Southern Provincial Development Authority

Southern Provincial Development Authority Development of the Southern Province

08/04/2026

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් 2025 වර්ෂයේ විදේශ රැකියා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලැබූ බර වාහන යන්ත්‍රෝපකරණ පුහුණු ව්‍යාපෘතිය හා RPL වැඩසටහන සම්පූර්ණ කරන ලද පුහුණු ලාභීන් 321දෙනෙකු වෙත අදාල NVQ 3 සහතික පත් ප්‍රදානය කිරීම ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් මාර් තු මස24 වෙනිදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම අවස්ථාවට සම්බන්ධ ප්‍රවෘත්තිය 2026.03.25 දින පස්වරු 12.00 ට ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය තුළ පළවිය.

බරවාහන යන්ත්‍රෝපකරණ පුහුණු ව්‍යාපෘතිය  හා RPL වැඩසටහන -NVQ 3 සහතිකපත් ප්‍රදානය - මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කදකුණු පළා...
31/03/2026

බරවාහන යන්ත්‍රෝපකරණ පුහුණු ව්‍යාපෘතිය හා RPL වැඩසටහන -NVQ 3 සහතිකපත් ප්‍රදානය - මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් 2025 වර්ෂයේ විදේශ රැකියා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලැබූ බර වාහන යන්ත්‍රෝපකරණ පුහුණු ව්‍යාපෘතිය හා RPL වැඩසටහන සම්පූර්ණ කරන ලද පුහුණු ලාභීන් 321දෙනෙකු වෙත අදාල NVQ 3 සහතික පත් ප්‍රදානය කිරීම ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2026.03.24 වෙනිදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී බරවාහන යන්ත්‍රෝපකරණ පුහුණු ව්‍යාපෘතියට අදාලව මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පුහුණූලාභීන් 63දෙනෙකු වෙතත්, ජාතික වෘත්තිය සුදුසුකම් සහතික පිරිනැමීමේ ව්‍යාපෘතිය (RPL) යටතේ මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පුහුණූලාභීන් 258දෙනෙකු සඳහා සහතික පත්‍ර ලබා දීම සිදු විය.

RPL ව්‍යාපෘතිය යටතේ විදුලි කාර්මික ශිල්පී , පෑස්සුම් ශිල්පී,ජල නල කාර්මික ශිල්පී, ගොඩනැගිලි පින්තාරු කිරීමේ ශිල්පීන්, ඇතුළු බොහෝ පිරිසකට NVQ 3 සහතික පත්‍ර පදානය කරන ලදී.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජන්ත ගම්මැද්ද මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්ත මහතා, දකුණූ පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රේමසිරි කළුආරච්චි මහතා ඇතුළු දකුණූ පළාත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, දකුණූ පළාත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.පී.දළුවත්ත මහතා ඇතුළු නිලධාරින් එක්විය.

බරවාහන යන්ත්‍රෝපකරණ පුහුණු ව්‍යාපෘතිය  හා RPL වැඩසටහන -NVQ 3 සහතිකපත් ප්‍රදානය -  ගාල්ල දිස්ත්‍රික්කයදකුණු පළාත් සංවර්ධන...
31/03/2026

බරවාහන යන්ත්‍රෝපකරණ පුහුණු ව්‍යාපෘතිය හා RPL වැඩසටහන -NVQ 3 සහතිකපත් ප්‍රදානය - ගාල්ල දිස්ත්‍රික්කය

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් 2025 වර්ෂයේ විදේශ රැකියා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරනු ලැබු බරවාහන යන්ත්‍රෝපකරණ පුහුණු ව්‍යාපෘතිය හා RPL වැඩසටහන (ජාතික වෘත්තිය සුදුසුකම් සහතික පිරිනැමීමේ ව්‍යාපෘතිය) යටතේ පුහුණුව සම්පූර්ණ කරන ලද ගාල්ල දිස්ත්‍රික්කයේ පුහුණුලාභීන් 272 දෙනෙකු වෙත NVQ 3 සහතිකපත් ප්‍රදානය කිරිම ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මැතිතුමාගේ සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර මහාචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.03.11 දින ලබුදුව දක්ෂිණපාය අමාත්‍යාංශ සංකිර්ණයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මැතිතුමන්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ක්‍රිසන්ත ඩබ්ලිව්. මහේන්ද්‍ර මහතා සහ දකුණූ පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රේමසිරි කළුආරච්චි මහතා ඇතුළු දකුණූ පළාත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, දකුණූ පළාත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.පී.දළුවත්ත මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරින් ද එක්විය.

මෙහිදී බරවාහන යන්ත්‍රෝපකරණ පුහුණු ව්‍යාපෘතියට අදාලව ගාල්ල දිස්ත්‍රික්කයේ පුහුණූලාභීන් 120 දෙනෙකු වෙතත්, ජාතික වෘත්තිය සුදුසුකම් සහතික පිරිනැමීමේ ව්‍යාපෘතිය (RPL) යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පුහුණූලාභීන් 152දෙනෙකු සඳහා සහතික පත්‍ර ලබා දීම සිදු විය.

