26/09/2026
⚠️ අධික වර්ෂාව සමඟ අවධානයෙන් සිටිමු…!
🌧️ ජීවිත ආරක්ෂා කර ගනිමු!
El Niño කාලගුණික තත්ත්වයේ බලපෑම් සමඟ ඉදිරි කාලයේදී වැඩි වර්ෂාපතන තත්ත්වයන් ඇති විය හැකි බැවින්, අපගේ ආරක්ෂාව සඳහා දැන් සිටම සූදානම් වීම වැදගත්ය.
🚨 අයහපත් කාලගුණික තත්ත්වයකදී පළමුවෙන් ප්රතිචාර දක්වන්නා ඔබයි!
✅ හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා දැන් සිටම සූදානම් වන්න
✅ පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් දැනුවත් කරන්න
✅ නිල අනතුරු ඇඟවීම් සහ උපදෙස් පිළිපදින්න
✅ ගංවතුර, නායයෑම් හා අනෙකුත් අවදානම් ප්රදේශ පිළිබඳ අවධානයෙන් සිටින්න
✅ අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථානයකට යන්න
🛡️ ඔබගේත්, ඔබගේ සහෘදයින්ගේත් ජීවිත ආරක්ෂා කර ගැනීම ඔබගේ වගකීමකි.
☎️ හදිසි අවස්ථාවකදී – 117
ආපදා කළමනාකරණ මධ්යස්ථානය
📢 මෙම පණිවිඩය ඔබේ පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ අසල්වැසියන් අතර බෙදාහරින්න.
එක් පුද්ගලයෙකු දැනුවත් කිරීමක් පවා ජීවිතයක් ආරක්ෂා කිරීමට උපකාරී විය හැක.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දැනුවත් කිරීමකි.