15/08/2026
සුවපහසු නිවසක් සවිබලැති පවුලක් තේමාව මූලික කර ගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ආධාර වලින් ඉදිකරනු ලැබූ (ගල්මත්ත කලාපයේ 772 B නුගගහලන්ද වසමේ සුබ්‍රමනියම් රාජරත්නම් මහතාගේ ) නව නිවසට ගෙවදීමේ අවස්ථාව 2026.08.13 එනම් ඊයේ දින සුභ මොහොතින් සිදුවිය.
එම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මැතිතුමා, මතුගම ප්‍රාදේශීය ලේඛම් මධූෂ සංකල්ප මැතිතුමා, මූලස්ථාන කළමනාකරු සංජීව මීගහපල, බැංකු කළමනාකාර ගංගා සජීවනී, සමාජ සංවර්ධන නිලධාරී නිමල් පියරත්න යන මහත්ම මහත්මීන්ද, 772 B නුගගහලන්ද වසම භාර රංගජිත් චමින්ද මහතා ප්‍රමුඛ කලාපයේ සියලු නිලධාරීන්ද සහභාගි විය.
මේ සඳහා සහයෝගය ලබාදුන් තාක්ෂණ නිලධාරී W.A.C.J චතුර ගයාෂාන් මහතාටත් නන් අයුරින් සහයෝගය ලබාදුන් මූලස්ථාන නිලධාරී මහත්ම මහත්මීන්ටත් ස්තූතිය පුද කරමි..