Fire Service Department Moratuwa

Fire Service Department Moratuwa Firefighters respond to fires, accidents and other incidents where there are risks to life and property.

සුභ උපන්දිනයක් වේවා!අද දින උපන්දිනය සමරන මොරටුව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ ස්ථානභාර නිලධාරිතුමන් වෙතනිදුක් නීරෝගී ...
04/08/2026

සුභ උපන්දිනයක් වේවා!

අද දින උපන්දිනය සමරන මොරටුව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ ස්ථානභාර නිලධාරිතුමන් වෙත
නිදුක් නීරෝගී සුවය උදාවේවායි ප්‍රාර්ථනා කරමු.

සුභ උපන්දිනයක් වේවා!

මොරටුව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව 🚒

21/07/2026

හෝමාගම කටුවන කර්මාන්ත ශාලාවක ගින්නක්....

ගිනි නිවීමේ රථ 10කට අධික ප්‍රමාණයක් ගිනි මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතව සිටී.

මූලික තොරතුරු අනුව කර්මාන්ත ශාලාව තුළ සේවකයින් 80ක් පමණ සේවයේ නිරතව සිට ඇති අතර, පිළිස්සී මියගිය පුද්ගලයින් කිහිපදෙනෙකු සොයාගෙන ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ.
ගිනි නිවීමේ කටයුතු සදහා ගිනිනිවන භටයන් මහත් පරිශ්‍රමයක් දරමින්...

තවත් පිරිස් ඇතුලත සිටීද සොයා මෙහෙයුම්...

17/07/2026

"සේවය කියන්නේ රැකියාවක් විතරක් නෙවෙයි... මනුෂ්‍යත්වය ජීවත් කරවන වගකීමක්." ❤️💧

ජීවිතය කියන්නේ පුදුමාකාර ගමනක්. හෙට දවසේ අපිට මොන වගේ අභියෝගවලට මුහුණ දෙන්න වෙයිද, මොන වගේ වගකීම් අපේ කර මත වැටෙයිද කියලා කවුරුත් කලින් දන්නේ නැහැ.

ඊයේ රාත්‍රියේ සිට අද දහවල් වනතුරුම නිදි වර්ජිතව, විවේකයකින් තොරව අඛණ්ඩ ජල බෙදාහැරීමේ සේවාවේ නිරත වීමට අපට සිදු වුණා. වෙහෙසකර රාත්‍රියකට පසු තවත් වෙහෙසකර දිනයක් උදා වුණත්, සේවය අත්හැර යාම අපේ තේරීම නොවුණා.

සමහර අවස්ථාවලදී ජීවිතය අපෙන් අහනවා, "නවතිනවාද... නැත්නම් තව ටිකක් ඉදිරියට යනවාද?" කියලා. ඒ හැම මොහොතකම අපි තෝරාගත්තේ මිනිසුන් වෙනුවෙන් ඉදිරියට යන මාවතයි.

පැය 13කට අධික දීර්ඝ රාජකාරියකින් පසුවත්, රටේ අනාගතය ගොඩනඟන දරුවන්ටත්, ඒ දරුවන්ට දැනුම ලබාදෙන ගුරුභවතුන්ටත් අවශ්‍ය ජලය නොමැති බව දැනගත් විට, මහන්සිය පසෙකලා අවසානයේ ඉහළට නැග ජලය බෙදාහැරීමට අපි කටයුතු කළා

මොරටුව ජනජය විදුහල වෙත ජලය බෙදාහැරීම... එය තවත් රාජකාරියක් නොව, මනුෂ්‍යත්වයට ඉටු කළ යුතු වගකීමක් විය. 💙🙏
Chamara Perera fans @

07/07/2026

2026/07/05 පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ ගින්නක්....

අප මුලාස්ථානයකට ලද ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් එම ස්ථානයට ඉක්මනින් ලගාවෙමින් ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සමත් විය...

ගිනි නිවීමේ රථයක්, ජල බවුසරයක් ගින්න නිවීමේ කටයුතු සදහා යොදාගන්නා

"ගිනි ගැනීමකට ලක්වූ විගස අප දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම හා එම ස්ථානයට ලඟාවීමට ගතවන කාලය තුළ එම අවට ජනතාව ගනුලබන නිවැරදි තීරණයන් තුළ ගින්න පැතිරීම වළක්වා ගැනීමට මෙන්ම ඉක්මනින් නිවා දැමීමට හැකියාව පවතී.. "

🚨 ඩෙංගු මදුරුවාටත් වඩා භයානක දේ... අපේ නොසැලකිල්ලයි.මේ වන විට ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 59000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා...
05/07/2026

🚨 ඩෙංගු මදුරුවාටත් වඩා භයානක දේ... අපේ නොසැලකිල්ලයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 59000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, 39 දෙනෙකුට ජීවිතය අහිමි වී ඇත.
බස්නාහිර පළාතෙන් පමණක් රෝගීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ. �

නමුත්... මේවා අංක පමණක් නොවේ.
මේ අතර ඉන්නේ...
💔 තම දරුවා රැක ගැනීමට රෝහලේ දොරකඩ කඳුළු සලන මවක්.
💔 තම පියා නැවත නිවසට එන තුරු බලා සිටින දරුවෙක්.
💔 තම ආදරණීයයා සදහටම අහිමි වූ පවුලක්.

