Galle Heritage Foundation

Galle Heritage Foundation Galle Heritage Foundation was created to promote, conserve, protect and develop the Galle Fort.

ඔබේ ව්‍යාපාරය හා කම්කරු නීතිය ?ගාල්ල කොටුව ව්‍යාපාරික ප්‍රජාව විදිහට ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය ගැන ඔබ දැනුවත් වීම අත්‍යව...
11/05/2026

ඔබේ ව්‍යාපාරය හා කම්කරු නීතිය ?

ගාල්ල කොටුව ව්‍යාපාරික ප්‍රජාව විදිහට ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය ගැන ඔබ දැනුවත් වීම අත්‍යවශ්‍යම කරුණක්. දැනුමෙන් සන්නද්ධව කම්කරු නීතිය පිළිබඳ ගැටළු මගහරවා ගනිමු..

ගාල්ල කොටුව ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන්ම සංවිධානය වන සුවිශේෂී අවස්ථාව මෙන්න! 🤝

ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන

ගාල්ල දිස්ත්‍රික් කම්කරු දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වයෙන් ඉදිරිපත් කරන මෙම වැඩසටහනේදී පහත වැදගත් මාතෘකා රැසක් සාකච්ඡා කෙරේ:

✅ සාප්පු හා කාර්යාල පනත
✅ EPF සහ ETF (අර්ථසාධක හා සේවා නියුක්ත භාර අරමුදල)
✅ ළමා ශ්‍රමය සහ ගැහැණු සේවකයින් සේවයේ යෙදවීමේ නීති
✅ සංශෝධිත අවම වැටුප් සීමාවන් සහ නව නීතිමය තත්ත්වයන්
✅ කම්කරු නීතියේ නව ප්‍රවණතා සහ විවෘත ගැටළු සාකච්ඡාව

👥 මෙම වැඩසටහන කා සඳහාද?

සංචාරක හෝටල්, ආපනශාලා සහ සම්භාහන මධ්‍යස්ථාන හිමිකරුවන් හා කළමනාකරුවන්

ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් සහ වෘත්තිකයින්

රාජ්‍ය ආයතන, මණ්ඩල සහ සංස්ථා ප්‍රධානීන්

මානව සම්පත් (HR) කළමනාකරුවන්

📅 දිනය: 2026 මැයි 19 වනදා
⏰ වේලාව: පෙ.ව 10.00 සිට ප.ව 02.00 දක්වා
📍 ස්ථානය: ගාලු උරුමය පදනම තොරතුරු මධ්‍යස්ථානය, බාලදක්ෂ මාවත (ගාල්ල කොටුව)
☎️091 2231982
එන්න, නිවැරදි දැනුමෙන් සන්නද්ධ වන්න. 💼✨
ලියාපදිංචි වීම සඳහා පලමු කමෙන්ටුවේ ඇති link එක භාවිතා කරන්න

04/05/2026


✨ Host Your Next Event at Galle Fort! ✨Looking for a professional, unique, and inspiring venue for your next meeting, tr...
02/04/2026

✨ Host Your Next Event at Galle Fort! ✨

Looking for a professional, unique, and inspiring venue for your next meeting, training session, or corporate conference?

📍 Galle Heritage foundation – Information Centre offers the perfect blend of modern facilities and heritage charm.👇


නෙදර්ලන්ත විද්‍යාර්ථයින්ගේ සංගමය( NAAL ) සහ ගාලු උරුමය පදනම අතර විශේෂ සාකච්ඡාවක් අද දින (2026.02.21) ගාලු උරුමය පදනම කාර...
21/02/2026

නෙදර්ලන්ත විද්‍යාර්ථයින්ගේ සංගමය( NAAL ) සහ ගාලු උරුමය පදනම අතර විශේෂ සාකච්ඡාවක් අද දින (2026.02.21) ගාලු උරුමය පදනම කාර්යාලයේදී සිදු කරන ලදී. ඉන් අනතුරුව එම සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් ගාලු කොටුව පරිශ්‍රයේ ක්ෂේත්‍ර චාරිකාවකටද එක්වීය. මේ සඳහා NAAL සංගමයේ සභාපති ඉංජිනේරු තමරා මල්ලවාරච්චි මිය ඇතුළු සෙසු සාමාජික පිරිසද, ගාලු උරුමය පදනමේ සභාපති මහාචාර්ය දේව මයිකල් ද සිල්වා
මහතා ,අධ්‍යක්ෂ අසංග උදුල ධර්මදාස මහතා , සහ කාර්ය මණ්ඩලයේ
නිලධාරීන්ද සහභාගී විය. ඉදිරියේදී
සිදුකිරීමට නියමිත ත්‍රිමාණ ජ්‍යාමිතික රණ වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමටද එම සංගමය එහිදී
එකඟතාවය පළ කරන ලදී.

