District Secretariat- Colombo

District Secretariat- Colombo This is the official page of District Secretariat - Colombo

 කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම - ජුලි මාසය....................................................................
14/07/2026


කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම - ජුලි මාසය.........................................................................................................

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් 2026.07.14 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙහිදී කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව 2026 සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය, බස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය, කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය, ප්‍රජා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහ එක් එක් ආයතන මගින් නොවිසිදුනු ගැටළු සහ කමිටු අනුමැතියට ඉදිරිපත් කර ඇති ලිපි පිළිබඳව අවධානය යොමු විය.

මේ දිනවල සීග්‍රයෙන් ඉහළ යමින් තිබූ ඩෙංගු අධි වසංගත තත්ත්වය කොළඹ දිස්ත්‍රික්කයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව මෙහිදී සෞඛ්‍ය අංශ මගින් අනාවරණය කරන ලදී. අද (14)දිනය වනවිට දිවයිනේ සමස්ත ඩෙංගු රෝගින් සංඛ්‍යාව 68672ක් බවත් ඒ අතුරින් කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගින් 13791ක් වාර්තා වන බවත් සෞඛ්‍ය අංශ විසින් සඳහන් කළ අතර එසේ නමුත් තවදුරටත් ඩෙංගු මර්දන වැඩසටහන් හදුනාගත් ප්‍රාදේශිය බල ප්‍රදේශ තුළ අඛණ්ඩවම සිදුකරගෙන යන බව වැඩිදුරටත් කමිටුවට දැනුම් දෙන ලදී. ඉදිරියේදී ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ සියළුම මාර්ග කානු පද්ධති සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිශ්චිතව හදුනාගෙන පිරිසිදු කිරිමේ වැඩසටනක් ක්‍රියාත්මක කිරිටත් මෙහිදී අවධානය යොමු විය.මට්ටක්කුලිය, බොරැල්ල, දෙමටගොඩ,ග්‍රෑන්ඩ්පාස්, නාරාහේන්පිට, තිඹිරිගස්යාය, බම්බලපිටිය, වැල්ලවත්වත්ත, කුරුදුවත්ත යන ප්‍රදේශ සහ එගොඋයන, ගොතටුව, පිළියන්දල, කඩුවෙල,කැස්බෑව, හංවැල්ල, රත්මලාන, මොරටුව, කොලොන්නාව,හෝමාගම, බත්තරමුල්ල, මහරගම, දෙහිවල, කැස්බෑව, බොරලැස්ගමුව යන ප්‍රදේශ ඩෙංගු අධි අවධානම් වසම් ලෙස හදුනාගෙන තිබෙන බවත් එම වසම් තුළ ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් බව වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

දිස්ත්‍රික්කය තුළ විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනා අකුරින් ව්‍යාපෘති යෝජනා 273ක් සඳහා රුපියල් මිලියන 209.01ක් මුදලක් වෙන් කර තිබෙන අතර එම ව්‍යෘපෘති අතුරින් මේ වනවිට ව්‍යාපෘති 06ක වැඩ අවසන් කර ඇත. තවත් ව්‍යාපෘති 22ක වැඩ ආරම්භ කර ඇත. ග්‍රාමීය මාර්ග වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 60න් මේවනවිට ව්‍යෘපෘති 04ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත. දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය- 2026 යෝජනා ඉදිරිපත් කිරිම, ආපදා අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති,ප්‍රජා ශක්ති වැඩසටහන සහ රේඛීය අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහන් වල ප්‍රගතිය ද මෙහිදී ඉදිරිපත් කරන ලදී.

බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කරන කොළඹ දිස්ත්‍රික්කය සඳහා මුදල් කොමිෂන් සභාව /පළාත් සභා ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති සහ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යන වැඩසටහන්හි ප්‍රගතිය සහ බස්නාහිර පළාත තුළ ස්ථාපිත ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් පුළුල් කිරිම යටතේ ක්‍රියාත්මක සහන ණය යෝජනා ක්‍රමයේ පසුගිය වසරේ දිස්ත්‍රික් ප්‍රගතිය සහ 2026 වසර සඳහා නව අයදුම්පත් කැදවීම පිළිබඳව ද දැනුවත් කරන ලදී.