01/01/2026

2026 වසර
ඔබ සැමට සාමය සතුට පිරි
සුභ නව වසරක් වේවා !
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ
ගරු සභාපතිතුමා , අධ්‍යක්ෂ ජනරාල්තුමා
ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලය

ඔබ සැමට ආරාධනා................
03/12/2025

ඔබ සැමට ආරාධනා................

විෂ මත්ද්‍රව්‍ය  උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන ‘’රටම එකට ජාතික මෙහෙයුම‘’ වැඩසටහනට සමගාමීව දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ...
30/10/2025

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන ‘’රටම එකට ජාතික මෙහෙයුම‘’ වැඩසටහනට සමගාමීව දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ප්‍රතිඥා ලබා දෙන ලදි

දකුණූ පළාත් සංවර්ධන අධිකාරියේ දත්ත පද්ධතියදකුණු පළාත් සංවර්ධන අධිකාරියෙන් ප්‍රතිලාභ ලැබූවන්ගේ තොරතුරු, දත්ත පද්ධතියට ඇතු...
29/10/2025

දකුණූ පළාත් සංවර්ධන අධිකාරියේ දත්ත පද්ධතිය

දකුණු පළාත් සංවර්ධන අධිකාරියෙන් ප්‍රතිලාභ ලැබූවන්ගේ තොරතුරු, දත්ත පද්ධතියට ඇතුලත් කිරීමේ ව්‍යාපෘතියේ පළමු සාමාජිකයා එම දත්ත පද්ධතියට ඇතුලත් කිරීම 2025.10.27 දින සිදු කරන ලදී.

අපනයන ව්‍යවසායකයින් බිහි කිරීමේ ව්‍යාපෘතියේ N.V. රිෂාන් දුලාංජන මයා පළමු සාමාජිකයා ලෙස අධිකාරියේ සභාපති ප්‍රේමසිරි කළුආරච්චි මහතා, අධ්‍යක්ෂ ජනරාල් ඩී.පී. දළුවත්ත මයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රථම සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

තරුණ ප්‍රජාව සඳහා විදේශගත රැකියා අවස්ථා........දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් 2025 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන බරවාහ...
22/10/2025

තරුණ ප්‍රජාව සඳහා විදේශගත රැකියා අවස්ථා........

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් 2025 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන බරවාහන යන්ත්‍රෝපකරණ පුහුණු වැඩසටහන සාර්ථකව නිම කරන ලද පුහුණුලාභීන්ට සහතිකපත් ප්‍රධානය සිදු කරනු ලබන අවස්ථාවකි.

මේ සඳහා දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ ගරු සභාපතිතුමා,ගණකාධිකාරි,සහකාර අධ්‍යක්ෂ (සැලසුම්),නිපුණතා නිලධාරි හා ගෝනාපිනුවල ලංකා බැංකුවේ කළමනාකරු සහභාගි විය.

සහතිකපත් ලබාගත් පුහුණුලාභින් කිහිපදෙනෙකු ඩුබායි රාජ්‍ය කරා රැකියා කටයුතු වල නියලීමට මේ වන විට ගොස් ඇත.

තරුණ ප්‍රජාව සඳහා විදේශගත රැකියා අවස්ථා ....... දේශීය හා විදේශීය රැකියා සඳහා උනන්දුව දක්වන තරුණ පිරිස් වෙනුවෙන්,දකුණු පළ...
03/10/2025

තරුණ ප්‍රජාව සඳහා විදේශගත රැකියා අවස්ථා .......

දේශීය හා විදේශීය රැකියා සඳහා උනන්දුව දක්වන තරුණ පිරිස් වෙනුවෙන්,දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් 50% ක මුල්‍යමය දායකත්වය මත බර වාහන යන්ත්‍රෝපකරණ පුහුණූ පාඨමාලාවක් පවත්වාගෙන යන අතර එය දකුණූ පළාතේ සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ නිර්දේශ මඟින් ප්‍රතිලාභින් තෝරා ගනු ලබයි.

එම තරුණ පිරිස අතරින් පුහුණූව අවසන් කළ ප්‍රතිලාභින් වෙත NVQ 3 සහතික පත්‍ර ප්‍රධානය කිරිමේ පළමු වැඩසටහන 2025.09.24 දින ගරු දකුණූ පළාත් ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

මේ සදහා දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ පුද්ගලික ලේකම් බී.කේ.එස්.රවීන්ද්‍ර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිශාන්ත මහේන්ද්‍ර,දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රේමසිරි කළුආරච්චි හා අධ්‍යක්ෂ ජනරාල් ඩී.පී.දළුවත්ත යන මහත්වරැ ඇතුළු පිරිසක් සහභාගි විය.

26/09/2025

Address

Southern Provincial Development Authority, Baladaksha Mawatha
Galle
80000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Southern Provincial Development Authority posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share