Socialist Students' Union - Sri Lanka

Socialist Students' Union - Sri Lanka Student Union of Peoples liberation Front (Janatha Vimukthi Peramuna - JVP) - Sri Lanka

1943 - 2026ආදරණීය නන්දා මාලනියනි,ඔබට අපගේ ආචාරය!සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU
21/08/2026

1943 - 2026
ආදරණීය නන්දා මාලනියනි,
ඔබට අපගේ ආචාරය!

සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU

පසුගිය 19 දින බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි ඉන්දියානු  කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදි) න...
23/07/2026

පසුගිය 19 දින බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදි) නියෝජිත සහ ඉන්දියානු ශිෂ්‍ය සම්මේලනයේ (SFI) හිටපු උප සභාපති වන නිතීෂ් නාරායන් සහෝදරයා සහ පකිස්තානු කම්කරු සහ ගොවි පක්ෂයේ පන්ජාබ් ප්‍රදේශයේ ලේකම් සහ ජාත්‍යන්තර ජනතා සංසදයේ (IPA) ආසියානු ප්‍රධානියා වන රමීස් සොහේල් සහෝදරයා සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.

එහිදී අදහස් දැක්වූ නිතීෂ් නාරයන් සහෝදරයා ඉන්දියාවේ වත්මන් තත්වය පිළිබඳවත් විශේෂයෙන්ම කේරළ ප්‍රාන්තයේ දේශපාලන කටයුතු වල අත්දැකීම් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි. පාකිස්තානයේ වර්තමාන තත්වය පිළිබඳව අදහස් දැක්වූ රමීස් සොහේල් සහෝදරයා ජාත්‍යන්තර දේශපාලනය තුල ශක්තිමත් සම්බන්ධතා ගොඩනගාගැනීමේ අවශ්‍යතාව පිළිබඳව දීර්ඝව අදහස් දක්වන ලදී.

මෙම සාකච්ඡාවට සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් එහි ජාතික කමිටු සාමාජික සහ තරුණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් සහෝදරයාද, එහි ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයාද එහි ජාතික කමිටු සාමාජික ශානිකා හංසනී සහෝදරියද සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා සහ එහි ජාත්‍යන්තර කටයුතු ලේකම් සජිත් ශ්‍රීමාල් සහෝදරයාද, ලෝක ප්‍රජාතන්ත්‍රවාදි තරුණ සම්මේලනයේ උප සභාපති මහේල අමරසූරිය සහෝදරයාද සහභාගි විය.

පසුගිය 18 දින බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි නේපාල් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ස...
22/07/2026

පසුගිය 18 දින බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි නේපාල් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ එහි ජාත්‍යන්තර කමිටු සාමාජික මාධබ් පාන්ට් සහෝදරයා සහ මැලේසියානු සමාජවාදී පක්ෂයේ නියෝජිත ලූකස් හැන්ග් සහෝදරයා සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.

එහිදී අදහස් දැක්වූ මාධබ් පෑන්ට් සහෝදරයා නේපාලයේ වර්තමාන තත්වය පිළිබඳවත් ලූකස් හැන්ග් සහෝදරයා මැලේසියාවේ වර්තමාන තත්වය පිළිබඳවත් අදහස් දක්වන ලදී. එහිදී ලංකාවේ වර්තමානයේ අත්පත් කරගෙන ඇති ස්ථාවරත්වය සහ සාර්ථකත්වය පිළිබඳව ප්‍රසාදය පල කරන ලද අතර සාකච්ඡාව අවසානයේ දෙපාර්ශවයන් අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳවද සාකච්ඡා කරගන්නා ලදී.

මෙම සාකච්ඡාවට සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා සහ එහි ජාත්‍යන්තර කටයුතු ලේකම් සජිත් ශ්‍රීමාල් සහෝදරයාද සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් එහි ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයාද ලෝක ප්‍රජාතන්ත්‍රවාදි තරුණ සම්මේලනයේ උප සභාපති මහේල අමරසූරිය සහෝදරයාද සහභාගි විය.

අද (18) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී නේපාලයේ හිටපු අගමැති පුෂ්ප කමල් දාල් සහෝදර...
18/07/2026

අද (18) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී නේපාලයේ හිටපු අගමැති පුෂ්ප කමල් දාල් සහෝදරයා හමුවන ලදි.