නිලධාරීන් තම රාජකාරිය වගකීමෙන් හා කැපවීමෙන් ඉටු කළ යුතුයි.
රට වටේම වෙනත් සිදුවීම් වලට ප්‍රථමයෙන් තමුන්ගේ නගරයේ, ගමේ, කොට්ඨාශය ගැන අවබෝධයෙන් කටයුතු කර යුතුයි.
ඒ වගේම එය ජනතාව බලාපොරොත්තු විය යුතු දෙයකි.

නමුත් ඩෙංගු පාලනය කිරීම නිලධාරීන්ට පමණක් කළ හැකි දෙයක් නොවේ.
ඔබේ ගෙවත්තේ, කාණුවේ, වහලේ හෝ පැරණි ටයරයක රැඳී ඇති වතුර බිඳක්... තවත් පවුලකට නොමැකෙන වේදනාවක් ගෙන එන්න පුළුවන්.
අපි එකිනෙකාට චෝදනා කරන තුරු ඩෙංගු ජයගන්නවා.
අපි හැමෝම තම තමන්ගේ වගකීම ඉටු කරන දවසේ සිට ඩෙංගු මදුරුවා පරාජය වෙන්න පටන් ගන්නවා.

අද ඔබ වැය කරන විනාඩි 10, හෙට කෙනෙකුගේ මුළු ජීවිතයම බේරාගන්න පුළුවන්.

ජීවිත රැකගැනීම සෞඛ්‍ය අංශයේ, මහ නගර සභාවේ හෝ එක් නිලධාරියෙකුගේ පමණක් වගකීමක් නොවේ... එය අප සැමගේ වගකීමයි.
#අපිඑක්වෙමු

2026/07/01 පහළ ඉදිබැද්ද මඩුවක ගින්නක්....අප මුලාස්ථානයකට ලද ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ  නිලධාරීන් එම ස්ථානයට ඉක්මනින් ල...
03/07/2026

2026/07/01 පහළ ඉදිබැද්ද මඩුවක ගින්නක්....

අප මුලාස්ථානයකට ලද ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් එම ස්ථානයට ඉක්මනින් ලගාවෙමින් ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සමත් විය...

ගිනි නිවීමේ රථයක්, ජල බවුසරයක් ගින්න නිවීමේ කටයුතු සදහා යොදාගන්නා ලදි.

"ගිනි ගැනීමකට ලක්වූ විගස අප දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම හා එම ස්ථානයට ලඟාවීමට ගතවන කාලය තුළ එම අවට ජනතාව ගනුලබන නිවැරදි තීරණයන් තුළ ගින්න පැතිරීම වළක්වා ගැනීමට මෙන්ම ඉක්මනින් නිවා දැමීමට හැකියාව පවතී.. "

01/07/2026

ඉහලට නැග වන්දනා කිරීමට හැකි
" මිහින්තලා අනුරුව "

ජනතාවගේ ඉල්ලීමට අනුව මොරටුව මහා නගර සභාවේ ගරු නගරධිපති නිශාන්ත ප්‍රදීනාන්දු
ජූලි මස දෙවැනිදා දක්වා දීර්ඝ කෙරේ...

හෙට උදෑසන 10.00 සිට පාසල් දරුවන් වෙනුවෙන්

ඔබ සැමට බැති සිතින් ආරාධනා

මොරටුව මහා නගර සභා භූමියේ ඉදිකර ඇති වැද වන්දමාන කර හැකි මිහින්තලා අනුරුවට සමගාමීව අයිස් ක්‍රීම් දන්සල අද රාත්‍රිය පුරාවට...
30/06/2026

මොරටුව මහා නගර සභා භූමියේ ඉදිකර ඇති වැද වන්දමාන කර හැකි මිහින්තලා අනුරුවට සමගාමීව අයිස් ක්‍රීම් දන්සල අද රාත්‍රිය පුරාවට ...

ඔබ සැමට ආරාධනා🙏🙏🙏

මොරටුව නගර සභා භූමියේදී...

💧 සොයිසාපුර පොසොන් කලාපයට පැමිණි බැතිමතුන් වෙනුවෙන් පානීය ජලය බෙදාහැරීම2026.06.29 දින මොරටුව සොයිසාපුර පොසොන් කලාපය වෙත ...
30/06/2026

💧 සොයිසාපුර පොසොන් කලාපයට පැමිණි බැතිමතුන් වෙනුවෙන් පානීය ජලය බෙදාහැරීම

2026.06.29 දින මොරටුව සොයිසාපුර පොසොන් කලාපය වෙත පැමිණි බැතිමතුන්ගේ පහසුව හා සුභසාධනය වෙනුවෙන් පානීය ජලය බෙදාහැරීමේ වැඩසටහනක් මොරටුව මහා නගර සභාවේ ගරු නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත මොරටුව ගිනි නිවීමේ ඒකකය විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම සහ මහජන සේවය ඉහළම වගකීමෙන් ඉටු කිරීම සඳහා මොරටුව ගිනි නිවීමේ ඒකකය නිරන්තරයෙන් කැපවී සිටී.

මොරටුව ගිනි නිවීමේ ඒකකය
මොරටුව මහා නගර සභාව

Address

Peiris Road
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Fire Service Department Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Fire Service Department Moratuwa:

Shortcuts

Share

Category