DS Galle

DS Galle Information Department,
District Media Unit
Galle.

දිනමිණ 2026-09-04
04/09/2026

දිනමිණ
2026-09-04

ලංකාදීප 2026-09-04
04/09/2026

ලංකාදීප
2026-09-04

ජීවනෝපාය සංවර්ධනයට ඉඩම් යොදා ගැනීම පිළිබද ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ අවධානය 🌴🌾🌴🌾🌱🌴🌾🌾🌱🌴🌴 🌾🌾🌴ගාල්ල දිස්ත්‍රික් කෘෂ...
03/09/2026

ජීවනෝපාය සංවර්ධනයට ඉඩම් යොදා ගැනීම පිළිබද ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ අවධානය
🌴🌾🌴🌾🌱🌴🌾🌾🌱🌴🌴 🌾🌾🌴

ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(09-03) මාර්ගගතව පැවැත්විණි.

කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතු වන ගැටලු සහ ඒ වෙනුවෙන් ගත හැකි විසඳුම් සාකච්ඡා කිරීම මෙහි දී සිදු කෙරිණි.

මෙහිදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් ඵලදායී ජීවනෝපාය සංවර්ධන මාර්ගයකට යොමු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මගින් පත්කළ ආයතන ප්‍රධානීන් ඒකාබද්ධව සැලසුමක් සකස් කළ යුතු බවයි.

දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම් .පී තමරා මහත්මිය මෙහිදී දැනුම්වත් කිරීමක් සිදු කරමින් පැවසුවේ 2026 යල කන්නයේ වී මිලදී ගැනීමට මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ වී මෝල් හිමියන්ට ලබා දෙන ණය මුදල පිළිබඳ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ දැනුම්වත් කිරීම් සිදු කරන ලෙසයි.

එමෙන්ම එල්නිනෝ තත්ත්වය හමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික වගා ආරක්ෂා කර ගැනීම පිළිබඳව දැනුම්වත් කිරීම සිදු කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි .

ගාල්ල දිස්ත්‍රික්කයේ දායකත්වය යටතේ වන තේ වගාව, සත්ව නිෂ්පාදන, රබර් සංවර්ධනය, කුරුඳු වගාව , පොල් වගාව, කලාප වාරිමාර්ග ආදී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්විය.

වී වගාව සම්බන්ධයෙන් පොහොර බෙදා හැරීම ගාල්ල දිස්ත්‍රික්කය තුළ වසර 05ක විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කෘෂිකර්ම කමිටුවේ දී තීරණය විය.

මෙම අවස්ථාවට ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) අයේෂා කාරියවසම් මහත්මිය , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන )ජී.ජී ලක්ෂ්මී කාන්ති මෙනවිය , දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.පී.තමරා මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් පිරිසක් සහභාගී වූහ.

03/09/2026
ගාල්ලේ තැඹිලි ගම්මාන වැඩසටහන අක්මීමනින් ඇරඹෙයි ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️කප්තුරු සවිය ජාතික වැඩසටහනට යටතේ  දිවයින  පුරා තැ...
02/09/2026

ගාල්ලේ තැඹිලි ගම්මාන වැඩසටහන අක්මීමනින් ඇරඹෙයි
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

කප්තුරු සවිය ජාතික වැඩසටහනට යටතේ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ වැඩසටහනට සමගාමීව තැඹිලි පැළ බෙදාදීම සහ සහනාධාර ප්‍රදානය කිරීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (02) පෙරවරුවේ පොද්දල, අරුණ සේනක කලංසූරිය මහතාගේ ඉඩමේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ගරු වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත සමරවීර සහ නිශාන්ත පෙරේරා මහත්වරුන් සහභාගී වූහ . බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් රසික කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මීට එක්ව සිටියහ.

2026.09.02 දිනට යෙදෙන ජාත්‍යන්තර පොල් දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. ශ්‍රී ලංකාව ගෝලීය තැඹිලි අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.2025 වසරේදී පොල් ආශ්‍රිත අගය එකතුකල නිෂ්පාදන අපනය කිරිම මගින්, ඩොලර් මිලියන 1222ක මුදලක් ඉැපයීමට සමත්ව ඇත.2030 වසර වන විට මෙරට පොල් ගෙඩි නිශ්පාදන මිලියන 4200ක් දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කයයි.ගාල්ල දිස්ත්‍රික් පොල්වගා කිරීමෙ මණ්ඩලය මගින් වැඩසටහන සංවිධානය කර ඇත.

ඛනිජ ද්‍රව්‍ය කැණීම සහ ප්‍රවා­හ­න ප්‍රති­ප­ත්තිය සහ බල­පත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️ ඉදි­කි­...
02/09/2026

ඛනිජ ද්‍රව්‍ය කැණීම සහ ප්‍රවා­හ­න ප්‍රති­ප­ත්තිය සහ බල­පත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක්
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

ඉදි­කි­රීම් කර්මා­න්ත­යට අවශ්‍ය කළු­ගල්, වැලි, පස්, බොරලු සහ මැටි වැනි ඛනිජ ද්‍රව්‍ය කැණීම, ප්‍රවා­හ­නය හා වෙළෙ­ඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවීම අද(03) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී සිදුකෙරිණ .