මෙහිදි ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර දේශපාලන පක්ෂයක් ලෙස පැමිණි ගමන් මග පිළිබඳවද සාකච්ඡා කරන ලද අතර නේපාලය තුළ නේපාල කොමියුනිස්ට් පක්ෂයේ අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කරන ලදි.

ජාතික ජන බලවේගය බලයට පත්වීමත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳවත්, රාජ්‍ය සේවයේ හා වතු ආශ්‍රිත වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් විශේෂයෙන්ම දේශපාලන තලයෙන් වංචා දූෂන ඉවත් කිරීම හා වරප්‍රසාද මත පදනම් වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් සාකච්ඡා කළහ.

තවද මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන 'ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය, මත්ද්‍රව්‍ය මැඩලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාවට ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හා ට්‍රයිකොන්ටිනෙන්ටල් සමාජ පර්යේෂණ ආයතනයේ විජය ප්‍රසාද්, නැගෙනහිර චීන පොදු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂින්යු ලූ, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික බල්රාම් බනකෝටා, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික ගංගා දාල් සහ International People's Assembly නියෝජිත ටින්ග්ස් චැක් යන සහෝදර සහෝදරියන් පිරිසද සම්බන්ධ වූහ.

මෙම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි මධ්‍යම කාරක සභිකයින් වන පරිසර ඇමති ධම්මික පටබැඳි, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ යන සහෝදරවරුද, ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටු සාමාජිකයින් වන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහ කල්පනා මධුභාෂිණී යන සහෝදර සහෝදරියන්ද සම්බන්ධ වූහ.

දුඹුරු පැහැ වීදිවලගුරු පාර කෙලවර අපේ ගම්වලඇත්තමයි අඳුර පමණයිතිබුණේ දිවා රෑවලපරපුරෙන් පරපුරට කාලයක්හුස්ම වැටුණේ  පුරුද්දට...
14/07/2026

දුඹුරු පැහැ වීදිවල
ගුරු පාර කෙලවර අපේ ගම්වල
ඇත්තමයි අඳුර පමණයි
තිබුණේ දිවා රෑවල

පරපුරෙන් පරපුරට කාලයක්
හුස්ම වැටුණේ පුරුද්දට
ඒත් තිබුණද සතුට සැනසුම
පොළොව එක්කම හැපෙනවා හැර

ලස්සන පුංචි දූපත
පාට පාටට මල් පිපුණ
මුවඟ මුවඟට සිනා බෝවුණ
කිළිටි කළා උන් බලයට

මිත්‍යා ඝන අන්ධකාරය
වෙළා ගනිමින් ජීවිත
ගුහා ගත කළ යුගයක
නුඹ රැගෙන ආවා ප්‍රභාතය

උඩුගම් බලා පිහිනන
වැටුණත් වේගයෙන් නැගිටින
මිනිසුන් තනා මේ බිම
නුඹ හිනැහුණා නිහඬව

ප්‍රභාමත් හෙට දිනකට
අකුරු ඇමිණූ සොහොයුර
නුඹේ උපතම අලූත් උපතකි
මතු මතුත් අපට මග කියන

(ජූලි 14 දිනට යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ආදරණීය රෝහණ විෙජ්වීර සහෝදරයාගේ උපන්දිනය වෙනුවෙනි)

ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම 2026அவர்கள் உங்களுக்காகப் போராடினர்!සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSUசோசலிச மாணவர் சங்கம் - SSU
23/06/2026

ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම 2026
அவர்கள் உங்களுக்காகப் போராடினர்!

සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU
சோசலிச மாணவர் சங்கம் - SSU

21/06/2026

ඔවුන් සටන් වැදුනේ ඔබ වෙනුවෙනි!
ජාතික ශිෂ්‍ය වීර දිනය - 2026

සමරු දේශනය
ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික,
සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා

සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU

21/06/2026

ඔවුන් සටන් වැදුනේ ඔබ වෙනුවෙනි!
ජාතික ශිෂ්‍ය වීර දිනය - 2026

සමරු දේශනය
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ඉන්දික තෙන්නකෝන් මහතා

සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU

21/06/2026

ඔවුන් සටන් වැදුනේ ඔබ වෙනුවෙනි!
ජාතික ශිෂ්‍ය වීර දිනය - 2026

සමරු දේශනය
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක,
රංගන දේවප්‍රිය සහෝදරයා

සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU

Address

Pelawatta

Alerts

Be the first to know and let us send you an email when Socialist Students' Union - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Socialist Students' Union - Sri Lanka:

Shortcuts

Share