය දේශපාලනයෙන් හෝ අතිශයෝක්තියෙන් නොව,
සත්‍ය සිදුවීම්, අත්දැකීම් සහ ගෞරවය තුළින් අනාගත පරපුරට රැගෙන යා යුතුය.

වසර 30කට ආසන්න කාලයක් ගතවී ඇතත්,
පුලුකුණාව රාත්‍රිය තවමත් ඉතිහාසයේ නිහඬව කතා කරයි.

🔴 මාගේ ප්‍රථම කැලැ සටන් පුහුණුව සිදුවූයේද මේ පුලුකුණාව කැලැ බද පෙදෙසෙ එවකට
KMS නැත්නම් කීනි මීනි සර්විස් ලෙස හැදින්වෙන බ්‍රිතාන්‍ය SAS නිලදාරින් පුහුණු කල කාලයේය..ඒ අවස්තාවෙ අපගේ ගරුතර සංඝයාවහන්සේලා පිරිසක් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතන| ය කල බව අතිතය දන්න අයට මතක ඇති.

🟣 මේ අත්දැකිම් නැවත ලියන්නෙ අද ඉන්න
තරුණ පරපුරට ඉතිහාසය ගැන දැන ගැනිමටයි..

🇱🇰 1996.12.11 — PULUKUNAWA
🕯️ ඔවුන්ගේ මතකය අමතක නොකරමු.
ඔවුන්ගේ කැපවීම ගෞරවයෙන් සිහිපත් කරමු.

Kel Mendis II මහතාගෙන් උපුටා ගන්නා ලදී,
ඔහුගේ මුල් චායාරූපය වෙනස්කොට පලකර ඇත,

#නියතයිජය

• ඊයේ සහ පෙරේදා දින තම උපන්දින සැමරූ අපේ දක්ෂ නිළධාරීන්ට උපන්දින ආසිරි පතන්නෙමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰 #නියතයිජය    ්දිනසුභපැතුම්
08/29/2026

• ඊයේ සහ පෙරේදා දින තම උපන්දින සැමරූ අපේ දක්ෂ නිළධාරීන්ට උපන්දින ආසිරි පතන්නෙමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰

#නියතයිජය ්දිනසුභපැතුම්

• 34 batch එකේ අපේ පො,කො.කුමාර මැදවත්ත ගේ කතාව අහන්න පහල.ලින්ක් එකෙන්.https://youtu.be/dtdHzMHfstc?si=ULvbr1kL2_oNS1r0Wa...
08/29/2026

• 34 batch එකේ අපේ පො,කො.කුමාර මැදවත්ත ගේ කතාව අහන්න පහල.ලින්ක් එකෙන්.
https://youtu.be/dtdHzMHfstc?si=ULvbr1kL2_oNS1r0

Wanesa TV

#නියතයිජය

• මේ ලස්සන කතාව කියවා ඔබගේ අදහස් කමෙන්ට් කරන්න.වසර 43 ක වි.කා.බ ඉතිහාසය තුළ කුඩා කණ්ඩායම් නිලධාරියෙක්, එම බලකායේ මුල් පු...
08/29/2026

• මේ ලස්සන කතාව කියවා ඔබගේ අදහස් කමෙන්ට් කරන්න.

වසර 43 ක වි.කා.බ ඉතිහාසය තුළ කුඩා කණ්ඩායම් නිලධාරියෙක්, එම බලකායේ මුල් පුටුවට පත්වී ඇත්තේ එක් අවස්ථාවකදී පමණි............💐👇🇱🇰