මීට අමතරව දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්හි ප්‍රගතිය සහ සංචාරක කර්මාන්තයේ නව ප්‍රවේශයක් වශයෙන් කොළඹ වරාය නගරය ආශ්‍රිතව පැවැත්වීමට නියමිත රාත්‍රී සංගීත සංදර්ශන සඳහා අවසර ලබාදීමේදී අවධානය යොමු කළයුතු නිර්ණායක සහ ක්‍රියාමාර්ග, වෘක්ක වේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ද කිරීමේ ජාතික මධ්‍යස්ථානය අසලින් ගලායන ඇළ මාර්ගය අවහිර වීම පිළිසකර කර ගැනීම, කැළණි ගං ඉවුර ඛාදනය වීම වැළැක්වීමට 2026 ව්‍යාපෘති යෝජනා යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග, කොළඹ මහා නගර සභාවට අයත් වීදි ලාම්පු වලට අදාලව හිඟ මුදල් අයකර ගන්නා තෙක් නව වීදි ලාම්පු සම්බන්ධතා ලබා දීම ඇතුළු කමිටුවට ඉදිරිපත් කරන ලද ලිපි පිළිබඳව අවධානය යොමු කෙරිණ.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතා, ආරක්ෂක නියෝජ්‍ය ඇමති මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා, මහජන ආරක්ෂක ඇමති සුනිල් වටගල මහතා, ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය , කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, අරුණ පනාගොඩ මහතා, චන්දන සූරියආච්චි මහතා, අසිත නිරෝෂණ මහතා, දේවානන්ද සුරවීර මහතා, සමන්මලී ගුණසිංහ මහත්මිය සහ බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන), දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ නාලනි සුබසිංහ මහත්මිය ඇතුළු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන රාජ්‍ය ආයතන ප්‍රධානින් මෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු කමිටුව නියෝජනය කරන ආයතන ප්‍රධානින් සහභාගි විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

 ඩෙංගු විශේෂ මර්දන වැඩසටහන - මොරටුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.............................................................
08/07/2026



ඩෙංගු විශේෂ මර්දන වැඩසටහන - මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය..........................................................................................................

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඩෙංගු මර්දන වැඩසටහන් පසුගිය දිනවලදී සහ අද (08) දිනයේදිත් අඛණ්ඩවම සිදුකරන ලදී.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

 ඩෙංගු විශේෂ මර්දන වැඩසටහන -පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය..............................................................
08/07/2026



ඩෙංගු විශේෂ මර්දන වැඩසටහන -පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය..........................................................................................................

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඩෙංගු මර්දන වැඩසටහන් පසුගිය 06 සහ 07 දිනවලදීත් අඛණ්ඩවම සිදුකරන ලදී.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

 ඩෙංගු විශේෂ මර්දන වැඩසටහන - සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය..............................................................
08/07/2026



ඩෙංගු විශේෂ මර්දන වැඩසටහන - සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය..........................................................................................................

සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඩෙංගු මර්දන වැඩසටහන් පසුගිය 06 සහ 08 දිනවලදීත් අඛණ්ඩවම සිදුකරන ලදී.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

 ඩෙංගු විශේෂ මර්දන වැඩසටහන - රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.............................................................
08/07/2026



ඩෙංගු විශේෂ මර්දන වැඩසටහන - රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය..........................................................................................................

රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඩෙංගු මර්දන වැඩසටහන් කොට්ඨාශයේ සියළු වසම් ආවරණය වන පරිදි පසුගිය දිනවලදීත් අඛණ්ඩවම පවත්වන ලදී.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

 බස්නාහිර පළාත් ස්වරමංජලී දුෂ්‍යාබාධ සහිත පුද්ගලයන්ගේ ගීත තරගාවලිය - 2026..................................................
07/07/2026



බස්නාහිර පළාත් ස්වරමංජලී දුෂ්‍යාබාධ සහිත පුද්ගලයන්ගේ ගීත තරගාවලිය - 2026..............................................................................................................................

බස්නාහිර පළාත් ස්වරමංජලී දුෂ්‍යාබාධ සහිත පුද්ගලයන්ගේ ගීත තරගාවලිය කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික් නියෝජනය කරමින් දෘශ්‍යාබාධිත තරගකරුවන් තිස්පස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2026-07-07 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමුවන මහල ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය.

මෙම ගීත තරඟාවලියේ විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංගීත ගුරු උපදේශක එරංග දර්ශන ද සිල්වා මහතා, සංගීත ශාස්ත්‍රපති මදුරංග සමරසිංහ මහතා සහ කොළඹ යශෝධරා විද්‍යාලයේ සංගීත ආචාරණී විශාරද චතුරිකා නිර්මාණී මහත්මිය කටයුතු කරනු ලැබීය. ඉතා තියුණු තරඟයකින් පසුව තරගකරුවන් තිස්පස් දෙනා අතරින් වඩාත් සුදුසුකම් ඇති තරඟකරුවන් තිදෙනෙක් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන වශයෙන් තෝරා ගනු ලැබූ අතර ඒ අනුව ප්‍රථම ස්ථානය කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඩබ්. සසිදු තරුෂාන් වික්‍රමනායක මහතා ලබා ගන්නා ලදී. දෙවන ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජේ.ආර් නිමල් සිරිවර්ධන මහතා විසින් ලබාගත් අතර තෙවන ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය එන්.පී.ඩී තීක්ෂණ රසිදු මහතා විසින් ලබාගන්නා ලදී.

කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වය පැවති මෙම ගීත තරගාවලිය සඳහා කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික් නියෝජනය කරමින් දෘශ්‍යාබාධිත තරගකරුවන් සහ ඔවුන්ගේ භාරකරුවන් ඇතුළු පිරිසක් සහභාගි විය.

කොළඹ දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි චාමර මහතා, කළුතර දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි කස්තුරි මහතා සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ සේවා නිලධාරී ශ්‍යාමලී මහත්මිය මෙම වැඩසටහන සම්බන්ධීකරණය කර ලදී.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

 ඩෙංගු විශේෂ මර්දන වැඩසටහන - මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය...............................................................
06/07/2026


ඩෙංගු විශේෂ මර්දන වැඩසටහන - මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය..........................................................................................................

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඩෙංගු මර්දන වැඩසටහන් වැඩසටහන් රැසක් සියළුම වසම් ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය නිළදාරින්, හමුදා නිළදාරින් සහ පොලිස් නිළධාරින් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිළධාරින් ඇතුළු සියළුම වසම්භාර නිලධාරින් ස්වේච්ජා සංවිධානවල සහයෝගයෙන් පසුගිය මැයි මස 28,09,30 සහ ජුනි මස 01,02,03, 04 යන දිනවලදි සිදුකරන ලදී.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

 දෙහිවල  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම..............................................................................
06/07/2026



දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම............................................................................

දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම දෙහිවල රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මැතිණිය , ගරු නගරාධිපතිතුමා සහ ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ සහභාගිත්වයෙන් 2026.07.03 වන දින කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කොට්ඨාසයේ ඩෙංගු වැඩසටහන පිළිබඳ වර්තමාන ප්‍රගතිය ඉදිරිපත් කිරීම, මහජන ගැටළු සම්බන්ධ සාකච්ඡා කිරීම, පසුගිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පැන නැගුණු ගැටලු හා ඒ සම්බන්ධ ගනු ලැබූ ක්‍රියා මාර්ග පිළිබඳ දැනුම් දීම් සිදු කෙරිණි.

මෙම රැස්වීම සඳහා ගරු නාගරික මන්ත්‍රීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරක්ෂක නිලධාරීන් හා මහජනතාව සහභාගි වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

 කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම........................................................................කඩුව...
06/07/2026



කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම........................................................................

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතානගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කෞශල්‍යා ආරියරත්න මැතිතුමිය, ගරු නගරාධිපති රංජන් ජයලාල් මැතිතුමා, කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ලේකම්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා, නාගරික කොමසාරිස් නදීශා ඩී සපරමාදු මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ(සැලසුම්) රසිකා ප්‍රියංගනී මහත්මිය ,සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) කුමාරී විජේසිංහ මහත්මියගේ සහභාගිත්වයෙන් 2026.07.01වන දින කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී නියෝජ්‍ය අධ්‍යක්ෂ(ක්‍රම සම්පාදන), ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම උපදේශක, පශු වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි(කඩුවෙල) හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි(බත්තරමුල්ල), කඩුවෙල ආපදා සහනසේවා නිලධාරී ප්‍රධාන වශයෙන් ප්‍රගතිය හා කරුණු ඉදිරිපත් කළහ.

* 2026 වර්ෂයේ සංවර්ධන වැඩසටහන් වලට අදාළ ව්‍යාපෘතිවල ප්‍රගතිය ඉදිරිපත් කිරීම.
* දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා සම්බන්ධයෙන් සහන සැලසීම සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය.
* කොට්ඨාසයේ කෘෂිකාර්මික කටයුතු හා සත්ව නිෂ්පාදන පිළිබඳ ප්‍රගතිය ඉදිරිපත් කිරීම.
* ඩෙංගු වැඩසටහන පිළිබඳ වර්තමාන ප්‍රගතිය ඉදිරිපත් කිරීම.
* ලැබී තිබුණු ලිපි හා ගැටළු සම්බන්ධ සාකච්ඡා කිරීම.
* පසුගිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පැන නැගුණු ගැටලු හා ඒ සම්බන්ධ ගනු ලැබූ ක්‍රියා මාර්ග පිළිබඳ දැනුම් දීම් සිදු කෙරිණි.

මෙම රැස්වීම සඳහා ගරු නාගරික මන්ත්‍රීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරක්ෂක නිලධාරීන් හා මහජනතාව සහභාගි වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

 මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව........................................................................මොරටුව ප්‍ර...
06/07/2026



මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව........................................................................

මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුු රැස්වීම මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් හා මොරටුව ප්‍රාදේශිය ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් 2026.07.03 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

එම රැස්වීම සදහා මොරටුව මහ නගර සභාවේ ගරු නගරාධිපතිතුමා, ගරු උප නගරාධිපතිතුමිය ඇතුළුව මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් කොට්ඨාසයේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ නියෝජනයක් සහිතව පවත්වන ලදී.

ප්‍රධාන වශයෙන්ම මොරටුව නගරය හා අවට නගර කිහිපයක ව්‍යාප්ත වූ ඩෙංගු උවදුර පාලනයට ගෙන ඇති ක්‍රියා මාර්ග සහ තුරන් කිරීමට ගනු ලැබූ ක්‍රියා මාර්ග පිළිබඳව සහ වෙනත් ආර්ථික, සමාජීය, පාරිසරික හා අධ්‍යාපනික ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කළ අතර ඒ සඳහා විසඳුම් යෝජනා බොහොමයක් ඉදිරිපත් විය. ඒ අනුව මොරටුව කොට්ඨාසයේ සංවර්ධනය උන්නතිය උදෙසා ජනතා ගැටලු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර ඒ සඳහා තිරසර විසඳුම් යෝජනා ද ඉදිරිපත් විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Address

Elvitigala Mawatha, Narahenpita
Colombo
00500

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112369150

Alerts

Be the first to know and let us send you an email when District Secretariat- Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share