විනි­වි­ද­භා­ව­යෙන් යුතුව ඛනිජ ද්‍රව්‍ය කැණීම, ප්‍රවා­හ­නය හා වෙළෙ­ඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම සංවි­ධාන කිරීම සඳහා 2026 නව ඛනිජ ප්‍රති­ප­ත්තිය සහ නව බල­පත්‍ර නිකුත් කිරීමේ ක්‍රම­වේ­දය සැප්තැම්බර් මස පළ­මු­වැ­නිදා සිට ක්‍රියා­ත්මක කෙරේ . මෙම කමිටුවේ දී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ .

ඒ අනුව බල­පත්‍ර නිකුත් කිරී­මේදී මෙතෙක් ආය­තන ගණ­නා­ව­කින් අනු­මැ­තිය ගැනී­මට සිදු වූ ක්‍රම­වේ­දය වෙනු­වට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් සියලු අනු­මැ­තීන් සහි­තව බල­පත්‍ර නිකුත් කිරීම මෙමගින් ආරම්භ කෙරේ.

කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ උප­දෙස් පරිදි භූ විද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශය (GSMB) විසින් මේ නව වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කරනු ලබයි. අමාත්‍ය මණ්ඩල අනු­මැ­තිය පරිදි නිකුත් කරන ලද කර්මාන්ත චක්‍ර­ලේඛ අංක 01/2026 හරහා ක්‍රියා­ත්මක වන මේ නව ක්‍රම­වේ­දය සම්බ­න්ධ­යෙන් , ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් සහ වෙනත් ආයතන දැනු­ම්වත් කෙරිණ .

විවිධ රාජ්‍ය ආය­ත­න­වල පව­තින වෙනස් රෙගු­ලාසි සහ කාල­රාමු නිසා බල­පත්‍ර ලබා ගැනී­මේදී සිදු වන ප්‍රමාද හා අන­වශ්‍ය විය­දම් අවම කිරීම, අක්‍ර­ම­වත් ක්‍රම­වේද නිසා සාමාන්‍ය ජන­තාව මුහුණ දෙන ගැට­ලු­ව­ලට විස­ඳුම් දෙමින්, ඉදි­කි­රීම් ද්‍රව්‍ය සපයා ගැනීම වඩාත් විනි­වි­ද­භා­ව­යෙන් සිදු කිරීම, පරි­ස­ර­යට සහ සමා­ජ­යට වන හානිය අවම වන පරිදි විද්‍යා­ත්මක හා තාක්ෂ­ණික පද­න­ම­කින් ඛනිජ උකහා ගැනීම මෙහි අර­මු­ණයි.

මෙහිදී අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ පැවති ගැටලු නිරාකරණය කිරීමට මේ ක්‍රියාමාර්ගය ඉතාමත් කාලෝචිත බවයි. රටේ ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වෙන්න නම් ඉදිකිරීම් ක්ෂේත්‍රය දියුණු වෙන්න ඕනා. කර්මාන්ත වගේම පරිසරයත් ආරක්ෂා කරගන්න ඕනා. මේ දෙක සමතුලිත කරගෙන ක්‍රියාත්මක කරන්න මේ අළුත් නීතිය ඉවහල් කර ගන්නා ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය .

මෙම කමිටුව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන )අයේෂා කාරියවසම් මහත්මිය ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) ජී.ජී ලක්ෂ්ම් කාන්ති මෙනවිය ,භූ විද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශයේ ජ්‍යේෂ්ඨ ලේඛකාධිකාරි එම්.ටී.ඩී වනිගසිංහ මිය,ප්‍රදේශීය කැණීම් ඉංජිනේරු ගාල්ල,ප්‍රදේශීය ලේකම්වරුන් ,විවිධ ආයතන නියෝජනය කරන් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .

02/09/2026

ගමට හැදෙන පාර

දකුණු පළාත් සභාවෙන් ක්‍රියාත්මක දකුණු පළාත් ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 182 ක මුදලක් වැය කර...
01/09/2026

දකුණු පළාත් සභාවෙන් ක්‍රියාත්මක දකුණු පළාත් ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 182 ක මුදලක් වැය කරමින් යක්කලමුල්ල තේක්කවත්ත පාලමේ ඉදිකිරීම් කටයුතු පසුගියදා (31) ආරම්භ විය.

වසර 3කට වැඩි කාලයක් අබලන්ව පැවති මෙම පාලම මෙසේ, ප්‍රතිසංස්කරණය කිරීම සිදු වේ. මීටර් 14.5ක දිගින් යුත් මෙම පාලම ගම් දෙකක් සහ ප්‍රධාන මාර්ග දෙකක් යා කෙරේ.මේ අවස්තාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේ මහත ඇතුලු පලාත් පාලන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ .යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් වීණා රසාංජනී මෙනෙවිය ද මීට එක්ව සිටියහ .