විශේෂ කාර්‍ය බලකාය මෙරට ක්‍රියාත්මක එකම අතුරු හමුදා ඒකකය වන බැවින් එහි සාඩම්බර සාමාජිකයෙක් වීමට ලැබීම එක්තරා භාග්‍යයකි. වර්ෂ 1983 මාර්තුවේ බිහිවූ වි.කා.බ ය ආරම්භයේ පටන්ම කුඩා කණ්ඩායම් සංකල්පය මත ගොඩනැගුණු සුවිශේෂී හමුදාමය ඒකකයක් වූ නමුත් එහි සාමාජිකයින් පිරිසක් තෝරාගෙන විශේෂයෙන් නිර්මාණය කරන ලද කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත පාඨමාලාවක් පවත්වන ලද්දේ ආරම්භයෙන් වසර 05 කට පසුවය.
ඒ ශ්‍රී ලංකාවේ උතුරේත් දකුණේත් යුද ගිණිදැල් ඇවිලෙමින් තිබූ අවිචාර කාලවකවානුවකදීය.
(එවකට පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් වූ උපාලි සිරිවර්ධන, චන්ද්‍රසිරි, රේණුක කරුණාරත්න, ප්‍රියන්ක රත්නායක සහ අපගේ වර්තමාන අණදෙන නිලධාරීතුමන් ද එහි සාමාජිකයින් විය)
එතැන් පටන් මේ දක්වා වි.කා.බ ය තුළ කුඩා කණ්ඩායම් පාඨමාලා 06 ක් පවත්වා ඇති අතර ඔවුන් ඊළාම් අරගල වකවනුවේ සටන්බිමේදී අමිල මෙහෙයක් ඉටුකළ බව සටහන් කර තැබිය යුතුය.....🇱🇰
වර්ෂ 2007 දී එම ඒකකය "චීටා කණ්ඩායම" ලෙස නාම පරිවර්තනයකට ද ලක්විය.
වසර 43 ක වි.කා.බ ඉතිහාසය තුළ කුඩා කණ්ඩායම් නිලධාරියෙක් එහි මුල් පුටුවට පත්වී ඇත්තේ එක් අවස්ථාවකදී පමණි.
ඒ අන්කවරෙක් නොව, වර්තමාන සේනාවිධායක පදවිය හොබවන නි.පො.ප සමන්ත ද සිල්වා ජ්‍යේෂ්ඨ නිලධාරීතුමාය...
තවත් නොබෝදිනකින් එතුමා වි.කා.බ රාජකාරියට සමුදී ඉසිඹුසුව ලැබීමට නියමිතය.
නමුත් ආධුනික උ.පො.ප වරයෙක් ලෙස බැඳී නි.පො.ප වරයෙක් වීම දක්වා පැමිණි ගමන් මග තුළ වි.කා.බ ය ටත් ශ්‍රී ලංකා පොලිසියටත් එතුමා අතින් ඉටුවූ සේවය අනභිභවනීය බව පසක් කළ යුතුය.
දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වී වසරක් ගතවෙමින් පැවති මොහොතේ එනම්
1991 ජූලි 28 දින කංචිකුඩිආරු ප්‍රදේශයේදී එල්ල වූ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ එතුමාගේ දිවිය ආරක්ෂා වූයේ දේව හාස්කමකින් යැයි ප්‍රකාශ කළහොත් අපට වඩා එතුමා එය පිළිගනු ඇතැයි මා සිතමි.
(නමුත් ස.පො.අ අශෝක කුමාර ඇතුළු වි.කා.බ අභීත රණවිරුවන් දෙදෙනෙක් එදින උපන් දේශය වෙනුවෙන් ප්‍රාණය පරිත්‍යාග කළහ)
නි.පො.ප සමන්ත ද සිල්වා ජ්‍යේෂ්ඨ නිලධාරීතුමාගේ රණකාමීත්වය පිළිබිඹු වන එක් විශිෂ්ඨ මෙහෙයුමක් අකුරු වලට නගමින්, එතුමා පිළිබඳව නොදන්නා අයට
එතුමාගේ තවත් පැතිකඩක් කියාපෑමට උත්සාහ දැරීම මගේ ප්‍රයත්නයයි.......👇
1990 ආරම්භ වන විට දකුණේ සන්නද්ධ කැරැල්ල අවසන් වෙමින් තිබූ නමුත් 1990 මැයි මස මුලදී කැරලිකරුවන් පිරිසක් සීගිරි විලේජ් හෝටලය ඇතුළු සංචාරක හෝටල් දෙකක් කොල්ලකා පලායාමට සමත් විය.
එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරකයින් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට රජයට සිදුවිය.
එසේම මෙම වාතාවරණය පොලීසියට දැඩි පීඩනයක් ගෙනදුන් එකක් වූ අතර කොල්ලකරුවන් සෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත පොලිසිය ගුවන් හමුදාව සහ යුද හමුදාව එක්වී කඩිනමින් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන්නට විය...
මෙහෙයුම අතරතුර ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් සීගිරිය කැලෑවට කඩා වැටී විනාශ වී ගියේ අවාසනාවන්ත ලෙසිනි.
************
මේ අතර පොලිස්පතිවරයා විසින් STF භට පිරිසක් මෙහෙයුම සඳහා කැඳවූ අතර ඒ අනුව ඒ වනවිට කටුකුරුන්ද පුහුණු පාසල තුළ ස්ථානගතව සිටි කුඩා කණ්ඩායම් 05 ක් SP. උපාලි සහබන්ධු ජ්‍යේෂ්ඨ නිලධාරීතුමාගේ අණදීම යටතේ 1990 මැයි 06 දින සීගිරිය ප්‍රදේශය වෙත වාර්තා කරන ලදී. (එය වි.කා.බ ය තුළ ස්ථාපනය කරන ලද පළමු වන කුඩා කණ්ඩායම් ඒකකය විය. පුහුණුව ලබාදෙන ලද්දේ විදේශීය උපදේශකයින් මගිනි)
එදින සන්ධ්‍යාවේ මාතලේට පැමිණි ඔවුන් නාඋල ප්‍රදේශයේ වනගත භූමියක තාවකාලික කඳවුරක් ඉදිකරගන්නා ලදී...

