Cosmic Energy

Cosmic Energy Life With Dignity
(2)

06/09/2026

කමේන්ට් එකක් දගෙන යන්න

06/09/2026
06/09/2026

චිත්ත බලයේ ක්‍රියාකාරීත්වය ගැන තවත් සත්‍ය කතාවක්....
එක දවසක් එක ගොවිමහත්මයෙක් මාව හම්බෙන්න ආවා.එයාට,අම්ම නැතිවුනු ගැහැනු දරුවො 4දෙනෙක් ඉන්නවා.මෙ දරුවන්ට පාසල් යන්න තීනවා ගුරුපාඅරක කිලෝමීටර් ගානක් ඈත ගමනක්..මේ තාත්තා මට එහෙම කියනවා. මට ලොකු අඩුවක් තීනවා,මේ ළමයින්ට පාසල් යන්න වාහනයක් නෑ.මම කරන්නෙ මගෙම කුබුරක්..ගෙදර වත්තෙ පොල්ගස් ටිකක් තීනවා.දූරියං ගස් තීනවා.මට වාහනයක් ගන්න තරම් ආදායමක් නෑ මහත්තයො.. හැබැයි මට කොහොමහරි වෑන් එකක් ගන්න ඕනා.. පාසැල් බස් එකකට තරම් පාරෙ ලමයි ඉන්නවා..මේ සගරාවෙ තීන විදියට කරන්න බැරි දෙයක් නෑ කියනවනේ.ඉතින් මට කියල දෙන්න මම වෑන් එකක් ගන්නෙ කොහොමද කියලා. අනේ ඔබතුමාව හම්බෙන්න මෙච්චර දුරක් ආවෙ මේක සහසුද්දෙන්ම දැනගන්න.මං ඔබතුමා කියන දෙයක් කරන්නම්.මට ඔබතුමා මේ උදව්ව කරන්න.මට වෑන් එකක් ගන්න ඔනා.හැබැයි මන්ලග සල්ලි නෑ. මට ඩ්‍රයිවිං ලෛසන් තීනව. ලොකු ආසවක් මට තියෙනව වෑන් එකක් ගන්න. මේ සගරාවෙන් කියනවනෙ සල්ලි මවාගන්න පුලුවන් ක්‍රමවේදයන් ගැන.අනේ අපට කියල දෙන්න.ප්‍රායෝගිකව කරන්න තේරෙන්නෙ නැහැ අපිට.
"අලුත් සුවඳ හමන,අලුත් සීට් තියෙන,සුදුපාට අලුත්ම ටොයෝටා වෑන් එක මගේ නමට අරගෙන මගේ මිදුලේ මං ලඟදිම නවත්තනවාමයි.""කියලා මම එයාට ස්වයං යෝජනාවක් ලියලා දුන්නා.එහෙම ටොයොටා වෑන් එකක වර්ණ පින්තූරයකුත් ගෙදර බිත්තියේ ඇහැට පේන තැනක තියන්න.එතකොට ආශාව වැඩිවෙනවා.තමුන්ගෙ මොලේට ඇහෙන්න මේ මන්තරේ මතුරනකොට එය තමුන් තමුන්ට කරන යෝජනාවක් වෙනවා.තමුන් තමුන්ට කරන යෝජනා වලට කියන්නෙ ස්වයං යෝජනා කියලා.මේ විදියට මේ ස්වයංයෝජනාව නිතර මතුරනකොට අලුත් වැන් එකක තියෙන සුවඳ නහයට දැනෙනවා.අලුත් ටයර්වල කට්ටපාරවල් මිදුලෙ ඇඳිලා හිතට පේනවා.එතකොට මොළයට ඇතිවෙනවා සුන්දර සතුටුදායක සිහිනයක්..හිතට හොඳ සතුටක් දැනෙනවා.. වැඩිය ඔලුවට බර දාලා මතුරන්නෙ නෑ.හෙමින් ඇඟට නොදැනී සතුටින් විශ්වාසයෙන් ගානට මන්තරේ මතුරන්න. ඒ විතරක් නෙවේ මෙ මැතිරීම කරනකොට ඒ වෑන් එකේ පාට,හැඩ ,ඔක්කොම හොඳට දැනෙනවා.වෑන් එක පදවනකොට දැනෙන සුවය හිතින් විඳින්න පුලුවන්..මේ ස්වයංයෝජනාව මතුරනකොට වෑන් එක මොලේ ඇඳිලා හිතට සතුටක් දැනෙනවානම් හරි.ඊටපස්සෙ වෑනෙකෙ සුවඳ, හැඩය පාට සුවය ඔක්කොම ස්නායු පද්දතියටම දැනෙනවා.ස්නායු පද්දතියට දැනෙන්නෙ සතුටින් ආශාවකින් උවමනාවෙන් කලොත් විතරයි..
ආයාසයෙන් බලෙන් ඕනවට එපාවට කරන යෝජනාවලින් ඵලක් නැහැ.ප්‍රතිපල නෑ කියලා රටවටේ කියව කියව ඇවිදිනවා..ඒ නිසයි නිවැරදි ගුරුවරයෙක්ගෙ මාර්ගෝපදේශ ඕනැ කියන්නෙ. ඉතින් දැන් අර ගොවිමහත්මයට මොකද වුනේ..