ආරෝග්‍යා  සුවතා මධ්‍යස්ථානයක් ගාල්ල අක්මීමනට♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️ආරෝග්‍යා  සුවතා මධ්‍යස්ථාන  දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘත...
01/09/2026

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයක් ගාල්ල අක්මීමනට
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල ,අක්මීමන සුවතා මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර. යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේදී අක්මීමන කුරුඳුවත්තේදී සිදුකරනු ලැබීය

මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කෙරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙනි.

ආරෝග්‍යා මධ්‍යස්ථානය අක්මීමන කුරුඳුවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල භූමියේ ඉදිකරනු ලබන අතර.එහි ඉදිකිරීම් කටයුතු මාස තුනක් ඇතුළත නිම කිරීමට සැලසුම් කොට ඇත.

මෙම අවස්ථාවට අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.කේ. සුගත් මහතා ඇතුළු මහජන නියෝජිතයන් , දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් මහතා .දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය.අක්මිමන ප්‍රාදේශීය ලේකම් එස්.ටි.සජිවනි. මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

"රටම එකට" ගාල්ල දිස්ත්‍රික් මෙහෙයුම් සභාව රැස්වෙයි.♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජා...
01/09/2026

"රටම එකට" ගාල්ල දිස්ත්‍රික් මෙහෙයුම් සභාව රැස්වෙයි.
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ ගාල්ල දිස්ත්‍රික් කමිටුව ඊයේ (31) දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ සහ වෘත්තීය පුහුණු ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී පැවැත්විණි.

"මතින් තොර රටක් - සතුටින් පිරි හෙටක්" නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන් අවධාරණය කළේ, විෂ මත්ද්‍රව්‍ය ගැටළුව සමාජය තුළ පමණක් නොව රටේ ආර්ථික, සමාජීය හා පාලන ව්‍යුහයන් තුළද දූෂණය සහ වංචා වර්ධනය කිරීමට බලපාන බරපතළ අභියෝගයක් බවයි.

තවද, අනාගත පරපුරට සුරක්ෂිත සහ යහපත් රටක් උරුම කර දීමට නම් විෂ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ, පාසල් පද්ධතිය, දෙමාපියන් සහ සමස්ත ජනතාව එක්ව ක්‍රියා කළ යුතු බව ආණ්ඩුකාරතුමන් පෙන්වා දුන්නේය.

මෙහිදී ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා පෙනවා දුන්නේ මෙම අවස්ථාවේදී ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ආයතන රට තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කරමින් පවතින බවයි.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ වාර්තා වන මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් ඉදිරියේදී අවම කරමින්, මෙම දිස්ත්‍රික්කය මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අපේක්ෂාව බවද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම මෙහෙයුම් සභාවේදී ගාල්ල දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් වල වර්තමාන තත්වය, මත්ද්‍රව්‍ය නිවාරණය සහ ප්‍රතිකාර පුනරුත්ථාපන වැඩසටහන් වල ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව මෙන්ම එහි ප්‍රගතිය පිළිබඳව මෙහිදි සාකච්ඡා කරන ලදි.

ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොල්ස්පති එච්. සී. ඒ පුෂ්පකුමාර මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය වැටලීම පිළිබඳ වර්තමාන තත්වය පැහැදිළි කරමින් සඳහන් කලේ 2025.10.30 වන දින සිට 2026.08.30 වන දින දක්වා විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 13, 944 සිදුකර විෂ මත්ද්‍රව්‍ය 106.331kg ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය අළෙවි කිරීම වළක්වා ගැනීම සහ එම පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම, පාසල් සිසුන් අතර ඉළෙක්ට්‍රොනික් සිගරට් භාවිතය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙම මෙහෙයුම් සභාවේදී අවධානය යොමු විය.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් ප්‍රාථමික සත්කාරක රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන “සහන සුවය” ව්‍යාපෘතියේ ප්‍රගතිය, බන්ධනාගාර තදබදය අවම කර ගැනීම සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ දායක්ත්වය ලබා ගතහැකි ආකාරය මෙන්ම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය මඟින් සිදුකරන ප්‍රතිකාර වැඩසටහනේ ප්‍රගතිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩළය මඟින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාතත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර පුනරුත්ථාපන වැඩසටහන්වල ප්‍රගතිය එම ආයතන වල නිලධාරීන් විසින් දිස්ත්‍රික් මෙහෙයුම් සභාව වෙත ඉදිරිපත් කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා , දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී මුහන්දිරම් මහතා , ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච් .සී.ඒ පුෂ්පකුමාර මහතා , ක්ලීන් ශ්‍රී ලංකා දකුණු පළාත් සම්බන්ධීකාරක සංජය ධනුෂ්ක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ වගකිවයුතු පාර්ශව රැසක් එක්ව සිටියහ.

Address

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නො. 06, කොළඹ පාර, ගාල්ල
Galle
80000

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Alerts

Be the first to know and let us send you an email when DS Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DS Galle:

Shortcuts

Share