පසුදින උදෑසන STF කුඩා කණ්ඩායම් හතරක් වනාන්තරය අතරින් සතුරා සොයා ගමන් අරඹල ලදී. කැලය පීරමින් ගිය උ.පො.ප සමන්ත ද සිල්වා සහ සැරයන් තිසේරාගේ කුඩා කණ්ඩායම් දෙක,
මැයි 08 දින ගොම්මනේ වනය තුළ වූ කඳු මුදුනකින් එක්තරා චලනයක් නිරීක්ෂණය කළහ....
ඊට පසු දින, වෙසක් පුර පසාලොස්වක පොහොය දිනය වූ බැවින් භට පිරිසට කඳු මුදුනේ දසුන් මනාව නිරීක්ෂණය විය.
ඒ වනවිට හාත්පස අඳුර ගිලගනිමින් තිබූ බැවින් එදින රාත්‍රිය කන්ද පාමුල ගතකොට පසුදින හිමිදිරියේ කන්ද තරණය කිරීමට තරුණ උ.පො.ප වරයා තීරණය කළේය.
ඒ අනුව පසුදින එනම් මැයි 09, හිරු එළිය වැටීමටත් මත්තෙන් ගමන් ඇරඹූ කණ්ඩායමට පැය කිහිපයකින් කන්ද තරණය කිරීමට හැකියාව ලැබුණි.
එහිදී ඔවුන් දුටුවේ දුරදක්නයක් හා අවි වලින් සන්නද්ධව කන්දේ පහළ නිරීක්ෂණය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකි. දෙපිරිස අතර දුර මීටර් 20 ක් වත් නොවූ තරම්ය.
එහිදී එක් තැනැත්තෙක් හට භට පිරිස දර්ශනය වූ අතර කලබලයට හා බියට පත්වූ ඔවුන් STF කුඩා කණ්ඩායම වෙත වෙඩි තැබීමට සැරසුණි.
නමුත් ඒ, සුවිශේෂී පුහුණුවල් ලබා සිටි, උපක්‍රම ශිල්පයේ පිකාසෝලා වූ ඒ වනවිට ලංකාවේ වේගවත්ම හා සටන්කාමීම ආරක්ෂක භටයින් පිරිසක් බව නොදැන විය යුතුය.
වහාම ක්‍රියාත්මක වූ STF භටයින් තම අත රැඳි නවීන M16 අවි වලින් සතුරාට පිළිතුරු ලබාදුන් අතර ඊළඟ නිමේෂයේ ඔවුන් හට දැකගත හැකි වූයේ ප්‍රාණය නිරුද්ධ මළසිරුරු දෙකක් පමණි.
ඉන් එක් තැනැත්තෙක්, රජයට අවශ්‍ය ත්‍රස්තයෙක් ලෙස නම් කර සිටි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ (DJV) ප්‍රාදේශීය නායකයෙක් වූ "ප්‍රේමතිලක" බව හිටපු අණදෙන නිලධාරී ලයනල් කරුණාසේන ජ්‍යේෂ්ඨ නිලධාරීතුමා විසින් එක්තරා පැරණි වාර්තාවක සඳහන් කර ඇත....
පසුව සෙසු කුඩා කණ්ඩායම් ද ස්ථානය වෙත ගෙන්වාගෙන ප්‍රදේශය සෝදිසි කළ අතර ඊට සැතපුම් භාගයකට ඔබ්බෙන් තිබූ සතුරු සැඟවුණු ස්ථානයක් (Enemy Hideout) එහිදී හඳුනාගන්නා ලදී.
එහි සිටි ත්‍රස්තයින් වෙඩි ශබ්ධය ඇසී පළාගොස් තිබුණ ද සංචාරකයින්ගෙන් කොල්ලකන ලද බොහෝ දේපළ එහි තිබී සොයාගන්නා ලදී. ඒත් සමගම මෙහෙයුමද අපේක්ෂා කළ කාලයට ප්‍රථමයෙන් අවසන් විය. පළාගිය ත්‍රස්තයින් පසුව අවස්ථා කීපයකදී පොලිස් අත්අඩංගුවට පත්වූ බවත් වනයේ අතරමංවූ සමහරෙක් නිරාහාරව මියගිය බවත් වාර්තා වේ.....

