NPP TEXAS

NPP TEXAS “Let the Real People Win”

09/29/2026
09/16/2026
08/20/2026

වේලාසනින් අවදිව
දේශය අවදි කිරීමේලා
උස්ව හැඬවුණු
ඔබේ හඬ
ජනහද සමඟ ගැහුණු
ඔබේ ස්වර
දුෂ්කරම සමයක
යුග මෙහෙවර
සදානුස්මරණීයයි!

08/06/2026

එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාත...

07/21/2026

🔴 රාජ්‍ය අංශයේ
ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට
තෙදින ජාතික වැඩමුළුවක්
කොළඹදී ඇරඹේ

රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු "රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව" අද (20) කොළඹදී ආරම්භ විය.

ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව (UN DESA) එක්ව මෙම තෙදින වැඩමුළුව සංවිධානය කර ඇත.

දත්ත පාලනය, ඩිජිටල් රාජ්‍ය පාලනය, ආචාරධාර්මික කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය, ජනනීය (Generative) සහ ස්වයංක්‍රීය (Agentic) AI තාක්ෂණය රාජ්‍ය සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ඇතුළු දේශීය හා ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන හරහා සාක්ෂි මත පදනම්ව තීරණ ගැනීමේ රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ.

07/03/2026
07/03/2026

🌾 රුපියල් මිලියන 500ක වියදමින් මෙට්‍රික් ටොන් 10ක ධාරිතාවයෙන් යුත් වී වේලන යන්ත්‍ර 50ක් සමුපකාර සමිතිවලට !🔥🇱🇰

සමුපකාර ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම හා ස්ථාවර මට්ටමකට පත් කිරීම වෙනුවෙන් රජය සුවිශේෂී පියවර රැසක් දියත් කර ඇත. පැවති දේශපාලන හිතවත්කම් මත ප්‍රතිපාදන බෙදාහැරීමේ ක්‍රමය මුළුමනින්ම වෙනස් කරමින්, වඩාත් ක්‍රියාශීලී සමුපකාර සමිතිවල ප්‍රගතිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කර තිබේ.

අයහපත් කාලගුණය හමුවේ වී වේලීමට එල්ල වන බාධා මෙන්ම, මහා මාර්ග අයිනේ වී වේලීම නිසා ගොවි ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ අනතුරු වළක්වාලීම වෙනුවෙන් රජය සෘජුව මැදිහත් වේ.

🔶 ව්‍යාපෘතිය: දිනකට වී මෙට්‍රික් ටොන් 10ක ධාරිතාවයක් සහිත නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර (Dryers) ප්‍රදානය කිරීම.

🔶 ප්‍රමාණය: දිවයින පුරා පිහිටි සමුපකාර සමිති වෙත යන්ත්‍ර 50ක්.

🔶 වටිනාකම: එක් යන්ත්‍රයක් රුපියල් මිලියන 10ක් පමණ වේ (සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 500කි).

06/24/2026

Address

Houston, TX

Website

Alerts

Be the first to know and let us send you an email when NPP TEXAS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share