මං මේ ස්වයං යෝජනාව දීලා මාස 2ක්ට පස්සෙ මෙයා ආවා.එදා මෙයාව දැක්ක ගමන් වැඩේ හරිගිහින් තමයි කියලා මට සතුටු හිතුනා.. අහල බලපුවාම අනේ නෑ...මේ ස්වයංයෝජනාව මතුරන්න ගත්තට පස්සෙ මට අල්ලපු අත්තත් නැති වුනා,පයගහපු අත්තත් නැතිවුනා කියලා මූණ බෙරිකරගෙන මට කීවා. එහෙම වෙන්න බෑනේ කියලා මං කියනකොට එයා කියනවා..."වෙනදා මේ කාලෙදි මගෙ දූරියං ගස්වල මල් හැදිලා ගෙඩි හැදිලා.මේ වතාවෙ එක ගහකවත් එක මලක් නෑ එක ගෙඩියක්වත් නෑ. "ඉතින් ඔය මහත්තයා දැන් හදන්නෙ ස්වයංයෝජනාව අත හරින්නද.? කියල මම ඇහුවා. ඉතින් මං වෙන මොනවා කරන්නද මහත්තයා.මං හරි අමාරුවක වැටුනෙ මේ හින්දා.මේ වතාවෙ ගස්වල ගෙඩිත් නැති වුනානෙ මට.""කියලා මේ මනුස්සයා මට කිව්වා.

ස්වයයෝජනාවක් කරන එකෙන් ඔබේ මොළය මගින් මුළු ස්නායු මන්ඩලයටම මේ යෝජනාව පාස්වෙනවා.මාස දෙකක් කියන්නෙ ලොකු දිග කාලයක්.අපි එකම දෙයක් ගැනනෙ හිතුවෙ කීවේ,,,,..ඔව් මං විතරක් නෙවෙයි අපෙ දරුවො හතරදෙන්ස්ත් සහබාගි වෙලායි එකම වෙලාවෙ එකටම තමයි මේ මන්තරෙ මතුරන්නෙ.මහත්මයා කියපු විදියටම තමයි කලේ. දූරියං ගස්වල ගෙඩි හැදුනාම කොහොමත් මං මාසෙට ලක්ශ දෙකක් විතර ගන්නවාමයි.මේ සැරේ අපිට සිදුවුනු මෙ විපත නිසා ළමයිනුත් වැටුනා..මුලු පළාතෙම ගස්වල ගෙඩි හැදිලා.මටම විතරයි මෙහෙම වුනේ..

කමක් නෑ..අත අරින්න එපා.මං වැරදි දෙයක් නෙවෙයි ඔබ්ස්ට කිව්වේ.. හැමදාම එකවිදියට කරගෙන ආවා වගේ වෑන් එක හිතෙන් දැක දැක එදා වගේම වෑන් එක ගෙදරට ගේනකම්ම මේ ස්වයංයෝජනාව කරන්න කියලා සනසලා,ශක්තිමත් කරලා ප්‍රතිඵල ස්තිරබව තහවුරු කරවලා මම ගැරන්ටියක් දුන්නා.ඔබට වරදින්න බෑනේ අනික් අය ඔක්කොටම හරිගියානම්,ඕක මං කියන විදියටම කරානම් ශුවර්ම ශුවර්..
මාස තුනක් වගේ පහුවෙලා මේ මනුස්සයා ආයෙත් මාව හමුවෙන්න ආවා..මං ඇහුවා වෑන් එකක් ගත්තද කියලා..මං පාසල් නිවාඩුවට ගමේ ගිහින් එනකොට පුදුම හාස්කමක් වෙලා..!