මෙම මෙහෙයුම, මෙරට ආරක්ෂක අංශයක් එවක ලබාගත් සුවිශේෂීම ජයග්‍රහණයක් වූ අතර ඒ හරහා වි.කා.බ ය හිමිකරගත් ජන ප්‍රසාදය සුළුපටු එකක් නොවීය.
එහි ගෞරවය දිවංගත නි.පො.ප උපාලි සහබන්දු සෙන්පතිතුමන් හට මෙන්ම අපගේ වර්තමාන සේනාවිධායක නි.පො.ප සමන්ත ද සිල්වා ජ්‍යේෂ්ඨ නිලධාරීතුමාටත් එකසේ හිමිවේ.... (වි.කා.බ ස්වර්ණමය ඉතිහාසය තුළ මෙවැනි මෙහෙයුම් එමටය)
එමෙන්ම වි.කා.බ ය යනු එවැනි ශ්‍රේෂ්ඨ රණකාමීන්ගේ පහසින් පෝෂණය වූ සුවිශේෂී ආරක්ෂක ඒකකයකි.

සමන්ත ද සිල්වා ජ්‍යේෂ්ඨ නිලධාරීතුමනි,
වි.කා.බ මාතාවගේ දරුවෙක් ලෙසත් එහි අණදෙන්නා ලෙසත් අපගේ විශේෂ කාර්‍ය බලකාය තවතවත් ඉහළට ඔසවා තැබීමට ඔබ කළ මෙහෙයට අපගේ ආචාරය පුද කරමින ඔබතුමාට සුවබර විශ්‍රාම දිවියක් පතන්නෙමු.....🙏🪷🙏

Gayanath Sanjeewa Attanayaka මැතිතුමාගෙන් උපුටාගන්න ලදී

#නියතයිජය

• අගෝස්තු 30 විශ්‍රාම යෑමට නියමිත විශේෂ කාර්‍ය බලකා අණදෙන නිළධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මැතිතුමාට සුභාසිංශණ ...
08/28/2026

• අගෝස්තු 30 විශ්‍රාම යෑමට නියමිත විශේෂ කාර්‍ය බලකා අණදෙන නිළධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මැතිතුමාට සුභාසිංශණ පිරිනමන්නෙමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰 Samantha De Silva

• උපන්දින සුභපැතුම්.  අපේ දක්ෂ නිළධාරීන් දෙදෙනාට 🇱🇰🇱🇰🇱🇰🇱🇰 #නියතයිජය  ්දිනසුභපැතුම්
08/27/2026

• උපන්දින සුභපැතුම්. අපේ දක්ෂ නිළධාරීන් දෙදෙනාට
🇱🇰🇱🇰🇱🇰🇱🇰

#නියතයිජය ්දිනසුභපැතුම්

• අපේ දක්ෂ නිළධාරීන් තිදෙනාට උණුසුම් උපන්දින සුභ පැතුම් 🇱🇰🇱🇰 #නියතයිජය    ්දිනසැමරුම්
08/26/2026

• අපේ දක්ෂ නිළධාරීන් තිදෙනාට උණුසුම් උපන්දින සුභ පැතුම් 🇱🇰🇱🇰

#නියතයිජය ්දිනසැමරුම්

Address

232 W Main St
Versailles, OH
45380

Website

Alerts

Be the first to know and let us send you an email when Special Task Force posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share