Sri Lanka Consulate General in Cyprus

Sri Lanka Consulate General in Cyprus Welcome to the official page of the Consulate General of Sri Lanka in Cyprus — reopened in 2025

07/09/2026
07/09/2026
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය (Common) නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුක...
04/09/2026

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය (Common) නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරමින්, සයිප්‍රසයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පහසු, කාර්යක්ෂම හා ප්‍රවේශ විය හැකි කොන්සියුලර් සේවා ලබා දෙයි.
තමන්ගේත් අනාගත පරපුරේත් නීතිමය අයිතිවාසිකම් හා ප්‍රතිලාභ සුරක්ෂිත කර ගැනීම සඳහා, සිය විවාහයන් නීත්‍යානුකූලව ලියාපදිංචි කර ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට කොන්සල් ජනරාල් කාර්යාලය උපදෙස් දෙන අතර ඒ සඳහා ඔවුන් දිරිමත් කරයි.
කොන්සියුලර් කටයුතු, රැකියා හා සුභසාධන කටයුතු සම්බන්ධ දෛනික සාමාන්‍ය මෙහෙයුම්වලින් ඔබ්බට, කොන්සල් ජනරාල් කාර්යාලයේ වගකීම් හා කාර්යභාරය පුළුල් වන අතර, සයිප්‍රසයේ විවිධ ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සක්‍රීය සම්බන්ධතා සහ ප්‍රජා ප්‍රවේශ වැඩසටහන් ද පවත්වාගෙන යයි.
කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්යභාරය අතර කොන්සියුලර් සේවා, රැකියා හා සුභසාධන කටයුතු, ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය අතර ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික, සංස්කෘතික සහ මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය වේ.
මෙම සියලු කාර්යයන් සහ සේවාවන් ශ්‍රී ලංකාවේ සහ සයිප්‍රස් ජනරජයේ අදාළ නීති, රෙගුලාසි හා පරිපාලන අවශ්‍යතා වලට අනුකූලව ක්‍රියාත්මක කරනු ලබයි.

The Consulate General conducts another registration of marriage under Sri Lankan General (Common) Law, offering accessible and efficient consular services to the Sri Lankan community in Cyprus.
The Consulate General advises and encourages Sri Lankans to have their marriages legally registered, in order to secure the legal benefits accruing to themselves and to future generations.
Beyond its daily routine operations relating to consular functions and employment and welfare matters, the Consulate General's mandate extends further, reaching out to Sri Lankan communities across all parts of Cyprus.
Its functions encompass consular services, employment and welfare matters, bilateral relations between Sri Lanka and Cyprus, and economic, cultural, and public diplomacy, among other areas.
All such functions are undertaken within the framework of the laws and regulations of Sri Lanka and Cyprus.

කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා පොදු (සාමාන්‍ය) නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීමේ සේවාව තවදුරටත් සාර්ථකව ක්‍රියාත්ම...
04/09/2026

කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා පොදු (සාමාන්‍ය) නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීමේ සේවාව තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක කරමින්, සයිප්‍රසයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත කාර්යක්ෂම හා විශ්වාසනීය කොන්සියුලර් සේවාවන් සැපයීමට සිය කැපවීම අඛණ්ඩව ඉදිරියට ගෙන යයි.
ශ්‍රී ලංකා පොදු (සාමාන්‍ය) නීතියට අනුකූලව සිදුකරනු ලබන මෙම විවාහ ලියාපදිංචිය, ශ්‍රී ලංකා නීතිය යටතේ වලංගු හා නීත්‍යානුකූලව පිළිගත් විවාහයක් ලෙස සැලකෙන අතර, දෙපාර්ශවයේම අයිතිවාසිකම් හා වගකීම්, එමෙන්ම දරුවන් සම්බන්ධ අයිතිවාසිකම් හා වගකීම් ද නීතියට අනුකූලව සුරක්ෂිත කිරීමට දායක වේ.
කොන්සල් ජනරාල් කාර්යාලය අලුත විවාහ වූ යුවළ වෙත සිය උණුසුම් සුබ පැතුම් එක් කරමින්, ආදරයෙන්, සතුටින්, සමගියෙන් හා සෞභාග්‍යයෙන් පිරි සුන්දර යුග දිවියක් ප්‍රාර්ථනා කරයි.

The Consulate General continues to successfully facilitate the registration of marriages under Sri Lankan General (Common) Law, reaffirming its commitment to providing efficient, reliable, and accessible consular services to the Sri Lankan community in Cyprus.
Marriage registration conducted under Sri Lankan General (Common) Law constitutes a valid and legally recognized marriage under the laws of Sri Lanka, ensuring the protection of the rights and responsibilities of both parties, including those relating to their children, in accordance with Sri Lankan law.
The Consulate General extends its warmest congratulations to the newly wedded couple and wishes them a beautiful married life filled with love, happiness, harmony, and prosperity.