ශා හොදයිනෙ.පුදුම දේවල් තමයි මේ ස්වංයෝජනාවලින් වෙන්නේ... " මගෙ දූරියංගස් ඔක්කොගෙම මල් හැදිලා ගෙඩි පිරිලා අවාරේ..මේ වතාවෙ මගෙ ජීවිතේ දැකපු වැඩිම ඵලදාව.. මං දැන් ගෙදරින් කොහෙවත් යන්නෙ නෑ..මල් රකිනවා.අනේ මට හරි පුදුමයි මහත්තයෝ මං මේ තකහනියක්ම දුවගෙන ආවෙ මට මේක හිතේ දරාගෙන ඉන්න බැරි හින්දා.හරි පුදුමයි.දැන් ඉතින් මට ශුවර්..
ඒක තමයි මං කිව්වෙ ඔයාට අත් හරින්න එපා කියලා,මේ හදාගත්තු මන්තරේ ගුණ දෙනතුරු මතුරන්න කියලා..යන්තරේ ක්‍රියාත්මක වෙන්නැද්ද කියලා බලන්න කියලා. "පුදුමයි මට අදහගන්න බැ පුදුම සම්පතක්.."
මට හරි සංතෝෂයි දැන්..අවාරෙනේ.ගෙඩිත් ලොකුවට අල්ලනවා මේ සැරේ..වෑන් එක ගත්තා වගේ තමයි දැන්..

සුමනදාස සමරසිංහ තුමා මේ රහස් හරිම සරල භාශාවෙන් අපිට කියලා දුන්නට ඒවා ක්‍රියාත්මක කල පිරිස රටේ අඩුයිනේ..නැත්නම් මේ මනෝ ධර්ම විද්‍යා මහා රහසෙන් අපේ මුලු රටම දියුනුකරන්න තිබුනනේ...
පස්සෙ දවසක මේ ගොවිමහත්තයා එයාගෙ දරුවො හතරදෙනත් එක්ක එයා ගත්ත සුදුපාට ටොයෝටා වෑන් එකෙන් මාව හමුවෙන්න ඇවිත් ඒ තාත්තගෙ ඇස් දෙකෙන් රිදී කඳුලු කැට කඩාවැටෙද්දි වාහනේ යතුර මගේ අතට බාරදුන්නා...

ඉතින් යාලුවනේ මම මේ ලියපු සටහන මීට අවුරුදු ගනනාවකට කලින් මේ පුන්චි ලක් පොලවෙ ජීවමාන වුනු පරිපූර්ණ සත්‍යම සිදුවීමක්... ප්‍රවීන පුද්ගල සංවර්ධන උපදේශක ,මනස සරු ධන චින්තන ධනාත්මක සංග්‍රහයේ ගරු සභාපති සාන්ත ජයසුන්දර මැතිතුමා ඉදිරිපත් කරලා තිබුනු එතුමාට මුනගැහුනු සත්‍ය සිදුවීම අතුරින් එකක් තමයි මම මෙහි සටහන්කලේ.... මට විශ්වාශයි 100% මේ කතාව ඔයාගෙ හදවතේ ගැඹුරුම තැන්වලට දැනුනු බවනම් සත්‍යයි.. මේක කියවද්දි මේ විශ්වය ගැන අප්‍රමාන ගරුත්වයක් ආදරයක් ඔයාගෙ හිතට දැනුනු බවනම් ඒකාන්තයි.. මේ විශ්වය යටි සිත කොයිතරම් උතුම්ද අපි වෙනුවෙන් හැමදෙයක්ම කරල දෙන ඒ මහා බලය අහෝ ඒ ශ්‍රේෂ්ඨ විශ්ව ඤාණයට ලොක පාලක ජීව බලයට අප්‍රමාන ප්‍රසංසාවේවා....ස්තුතිවේවා.....ගෞරව වේවා............ ඔබ සැමට ජයම වේවා......සියලු සැප සතුට සැනසීම යහපතම වේවා.

උපුටා ගැනීමක්

https://chat.whatsapp.com/JFMv9gm0UT1J8alCw49VeM

මෙවැනි වටිනා ලිපි කියවන්න අපේ whatsapp සමූහයට එකතුවෙන්න.

- සාර්ථක දිවියක් කරා දවසේ සිතිවිල්ල--The thought of the day towards a successful life-
06/09/2026

- සාර්ථක දිවියක් කරා දවසේ සිතිවිල්ල-
-The thought of the day towards a successful life-

බුද්ධියෙන් කළ හැකි කාර් යයන් උදෙසා බලය පාවිච්චි නොකළ යුතුයCosmic Energy Sajith Wanninayaka
06/09/2026

බුද්ධියෙන් කළ හැකි කාර් යයන් උදෙසා බලය පාවිච්චි නොකළ යුතුය
Cosmic Energy
Sajith Wanninayaka

05/09/2026

Address

Kurunegala

Telephone

+94777615353

Website

Alerts

Be the first to know and let us send you an email when Cosmic Energy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category