05/08/2026
Online සූදු වෙබ් අඩවි Block කළා කියලා මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ නැහැ. එයාලා හෙට වෙනත් Domain එකකින්, වෙනත් ක්‍රමයකින් ආයෙත් එනවා.
අල්ලන්න ඕන Website එක නෙවෙයි... සල්ලි යන පාර.
Online සූදුවට සම්බන්ධ Bank Accounts, Collection Accounts, Wallets සහ Payment Apps ගැන බැංකු සහ මූල්‍ය ආයතනවලටත් වගකීමක් තියෙන්න ඕන. දවසකට මිලියන ගණන් Transaction වෙනවා නම්, ඒවායේ සැකසහිත රටා හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත් ඔවුන්ගේ වගකීමක්.
ශ්‍රී ලංකා මහ බැංකුව නව Guideline එකක් නිකුත් කර, Online සූදුවට සම්බන්ධ බවට සැක කෙරෙන Collection Accounts සහ ගනුදෙනු පිළිබඳව Financial Intelligence Unit (FIU) වෙත වාර්තා කිරීම අනිවාර්ය කළ යුතුයි. එය නොසලකා හරින බැංකු සහ මූල්‍ය ආයතනවලටත් නීතිමය වගකීමක් තිබිය යුතුයි.
මේ ජාලය පවත්වාගෙන යන්නේ මැදිහත්කරුවන් පිරිසක්. ඒ නිසා ගනුදෙනු රටා සහ මුදල් ගලා යන ආකාරය විශ්ලේෂණය කරලා මේ Network එක හඳුනාගෙන කඩා බිඳ දැමීම තමයි වඩාත් ඵලදායී ක්‍රමය.
තවත් වැදගත් කාරණයක් තියෙනවා.
හෙට දවසක Online සූදුව නීත්‍යානුකූල කළත්, ඒක රටට විශාල සමාජ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේවාට වැඩිපුරම හසු වෙන්නේ ආර්ථික අපහසුතා තියෙන සාමාන්‍ය මිනිස්සු. ඒ අය තමයි "ඉක්මනින් සල්ලි හොයන්න" හිතලා මේවට ඇදෙන්නේ.
ඒත් භෞතික කැසිනෝවලට යන්නේ බොහෝවිට ඉහළ ආදායම් තියෙන පිරිසක්. ඒ නිසා Online සූදුවේ සමාජ බලපෑම ඊට වඩා විශාලයි.
Website Block කරන එක නෙවෙයි විසඳුම. මුදල් ගලා යන මාර්ගය නවත්වන එකයි සැබෑ විසඳුම.
-Kolla
Blocking online gambling websites alone will not solve the problem. They can simply reappear under a different domain or use new methods to continue operating.
The real target shouldn't be the website, it should be the flow of money.
Banks and financial institutions should also be held accountable for bank accounts, collection accounts, digital wallets, and payment apps used to facilitate online gambling. When millions of transactions are processed every day, identifying suspicious transaction patterns and taking appropriate action should be part of their responsibility.
The Central Bank of Sri Lanka should introduce new guidelines requiring banks and financial institutions to report suspected online gambling collection accounts and related transactions to the Financial Intelligence Unit (FIU). Institutions that fail to comply should face appropriate regulatory action.
These operations are typically run through networks of intermediaries. By analysing transaction patterns and the movement of funds, authorities can identify these networks and dismantle them more effectively.
There is another important issue.
Even if online gambling is legalized in the future, it could still become a major social problem. The people most vulnerable to these platforms are often those facing financial hardship, who are drawn in by the hope of making quick money.
In contrast, physical casinos are generally accessed by people with greater financial means. As a result, the social impact of online gambling has the potential to be far more widespread.
Blocking websites is not the real solution. Disrupting the flow of money is.
Central Bank of Sri Lanka Anura Kumara Dissanayake