03/09/2026

The Consulate General of Sri Lanka in Nicosia warmly invites business owners, entrepreneurs, investors, and potential buyers to explore exciting opportunities to connect with Sri Lankan businesses and build new business partnerships.

Are you interested in sourcing products, finding new suppliers, exploring investments, or establishing business connections with Sri Lanka?

📩 We would love to learn more about your business!

If you are a potential buyer or business partner interested in participating in EXPO 2027, please contact us by email and share:

🔹 Your name & position
🔹 Company/Business name
🔹 Company profile & business background
🔹 Products or services you are interested in
🔹 Your areas of interest in doing business with Sri Lanka
🔹 Contact details

Watch the promotional video below to learn more about EXPO 2027 and the opportunities awaiting you!

Let’s connect, collaborate, and create new opportunities between Sri Lanka and Cyprus.

📩 Interested? Get in touch with the Consulate General of Sri Lanka.

26/08/2026

இஸ்லாமிய நாட்காட்டியின் 'ரபீஉல் அவ்வல்' மாதம் பிறப்பதன் மூலம், உலகவாழ் முஸ்லிம்கள், தியாகத்தை முன்நிறுத்தி மிகுந்த பக்தியுடன் கொண்டாடும் இறுதித் தூதர் முஹம்மது நபி(ஸல்) அவர்களின் ஜனனதின கொண்டாட்டமான மீலாதுன் நபி விழா இன்றாகும். சமத்துவமான ஒரு சமூகத்தை உருவாக்குவதை நோக்கமாகக் கொண்ட இந்தத் தினம், வெறும் விழாவிற்கும் அப்பால் ஆழமான ஆன்மீக வடிவத்தை எதிர்பார்க்கும் ஒரு கொண்டாட்டமாகும்.

இருளிலிருந்து வெளிச்சத்திற்கு அழைத்துச் செல்வதற்காக, எல்லையற்ற பொறுமை மற்றும் கருணையின் வழியை வெளிப்படுத்திய முஹம்மது நபி(ஸல்) அவர்கள், மனிதகுலத்திற்கு அன்று முதல் இன்று வரை தோன்றிய மிகச் சிறந்த இறைத் தூதர்களில் ஒருவராவார். 23 ஆண்டுகள் அவர் எதிர்கொண்ட பல்வேறு இன்னல்கள் மற்றும் செய்த இணையற்ற தியாகங்களின் நோக்கம் அமைதி, சகோதரத்துவம், தூய்மை, நம்பகத்தன்மை மற்றும் நீதி நிலைகொண்ட ஒரு நல்ல சமூகத்தைக் கட்டியெழுப்புவதாகும்.

இனம், சாதி, நிறம் அல்லது குலத்தின் அடிப்படையில் மனிதனை மதிப்பிடுவதை நிராகரித்த அன்னார், முழு மனிதகுலமும் ஒரே மூலத்திலிருந்து தோன்றியது என்பதையும், உண்மைத்தன்மை, சகிப்புத்தன்மை மற்றும் கருணை போன்ற உன்னத நற்பண்புகளால் மட்டுமே மேன்மையை அளவிட முடியும் என்பதையும் உணர்த்தினார். சமூகத்தில் உள்ள பணக்கார-ஏழை இடைவெளியை அகற்றி, ஒடுக்கப்பட்டவர்களுக்கும் உரிய உரிமைகளைப் பெற்றுத் தந்து, அவர் சமூக நீதி மற்றும் சமத்துவத்தின் முக்கிய அடித்தளத்தை அமைத்தார். சட்டத்தின் ஆட்சி நிலவும், நீதிமிக்க மற்றும் அனைவரையும் சமமாக நடத்தும் ஒரு நாட்டையும் சகவாழ்வுடனான சமூகத்தையும் உருவாக்கும் நமது எதிர்பார்ப்பை நிறைவேற்றுவதற்கு தேவையான வழிகாட்டுதல் நபிகள் நாயகம் அவர்களின் போதனைகளில் ஏராளமாக காணப்படுகின்றன.

மனிதர்களின் உளத் தூய்மையையும், சமூகத்தின் நன்னடத்தையையும் சீர்குலைக்கும் அனைத்துக் தீமைகளையும் இஸ்லாம் நிராகரிக்கிறது. எனவே, நமது தாய்நாட்டில் பேரழிவாகப் பரவி வரும் போதைப்பொருள் அச்சுறுத்தலுக்கு எதிராக அரசாங்கத்தால் தொடங்கப்பட்ட தேசிய செயற்பாடுகளைப் போன்ற, சமூக ஒழுக்கத்தை உயர்த்துவதற்கான திட்டங்களுக்கு நபிகளார் போதித்த இஸ்லாம் மார்க்கமும் அவரின் வாழ்க்கை முன்மாதிரியும் பெரும் பலத்தை அளிக்கின்றன.

