02/06/2026
“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක් ව්‍යාපෘතිය” යටතේ මාතර දිස්ත්‍රික්යේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16 ම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් අද (02) ආරම්භ කෙරිණි.
ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගත් නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනයට සෘජුවම දායක වන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 948.26 ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, එම ගින් මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 65ක් ක්‍රියාත්මක නියමිතය.
“ප්‍රජා ශක්ති – ගම් දහසක වැඩ දහසක්” වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද (02) පෙරවරු 9.00ට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාරඹ, ඉදිකටුදෙනිය ප්‍රදේශයේ දි පැවැත්විය.
ඒහි දි ඉදිකටුදෙණිය ප්‍රදේශයේ ගොවි කාන්තා සමිතියේ ව්‍යසායකයින් වෙනුවෙන් හෙල බොජුන් හලක් සඳහා මුල් ගල් තැබීය. එම ව්‍යාපෘතිය වෙනුවෙන් “ප්‍රජා ශක්ති – ගම් දහසක වැඩ දහසක්” වැඩසටහනෙන් රුපියල් 2,500,000ක් වෙන් කර ඇත.
එම අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කර්මාන්ත හා ව්‍යාසායකත්ව සංවර්ධණ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මාතර දිස්ත්‍රිත් ලේකම් චන්දන තිලකරත්න මහතා, අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති සමන් කුමාර සුරවීර මහතා, අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කේ.ජී.ඩී.අනෝජා මහත්මිය ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියහ.