15/07/2026
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වන විට බරපතළ මහජන සෞඛ්‍ය ගැටලුවක් මෙන්ම සක්‍රීය ආපදා තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. වසංගත රෝග ව්‍යාප්තිය යනු හුදෙක් සෞඛ්‍ය අංශයට පමණක් තනිව පාලනය කළ නොහැකි, සමස්ත ප්‍රජාවගේම දායකත්වය සහ ඒකාබද්ධ ආයතනික මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වන ජාතික ආපදාවකි. මෙම සන්දර්භය තුළ, ආපදා අවදානම් අවම කිරීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වන දිස්ත්‍රික් මට්ටමේ ප්‍රමුඛතම ආයතනය ලෙස ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
දකුණු පළාතේ ඉහළම ඩෙංගු අවදානමක් සහිත දිස්ත්‍රික්කයක් ලෙස හඳුනාගෙන ඇති ගාල්ල දිස්ත්‍රික්කය තුළ රෝග ව්‍යාප්තිය අවම කිරීම, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් "ඩෙංගු මර්දන ඒකාබද්ධ සක්‍රීය වැඩසටහන්" ක්‍රියාවට නංවා ඇත.
ඒ අනුව 2026.07.15 දින, 2(සෙව්) ගැහෙබ ඒකකයට අයත් යුධ හමුදා භට පිරිස් හා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සාමාජිකයින් එක්ව කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මලිගස්පේ ග්‍රාමනිලධාරි වසම කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලද අතර මෙම සුවිශේෂී වැඩසටහන ඩෙංගු ව්‍යසනයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිත ආරක්ෂා කරගැනීම උදෙසා තැබූ තීරණාත්මක පියවරකි.