உடைந்த உள்ளங்களைக் குணப்படுத்தி, வெறுப்பிற்குப் பதிலாக அன்பையும், பிணக்கிற்குப் பதிலாக சகோதரத்துவத்தையும் மதிக்கும் ஒரு புதிய யுகத்தை நோக்கிய பயணத்தில், நபிகள் (ஸல்) அவர்களினால் போதிக்கப்பட்ட இணையற்ற தியாகம் மற்றும் மனிதநேயத்தின் ஒளி அந்த பாதையைப் பிரகாசமாக்கும் என்பது எனது பலமான நம்பிக்கையாகும். நபிகளாரின் வாழ்க்கை முன்மாதிரி, அர்ப்பணிப்பு மற்றும் மேலான முயற்சிகளை உண்மையாக அர்த்தமுள்ளதாக்கி, நமது வாழ்க்கைப் பயணத்தை வடிவமைத்துக் கொள்ள உங்கள் அனைவருக்கும் அழைப்பு விடுக்கின்றேன்.

இலங்கையிலும் உலகெங்கிலும் வாழும் அனைத்து முஸ்லிம்களுக்கும் அர்த்தமுள்ள மீலாதுன் நபி தின வாழ்த்துகள் உரித்தாகட்டும்!

அநுர குமார திசாநாயக்க
ஜனாதிபதி
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசு
2026 ஆகஸ்ட் மாதம் 26 ஆம் திகதி

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 'රබී අල්-අව්වල්' මස උදාවෙත්ම, ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගය පෙරටු කර මහත් භක්ත්‍යාදරයෙන් සමරන ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දින සැමරුම හෙවත් මිලාද්-උන්-නබි සැමරුම අදට (26) යෙදී තිබේ. සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීම පරමාර්ථ කරගත් මෙය, හුදු උත්සවයකට එහා ගිය ගැඹුරු ආධ්‍යාත්මික හැඩගැස්මක් අපේක්ෂා කෙරෙන සැමරුමකි.

අන්ධකාරයෙන් ආලෝකය වෙත කැඳවාගෙන යනු පිණිස, අසීමිත ඉවසීමේ සහ දයානුකම්පාවේ මාවත හෙළිපෙහෙළි කළ මුහම්මද් නබිතුමා, මනුෂ්‍ය වර්ගයා වෙත එදාමෙදාතුර පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයෙකි. වසර 23ක් පුරා උන්වහන්සේ අභිමුඛ වූ අනේකවිධ කම්කටොලු සහ සිදු කළ අසමසම පරිත්‍යාගවල පරමාර්ථය වූයේ සාමය, සහෝදරත්වය, පාරිශුද්ධභාවය, විශ්වාසනීයත්වය සහ යුක්තිය රජයන යහපත් සමාජයක් ගොඩනැගීමයි.

ජාතිය, කුලය, වර්ණය හෝ වංශවත් බව මත මිනිසා මැනීම ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ, සමස්ත මානව සංහතියම එකම මූලයකින් පැවත එන බවත්, ශ්‍රේෂ්ඨත්වය මැනිය හැක්කේ සත්‍යවාදී බව, උපේක්ෂාව සහ කරුණාව වැනි උතුම් සාරධර්මවලින් පමණක් බවත් පසක් කළහ. සමාජයේ ඇති-නැති පරතරය දුරලමින්, පීඩිතයාටත් නිසි අයිතිවාසිකම් දිනා දෙමින් උන්වහන්සේ ගොඩනැගුවේ සමාජ සාධාරණත්වයේ සහ සමානාත්මතාවේ හර පදනමයි. නීතියේ ආධිපත්‍යය රජයන, යුක්තිගරුක සහ සියලුදෙනාට සමානව සලකන රටක් සහ සහජීවන සමාජයක් බිහි කරලීමේ අපගේ අපේක්ෂාව යථාවක් කර ගැනීමට අවැසි මගපෙන්වීම නබිතුමන්ගේ දර්ශනයෙන් නොමඳව සැපයේ.