විදේශීය සංචාරකයින්ට Moon Bastion හිදීගාලු කොටුවේ අලංකාරය, සංස්කෘතිය සහ විනෝදයඑක්වූ අමතක නොවන සංචාරක අත්දැකීමක් ✨🌙
01/02/2026

විදේශීය සංචාරකයින්ට Moon Bastion හිදී
ගාලු කොටුවේ අලංකාරය, සංස්කෘතිය සහ විනෝදය
එක්වූ අමතක නොවන සංචාරක අත්දැකීමක් ✨🌙


A unique experience for both local and foreign tourists, to feel the beauty of art and heritage in one place 🌍So, when y...
30/01/2026

A unique experience for both local and foreign tourists, to feel the beauty of art and heritage in one place 🌍

So, when you visit the World Heritage Galle Fort… Don’t forget to visit Moon Gallery



https://maps.app.goo.gl/eM1ALdKu6wzN9Ncm6

ගාලු කොටුව තුළ වෙළඳාමේ නිරත ජංගම වෙළඳුන් සඳහා, ගාලු උරුමය පදනම විසින් නිකුත් කර ඇති හැඳුනුම්පත් අළුත්කිරීමේ කටයුතු සඳහා ...
14/01/2026

ගාලු කොටුව තුළ වෙළඳාමේ නිරත ජංගම වෙළඳුන් සඳහා, ගාලු උරුමය පදනම විසින් නිකුත් කර ඇති හැඳුනුම්පත් අළුත්කිරීමේ කටයුතු සඳහා ජායාරූප ලබා ගැනිමේ කටයුතු 2026 ජනවාරි 14 වන අද දින ගාලු උරුමය පදනම් පරිශ්‍රයේදී සිදුකරන ලදී.
මෙම ක්‍රියාවලිය තුළින් ගාලු කොටුව තුළ ජංගම වෙළඳුන්ගේ ක්‍රියාකාරකම් විධිමත් කිරීම, නියාමනය හා සුරක්ෂිත වෙළඳ පරිසරයක් ඇති කිරීම අපගේ අරමුණ වේ.


✨️Applications are now open for the Training Assistant at the Galle Heritage Foundation Exhibition Galleries.👉For more d...
08/01/2026

✨️Applications are now open for the Training Assistant at the Galle Heritage Foundation Exhibition Galleries.
👉For more details, please refer to the official announcement below.


අද දින (2025.12.20) ගරු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතූමා  ඓතිහා...
20/12/2025

අද දින (2025.12.20) ගරු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතූමා ඓතිහාසික යුනෙස්කෝ ලෝක උරුම ගාලු කොටුවේ ප්‍රවර්ධනය, සංරක්ෂණය, ආරක්ෂාව හා සංවර්ධනය පිළිබඳව ගාලු උරුමය පදනමේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වීය. එහිදී ගාලූ උරුමය පදනමේ සභාපති මහාචාර්ය දේව මයිකල් ද සිල්වා මහතා විසින් මෙතෙක් සිදුකර ඇති සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව මෙන්ම අනාගත සංවර්ධන සැලසුම් සහිත ගාලු උරුමය පදනමේ සංයුක්ත සැලැස්ම ඉදිරිපත් කරන ලදි. එහිදී නිෂ්කාර්ය ඉඩම් හා රාජ්‍ය ගොඩනැගිලි හෙට දවසේ ඵලදායී ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට අදාලව යෝජනාවන් රැසක් ඉදිරිපත් කළ අතර ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට ගරු ඇමතිතුමා පූර්ණ එකඟතාව පල කරනු ලැබීය. ඉන් අනතුරුව කොටුව පරිශ්‍රයේ සිදුකරනු ලැබු නිරීක්ෂණ චාරිකාවට ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මැතිතුමා සමග නාගරික මන්ත්‍රී මනෝජ් මහතා හා ගාලු උරුමය පදනමේ අධ්‍යක්ෂ අසංග ධර්මදාස මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජීක මහත්ම මහත්මීන් සහභාගී විය.

Address

No 12, Rampart Street, Fort
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Galle Heritage Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Galle Heritage Foundation:

Share