09/08/2026
“අත්තම” ජාතික පවිත්‍රතා දින සමාරම්භක වැඩසටහන සාර්ථකව නිමාවක් සනිටුහන් කරයි....
🟢🟢🟢🟢🟩🟩🟩🟢🟢🟢🟢🟢🟢🟩🟩🟩🟩🟢🟢🟢🟢🟢🟢
“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කළ “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනේ සමාරම්භක වැඩසටහන 2026.08.08 උදෑසන 08.00ට ඇල්පිටිය උතුර, ඉහළවත්ත ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවැත්විණි.
ඇල්පිටිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් සංවිධානවල ක්‍රියාකාරී සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මැතිතුමා, ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය සම්බන්ධිකාරක රොෂාන් තරංග මයා, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ උපසභාපති සුමිත් පතිරගේ මැතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර සැලසුම් අධ්‍යක්ෂතුමා, පරිසර නිලධාරි, වසමට අනුයුක්ත නිලධාරීන්, විෂය නිලධාරි, ගාල්ල බූස්ස කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සී.එස්.කේ.රූපසිංහ(RSP) මහතා ඇතුළු යුද්ධ හමුදාව, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය, වසමේ ප්‍රජා සංවර්ධන සභාව (CDC) ඇතුළු ස්වේච්ඡා සංවිධාන මෙම අවස්ථාවට එක්විය.
ප්‍රජා සහභාගීත්වය තුළින් පවිත්‍ර දේශයක් ගොඩනැගීම මෙහි මූලික අරමුණයි,
මෙහිදී, ඇල්පිටිය උතුර වසමේ වල් බිහි වී තිබූ පොදු ඉඩම් කොටසක් පිලිසකර කර ප්‍රදේශයේ දරුවන්ට ක්‍රීඩා පිටියක් ලෙස සකස් කර දීමට හැකියාව ලැබුණි.
මෙම කර්තව්‍යය අවසන් කිරීමට මත්තෙන්ම තමන්ට හිමි වීමට යන ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට උපකරණ රැගෙන දරුවන් පැමිණීම මේ උත්සාහයේ සාර්ථකත්වය මනාව පිලිඹිබු කරන ලදී.
මෙම සත්කාර්යය සාර්ථක කරගැනීමට, නන් අයුරින් සහාය දැක්වූ (ආහාර පාන සපයා දෙමින්මා විවිධ අයුරින් සහාය ලබා දෙමින් )සියළුම දෙනාට අපගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කරන්නෙමු !
අප ඔබට ආරම්භයක් ලබා දුන්නෙමු... දැන් ඔබගේ වාරයයි....
ප්‍රජා සහභාගිත්වයෙන් ඔබේ ගම සුපිරිසිදු තැනක් කිරීමට පෙල ගැසෙන්න.... 🤝🤜🤛
#අත්තම