Ministry of Agriculture , Sri Lanka

Ministry of Agriculture , Sri Lanka Welcome to the official page of Ministry of Agriculture ,Livestock Land and Irrigation Sri Lanka.

“ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (CECB) ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදෙනවා”කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් ...
21/08/2026

“ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (CECB) ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදෙනවා”
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා 2026.08.19 දින ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (CECB) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ආයතනයේ ඉදිරි පාලන කටයුතු සහ දැනට පවතින ගැටළු පිළිබඳව සොයා බැලීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.

ආයතනය වෙත පැමිණි අමාත්‍යවරයා CECB හි ඉහළ කළමනාකාරීත්වය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්විය. එහිදී ආයතනය තුළ දැනට පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට උසස් නිලධාරීහු කටයුතු කළහ. විශේෂයෙන්ම ආයතනයේ දෛනික කාර්යක්ෂමතාවයට බාධා පමුණුවන සේවක පුරප්පාඩු පැවතීම, රාජකාරී කටයුතු සහ ක්ෂේත්‍ර නිරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වන වාහනවල පවතින හිඟතාවය පිළිබදව සාකච්චා කරන ලදී.

මෙම ගැටළු කෙරෙහි අවධානය යොමු කළ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ, අදාළ නිලධාරීන් සමඟ නැවත වටයකින් සාකච්ඡා පවත්වා මෙම ගැටළුවලට කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි.

පාලනාධිකාරිය සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව, අමාත්‍යවරයා ආයතනයේ සියලුම සේවකයන් හමුවීමට ද කටයුතු කළේය. එහිදී සේවකයන්ට තමන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවූ අතර, අමාත්‍යවරයා ඉතා අවධානයෙන් යුතුව එම ගැටලුවලට සවන් දුන්නේය.

අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වත්මන් දේශපාලනික සහ සමාජීය පරිවර්තනය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය:

“අපි වගේ කණ්ඩායමක් ආණ්ඩුවක් බවට පත්වන්නේ රටක විශේෂ අවස්ථාවක. නැත්නම් පත්වෙන්නේ නැහැ. ටිකක් රැඩිකල් විකල්ප පරිවර්තනයන් කරන්න ඕන වෙනස්කම් කරන්න ඕන කියලා කල්පනා කරන බලවේගයක් සාමාන්‍යයෙන් රටක විශේෂ වටපිටාවක් ඇතුළේ තමයි බලයට එන්නේ. නැත්නම් තියෙන සම්ප්‍රදායික රාමුවක තමයි යන්නේ. ඒ සම්ප්‍රදාය ඇතුළේ රටකට තවදුරටත් යන්න බැරිනම් වෙනසකට යනවා.

අපි බංකොලොත් රටක් බවට පත්වෙලා හිටියා. රටක් කඩාවැටෙන්න බලපාන වැදගත් හේතු දෙකක් තියෙනවා. එකක් රජය. අනිත් එක දේශපාලනය. ඒ දෙක කඩන්වැටෙනකොට ආර්ථිකය බිඳ වැටෙනවා. අන්තිමේදී මුළු සමාජයම කඩන්වැටෙනවා.

කඩා වැටුණු රටක් තුළ අපි බලයට එනකොට අපේ රාජ්‍ය සේවයේ වාහන ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ තත්ත්වය වෙනස්කරන්න පොරබදිනකොට අර පරණ කුණුවෙච්ච අය එරෙහි වෙනවා. මොකද එයාලට පරණ කුණුවෙච්ච එක රහයි. ඒකෙන් එයාලා යැපුණා. එතකොට ඔවුන් පෙළඹෙනවා මේ වෙනස්වීම නවත්වන්න. රටක් වැටිලා පරිවර්තනය වෙන්න හදනකොට ඒ වට්ටන්න සම්බන්ධ වුණු බලවේග වෙනසට කැමති නැහැ.

පහුගිය කාලයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධයක් තිබුණා. තාමත් අපේ රාජ්‍ය ආයතනවලට ජනතාව බනිනවා. ලේසි නෑ වෙනස් කරන්න.”

රාජ්‍ය සේවය තුළ පවතින ගැටළු නිරාකරණය කරමින් ජනතා හිතවාදී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවත්, පවතින අභියෝග හමුවේ වෙනස වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

දත්ත මත පදනම් වූ ස්මාර්ට් කෘෂිකර්මාන්තයක් උදෙසා 'ජියෝගොවියා' පද්ධතිය තවදුරටත් බලගැන්වීම පිණිස උපායමාර්ගික සාකච්ඡාවක්කෘෂි...
21/08/2026

දත්ත මත පදනම් වූ ස්මාර්ට් කෘෂිකර්මාන්තයක් උදෙසා 'ජියෝගොවියා' පද්ධතිය තවදුරටත් බලගැන්වීම පිණිස උපායමාර්ගික සාකච්ඡාවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය හා එක්ව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් GeoGoviya පද්ධතියේ අනාගත සංවර්ධනය සහ දීර්ඝකාලීන තිරසාරභාවය පිළිබඳ විශේෂ උපායමාර්ගික සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම භූ-අවකාශීය කෘෂිකාර්මික පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (සංවර්ධන) ඇතුළු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ නිලධාරීන් මෙන්ම ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණික විශේෂඥයින්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයින්, ජාතික ආහාර සුරක්ෂිතතා තාක්ෂණික කමිටුව, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යන ආයතනවල නියෝජිතයෝ මෙයට එක්ව සිටියහ.
මෙම සාකච්ඡාව GeoGoviya පද්ධතිය තිරසාර, අන්තර්ක්‍රියාකාරී සහ දත්ත මත පදනම් වූ ජාතික කෘෂිකාර්මික ඩිජිටල් පරිසර පද්ධතියක වැදගත් අංගයක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හඳුනාගැනීමේ වැදගත් පියවරක් විය.

Strategic Discussion to Further Strengthen ‘GeoGoviya’ Towards Data-Driven Smart Agriculture

A special strategic discussion on the future development and long-term sustainability of the GeoGoviya System was held at the Auditorium of the Ministry of Agriculture, Livestock, Land and Irrigation, with the objective of advancing Sri Lanka towards a more data-driven, efficient and sustainable digital agriculture sector.

The discussion, jointly organized by the Ministry of Agriculture, Livestock, Land and Irrigation and the Department of Agrarian Development, focused on further strengthening GeoGoviya, one of Sri Lanka’s key geospatial agricultural information systems, expanding its data and technological capabilities, and enhancing its integration with the Government’s broader digital agriculture ecosystem.

The discussion brought together the Secretary of the Ministry, the Commissioner (Development) of the Department of Agrarian Development, ICT officials, key policymakers and technical experts, together with representatives from the Presidential Secretariat, the National Food Security Technical Committee, the International Water Management Institute (IWMI), and the Food and Agriculture Organization of the United Nations (FAO).

The discussion marked an important step towards identifying the way forward for developing GeoGoviya as a sustainable, interoperable and data-driven component of Sri Lanka’s national digital agriculture ecosystem, supporting better planning, informed decision-making and improved services to the farming community.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අසූ අටකට ස්ථිර පත්වීම්"රාජ්‍ය සේවයේ ගැටලු විසඳමින් සංවර්ධන ඉලක්ක කරා යෑම අපේ අරමුණයි" -...
12/08/2026

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අසූ අටකට ස්ථිර පත්වීම්

"රාජ්‍ය සේවයේ ගැටලු විසඳමින් සංවර්ධන ඉලක්ක කරා යෑම අපේ අරමුණයි" - කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත

කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ස්ථිර නොවූ සේවකයන් අසූ අට දෙනෙකුට (88) ස්ථිර පත්වීම් ලබා දීම 2026.08.07 දින කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්විණි.

කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා, අධ්‍යක්ෂතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාව අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ, පසුගිය රජයන් විසින් රාජ්‍ය සේවය බරක් ලෙස සලකා එය ලක්ෂ 15 සිට ලක්ෂ 5 දක්වා කුඩා කිරීමට තීරණය කර තිබූ බවයි. ඒ හේතුවෙන් නව බඳවා ගැනීම් මෙන්ම සේවකයන් ස්ථිර කිරීමද සම්පූර්ණයෙන්ම නතර කර දමා තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

"නමුත් අපි බලයට ආවට පස්සේ තීරණය කළා රාජ්‍ය සේවයේ තියෙන බරපතළ ගැටලු විසඳන්නේ නැතුව ඉදිරියට යන්න බැහැ කියලා. අදාළ සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කරන්න නම් රාජ්‍ය සේවයේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දිය යුතුයි. ඒ අනුව අපි පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. ඉදිරි අයවැයෙනුත් රාජ්‍ය සේවක වැටුප් නැවත වරක් වැඩි වෙනවා," යැයි අමාත්‍යවරයා පැවසීය.

දේශපාලනඥයන් විසින් අතීතයේදී විවිධ බඳවා ගැනීම් සිදු කළද, එම සේවකයන්ගේ අනාගතය පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බව පැවසූ අමාත්‍යවරයා 2019.09.01 දිනෙන් පසුව බඳවා ගෙන ස්ථිර නොවී සිටින සේවකයන්ද ඉදිරියේදී ස්ථිර කිරීමට පියවර ගන්නා බව හෙළි කළේය.

තවද, රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය තනතුරු රැසක් පුරප්පාඩුව පැවැතීම නිසා සංවර්ධන ඉලක්ක ප්‍රමාද වන බවත්, අයවැයෙන් කොතෙක් මුදල් වෙන් කළද ඒවා වියදම් කිරීම අවම මට්ටමක පවතින්නේ දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය සේවය දුර්වල කිරීමේ ප්‍රතිවිපාක නිසා බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියේදී විනිවිදභාවයෙන් යුත් තරග විභාග පවත්වා අවශ්‍ය බඳවා ගැනීම් සිදු කරන බවද සඳහන් කළේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අතීතයේදී අක්‍රමිකතාවලින් සහ දූෂණයෙන් පිරී පැවැති ස්ථානයක් බවත්, එවකට සිටි පාලකයන් තමන්ගේ පෞද්ගලික වුවමනා ඉෂ්ට කර ගැනීමට මෙම ආයතනය භාවිත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

"ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් තරම් ප්‍රශ්න වෙන කොහෙන්වත් එන්නේ නැහැ. ඒක නිලධාරීන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි, කාලයක් තිස්සේ හිර වෙලා තිබුණු ප්‍රශ්න. ඒ නිසා ඔබේ වගකීම තමයි මේ ප්‍රශ්න නීත්‍යානුකූලව විසඳන එක. අරගෙන ප්‍රයෝජනයක් ගන්නේ නැති ඉඩම් අපිට හොයලා දෙන්න. වැදගත් ව්‍යාපෘති එද්දී අවශ්‍ය ඉඩම් නැහැ. පැවැති දූෂිත තත්ත්වයෙන් මෙම ආයතනය ගොඩ අරගෙන, කාර්යක්ෂමව රටේ සංවර්ධනයට දායක වෙන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/2_Q6xj9VjDY
06/08/2026

https://youtu.be/2_Q6xj9VjDY

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

කොපියා (KOPIA) ශ්රී ලංකා  කෘෂිකර් ම   ව්යාපෘතියට වසර 15ක්: සංවත්සර සම්මන්ත්රණය ගන්නෝරුවේදී පැවැත්වෙයි.දකුණු කොරියානු ජනර...
06/08/2026

කොපියා (KOPIA) ශ්රී ලංකා කෘෂිකර් ම ව්යාපෘතියට වසර 15ක්: සංවත්සර සම්මන්ත්රණය ගන්නෝරුවේදී පැවැත්වෙයි.

දකුණු කොරියානු ජනරජයේ ග්රාමීය සංවර් ධන පරිපාලන අධිකාරිය (RDA) සහ ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර් තමේන්තුව එක්ව ක්රියාත්මක කරනු ලබන කොරියානු ජාත්යන්තර කෘෂිකාර් මික ව්යාපෘතියට (KOPIA - Korea Program on International Agriculture) වසර 15ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සංවත්සර සම්මන්ත්රණය ඊයේ 2026.08.04 දින ගන්නෝරුව ජාතික කෘෂිකර් ම තොරතුරු හා සන්නිවේදන මධ්යස්ථානයේදී ආරම්භ විය.

කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු මෙම සම්මන්ත්රණය “කොපියා (KOPIA) ශ්රී ලංකා ව්යාපෘතිය තුළින් ශ්රී ලංකාවේ කෘෂිකර් ම ක්ෂේත්රය අත්පත් කරගත් ජයග්රහණ හා ඉදිරි වැඩපිළිවෙළ” යන තේමාව යටතේ සංවිධානය කර තිබිණි.

2011 වසරේදී අවබෝධතා ගිවිසුමකට එළඹෙමින් ආරම්භ වූ KOPIA ශ්රී ලංකා ව්යාපෘතිය, ගතවූ වසර 15 තුළ මෙරට කෘෂිකාර් මික ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.45කට අධික ආයෝජනයක් සිදුකරමින් ජාතික මට්ටමේ ව්යාපෘති 17ක් සාර්ථකව ක්රියාත්මක කර ඇත.

විශේෂයෙන්ම, දේශීය ලොකු ළූණු සහ මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම, බතලගොඩ වී පර්යේෂණ ආයතනය සහ අනුරාධපුර මහඉලුප්පල්ලම, හෝරණ පළතුරු පර්යේෂණ ආයතන සමඟ එක්ව නව බෝග ප්රභේද හඳුන්වා දීම (MBMI-7 මුං ඇට, මාකඳුර සුදු බිම්මල්, MICH 1 හා MICH 2 මිරිස් ප්රභේද), දේශීය බීජ නිෂ්පාදනය ප්රවර් ධනය සඳහා ආදර් ශ ගම්මාන (Model Villages) 7ක් ස්ථාපිත කිරීම, නවීන කොරියානු කෘෂිකාර් මික යන්ත්රසූත්ර හා පාලිත පරිසර වගා තාක්ෂණය (Polytunnels සහ Rain Covers) මෙරට ගොවීන්ට හඳුන්වා දීම KOPIA හරහා සිදුවූ කැපී පෙනෙන ජයග්රහණ අතර වේ.

කොරියානු කොපියා (KOPIA) ආයතනය ශ්රී ලංකාවේ කෘෂිකර් මාන්තය නගා සිටුවීම වෙනුවෙන් වසර 15ක් පුරා ලබාදුන් සුවිශේෂී දායකත්වය කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතාගේ ඇගයීමට ලක්විය. කෘෂිකර් මාන්තය තුළ නව පිම්මක් පැනීම සඳහා රජය මේ වන විට සැලසුම් කර ඇති බවත්, එම කටයුතු සාර් ථක කර ගැනීමට කෝපියා ආයතනයේ සහයෝගය තවදුරටත් ඉදිරි වසර කිහිපය සඳහාත් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
මෙම අවස්ථාවට කොරියානු ජාතික උද්යාන විද්යා හා ඖෂධීය ශාක විද්යා ආයතනයේ අධ්යක්ෂ ආචාර් ය කිම් දේ-හ්යුන් (Dr. Kim Dae Hyun), KOPIA ශ්රී ලංකා ව්යාපෘති අධ්යක්ෂ ආචාර්ය පාක් ප්යුං-සික් (Dr. Park Pyung-Sik) යන මහත්වරුන් ඇතුළු දකුණු කොරියානු ජනරජයේ ග්රාමීය සංවර් ධන පරිපාලන අධිකාරියේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

KOPIA ශ්රී ලංකා ව්යාපෘතියේ ප්රධාන මෙහෙයුම් සහකරු වන කෘෂිකර් ම දෙපාර් තමේන්තුව නියෝජනය කරමින් කෘෂිකර් ම අධ්යක්ෂ ජනරාල් ආචාර් ය තුෂාර වික්රමආරච්චි, අතිරේක කෘෂිකර් ම අධ්යක්ෂ ජනරාල් (සංවර් ධන) ජී.ජී.වී. ශ්යාමලී මහත්මිය, අතිරේක කෘෂිකර් ම අධ්යක්ෂ ජනරාල් (පර් යේෂණ) ආචාර් ය ජේ.ඒ. සුමිත් යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර් තමේන්තුවේ ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රික...
06/08/2026

ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරන ලද SMART Irrigation System Project යටතේ, ගොවීන්ගේ වගා කටයුතු සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප සහ ඒ ආශ්‍රිත වාරිමාර්ග පහසුකම් ලබාදී ඇත. අදාළ ප්‍රතිලාභී ලැයිස්තුව අනුව, කුච්චවේලි, නිලාවේලි, මුතූර්, වාන්ඇල, කින්නියා, සාම්පූර් සහ පදවි ශ්‍රීපුර ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අයත් ගොවීන් 48 දෙනෙකු මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර ගොවීන් බොහෝ දෙනෙකුට වගාවට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා ඩීසල්, භූමිතෙල් හෝ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප භාවිත කිරීමට සිදුව තිබුණි. ඉන්ධන හා විදුලි වියදම්, නඩත්තු ගැටළු සහ ප්‍රමාණවත් ලෙස ජලය ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් වගා කළ හැකි භූමි ප්‍රමාණය සහ ගොවීන්ගේ ආදායම සීමා වී තිබූ බව ප්‍රතිලාභී වාර්තාවල දැක්වේ.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප ලබාදීමෙන් පසු, ගොවීන්ට වගා බිම් සඳහා වඩාත් පහසුවෙන් හා නියමිත පරිදි ජලය සැපයීමට හැකි වී තිබේ. එමඟින් ඉන්ධන හා විදුලි වියදම් අඩු කිරීම, නිෂ්පාදන පිරිවැය පාලනය කිරීම, පෙර වගා නොකළ ඉඩම් වගාවට එක් කිරීම සහ වගා කටයුතු සැලසුම් සහගතව සිදු කිරීම සඳහා අවස්ථාව ලැබී ඇත. නිලාවේලි ප්‍රදේශයේ ප්‍රතිලාභී වාර්තා අනුව, සූර්ය බල පද්ධති ලැබීමෙන් පසු ජල සැපයුම පහසු වී, කෘෂිකාර්මික නිෂ්පාදන වියදම් අඩු වී ඇත.

කින්නියා ප්‍රදේශයේ ගොවීන්ගේ තොරතුරු අනුව සූර්ය බල ජල පොම්ප භාවිතය හේතුවෙන් ඉන්ධන හා විදුලි වියදම්වලින් තොරව රටකජු, මඤ්ඤොක්කා, වම්බටු සහ අනෙකුත් බෝග වගා කිරීමට හැකි වී ඇති බව වාර්තා වී ඇත. වාන්ඇළ සහ සාම්පූර් යන ප්‍රදේශවල වාර්තා ද වගා බිම් පුළුල් කිරීම, විවිධ බෝග වගා කිරීම සහ වගා කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම පහසුකම ප්‍රයෝජනවත් වී ඇත.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට හෝ අදාළ සේවාවන් සම්බන්ධයෙන් විමසීම සඳහා ප්‍රදේශයේ ගොවීන් තම ප්‍රදේශයට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථානය හෝ ත්‍රිකුණාමලය, ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලය සම්බන්ධ කරගත හැකිය.

Address

80/5, "Govijana Mandiraya", Rajamalwatta Lane
Battaramulla
10120

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Ministry of Agriculture , Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ministry of Agriculture , Sri Lanka:

Shortcuts

Share