මනුෂ්‍යයාගේ අභ්‍යන්තර පාරිශුද්ධත්වය මෙන්ම සමාජයේ ආචාරධාර්මිකභාවය කිළිටි කරන සියලු විෂයන් ඉස්ලාම් දහම විසින් බැහැර කරනු ලබයි. එබැවින්, අප මාතෘභුමිය මත පිළිලයක්ව වැඩෙන විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව රජය විසින් දියත් කරන ලද ජාතික මෙහෙයුම වැනි සමාජයීය ආචාරධාර්මිකභාවය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළවලට නබිතුමන්ගේ දහම සහ ජීවනාදර්ශය මගින් සැපයෙන්නේ මහඟු සවියකි.

බිඳුණු සිත් සුවපත් කරමින්, වෛරය වෙනුවට ප්‍රේමයත්, විරසකය වෙනුවට සහෝදරත්වයත් අගයන නව යුගයක් කරා යන ගමනේදී, නබිතුමන් විසින් පෙන්වා දෙන ලද අසමසම පරිත්‍යාගයේ සහ මනුෂ්‍යත්වයේ ආලෝකය එ’මග බබළවන බව මාගේ දැඩි විශ්වාසයයි. ශුද්ධ වූ නබි නායකතුමන්ගේ ජීවනාදර්ශය, කැපවීම සහ සද්-පරිශ්‍රමය සැබෑ ලෙස අරුත් ගන්වමින් ජීවන ගමන හැඩගන්වා ගැනීමට ඔබ සැමට ආරාධනා කරමි.
ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට අර්ථවත් මිලාද්-උන්-නබි උත්සවයක් වේවා!

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 අගෝස්තු 26දින

As the month of Rabi' al-Awwal dawns in the Islamic lunar calendar, Muslims across the world today (26) commemorate Milad-un-Nabi, the birth of the Holy Prophet Muhammad, with deep devotion and reverence, placing sacrifice at the forefront. With the aim of creating a society founded on equality, this is a commemoration that seeks a profound spiritual transformation that goes beyond a mere celebration.

The Holy Prophet Muhammad was one of the greatest teachers to have ever been sent to humanity, illuminating the path of boundless patience and compassion to lead people from darkness to light. The purpose of the many hardships he endured and the unparalleled sacrifices he made over a period of 23 years was to build a virtuous society in which peace, brotherhood, purity, trustworthiness and justice would prevail.

Rejecting the notion of judging people based on race, caste, colour or nobility, the Prophet taught that all humanity originates from a single source, and that true greatness can be measured only by noble values such as truthfulness, tolerance and compassion. By narrowing the gap between the privileged and the disadvantaged in society and securing due rights for the oppressed, he established the fundamental principles of social justice and equality. The Prophet's vision provides us with abundant guidance to realise our aspiration of creating a country governed by the rule of law, justice and equal treatment for all, and a society founded on coexistence and harmony.

Islam rejects all forms of vice that corrupt both the inner purity of the individual and the moral fabric of society. Therefore, the teachings and example of the Prophet provide immense strength to programmes aimed at uplifting the moral fabric of society, such as the national campaign launched by the Government to combat the scourge of illicit drugs, which is spreading like a blight across our motherland.

It is my firm belief that, as we journey towards a new era in which broken hearts are healed, love is valued over hatred and brotherhood over estrangement, the light of the unparalleled sacrifice and humanity demonstrated by the Prophet will illuminate our path. I invite you all to shape your lives by giving true meaning to the life and example, dedication and noble endeavours of the Holy Prophet.

May Milad-un-Nabi be a meaningful celebration for all Muslim devotees in Sri Lanka and across the world!

Anura Kumara Dissanayake
President
Democratic Socialist Republic of Sri Lanka
26th August, 2026

26/08/2026

42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය - 2026

NationalMeeladUnNabi2026

26/08/2026
Another batch of new passports has been received.Please note, that the passports will be delivered only to the respectiv...
24/08/2026

Another batch of new passports has been received.

Please note, that the passports will be delivered only to the respective applicants directly.
Please bring your old passport and visit the Consulate General office on weekdays during consular hours (9:00 a.m. – 1:30 p.m.) to collect your new passport.
The Consulate General of Sri Lanka wishes to express its deepest concern regarding the prolonged delay in receiving certain passports that are still pending delivery from Colombo.
According to our records, most of these passport applications were submitted and processed before 2025, i.e. well before the reopening of the Consulate General in Nicosia.
The Consulate General sincerely understands the inconvenience and difficulties caused to our valued applicants due to this delay.
Please be informed that all necessary steps have already been taken with the relevant authorities in Colombo to ensure that these long-pending passports are received by the Consulate General, as soon as possible.
We sincerely thank you for your patience and understanding.
Consulate General of Sri Lanka
Nicosia
Thank you
SLCG/Nicosia

Address

Ayiou Georgiou 4, Engomi
Nicosia
2411

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Consulate General in Cyprus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share