Sri Lanka Bureau of Foreign Employment

Sri Lanka Bureau of Foreign Employment Welcome to the Sri Lanka Bureau of Foreign Employment (SLBFE)

SLBFE Contact Details

Head office:
+94 112 864101 – 105
+94 112880500


"Sahanapiyasa" Unit:
+94 112 259953

email : [email protected]

skype : inforcenter_slbfe

16/01/2025
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා පහල ලින්ක් එක ක්ලික් කරන්න.https://shorturl.at/GycGR
15/01/2025

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා පහල ලින්ක් එක ක්ලික් කරන්න.
https://shorturl.at/GycGR

14/01/2025

රට යන්න සල්ලි දුන්නද? මිනිස් වෙළෙඳාමේ ගොදුරක්ද? මේ කථාව අහන්න...

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා තවත් 23කට...ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථාවන් හිමිවු රැකියාලාභින් ...
11/01/2025

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා තවත් 23කට...

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථාවන් හිමිවු රැකියාලාභින් 23ක් වෙත ගුවන් ටිකට්පත් ලබාදීමේ හා දැනුවත් කිරිමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්විය. මෙම රැකියාලාභීන් 2025.01.09 දින ඊශ්‍රායලය බලා පිටත්ව යන ලදි.

ඊශ්‍රායල් කෘෂි පුහුණුවට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනුයි...නුසුදුස්සන් යොමුකිරීම න...
09/01/2025

ඊශ්‍රායල් කෘෂි පුහුණුවට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනුයි...

නුසුදුස්සන් යොමුකිරීම නිසා රැකියා කෝටාව නැවතිලා.

කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රමිකයින් තෝරාගැනීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඊයේ දින (2025.01.08) දියගම ක්‍රිඩාංගනයේදී, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෝග්‍ය ශ්‍රමිකයින් තෝරාගැනීම සඳහා ශාරීරික පරීක්ෂණ පැවැත්වූ අතර, එහිදී තරුණයින් කිහිප දෙනෙකු අසනීප වීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු වශයෙන් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත් කරන ලද ශ්‍රමිකයින් මෙවැනි යෝග්‍යතා පරීක්ෂණයකින් තොරව එරට සේවය කිරීම සඳහා යොමුකළ අතර, එම ශ්‍රමිකයින්හට අවශ්‍ය ශක්‍යතා මට්ටමට සරිලන පරිදි සේවය කිරීමට නොහැකි වීම හේතුවෙන් තවදුරටත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ඊශ්‍රායල් බලධාරීන් කටයුතු කරන ලදී. එසේම යොමුකරන ලද ශ්‍රමිකයින්ගෙන් 80% ක ප්‍රමාණයක් සේවා ස්ථානවලින් පැන ගොස් තිබීමද ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා යොමුකිරීමට විශාල ගැටළුවක් වී තිබිණි.

මෙම ගැටළුව පිළිබඳව කාර්යාංශයේ නිළධාරීන් ඊශ්‍රායල් බලධාරීන් සමග සාකච්ඡා කළ අතර, ඊට පිළිතුරු වශයෙන්, කෘෂි රැකියාවල ස්වභාවය අනුව වෙහෙසී කටයුතු කිරීමට සිදුවන බැවින් ඊට සුදුසු ශාරීරික යෝග්‍යතාවයන් සපුරාලන ශ්‍රමිකයින් පමණක් යොමුකරන ලෙස ඊශ්‍රායල් බලධාරීන් දන්වා සිටි අතර, ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන්ද ඊශ්‍රායලයේ PIBA ආයතනය විසින් ලබාදී තිබේ.

ඒ අනුව ශ්‍රි ලංකා යුධ හමුදාවේ සහයෝගය ඇතිව, වෛද්‍යවරයෙකු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වන ලද අතර, පරික්ෂණයට පෙර ඒ සඳහා අදාළ ශ්‍රමිකයින්ගේ කැමැත්ත ලබාගෙන ඇත. මෙම පරීක්ෂණයෙන් සමත්වන ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලාපොරොත්තු වේ.

මෙම ක්‍රියාමාර්ගය කාර්යාංශය විසින් ගනු ලැබුවේ දැනට තාවකාලිකව ඇණහිටී ඇති ඊශ්‍රායල් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් සුදුසු ශ්‍රි ලාංකිකයින්ට උදාකර දීමේ අරමුණ පෙරදැරි කරගෙන බව කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

මේ වන විට ශ්‍රි ලාංකිකයින් 15,200 ක් ඊශ්‍රායලයේ රැකියාවල නිරතවන බව කාර්යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව තාක්ෂණික සේවාස්ථ පුහු...
09/01/2025

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ ඉදිකිරීම්, නිශ්පාදන, ගොඩනැගිලි පිරිසිඳු කිරීම් කළමනාකරණ හා කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල පුහුණු අවස්ථා හිමිවූ 25 දෙනෙකු හා විශේෂ නිපුණතා සහිත රැකියා කාණ්ඩය යටතේ (SSW) සාත්තුසේවා හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රවල රැකියා හිමිවූ 8 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම ඊයේ දින (2025.01.08) ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඹ මහතාගේ (Mr. Isomata Akio) සහ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුකෙරුණා. මෙම පිරිස අද දින ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ඉනොඋඑ මහතා (Mr. Inoue), IM Japan ආයතනයේ සාමාන්‍යාධිකාරී තමුරා මහතා (Mr. Thamura) හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) පී.ජී.ජී.එස්. යාපා යන මහත්වරුන් එක්වී සිටියහ.

නව රැකියා ක්ෂේත්‍ර රැසක අවස්ථාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපානයේ කැමැත්ත....කාර්යාංශ සභාපති හමුවේ ජපාන තානාපති කියයිඉදිරියේ...
08/01/2025

නව රැකියා ක්ෂේත්‍ර රැසක අවස්ථාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපානයේ කැමැත්ත....

කාර්යාංශ සභාපති හමුවේ ජපාන තානාපති කියයි

ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජපානයේ නව රැකියා ක්ෂේත්‍ර විවර කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඹ මහතා (Mr. Isomata Akio) ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අද දින (2025.01.08) කාර්යාංශයේදී හමුවූ අවස්ථාවේ තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජපානයේ වැඩිහිටි ජනගහණය ඉහළ යාමත් සමග වැඩි වශයෙන් විදේශ ශ්‍රමිකයින් එරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ අතරට ශ්‍රී ලාංකිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය. එසේම ජපානයේ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති පුහුණුව පිළිබඳව සිය සතුට පළකළ තානාපතිවරයා ශ්‍රී ලාංකික තරුණයින්ගේ සත්කාර ක්‍රමයන් ඉතා ඉහලින් අගය කළේය.

මෙහිදී කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීම හා ඉදිරියේදී නව රැකියා ක්ෂේත්‍ර විවර කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළේය. විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළව ජපානයට සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව හරහා ලංකාව පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදීම මගින්, ශ්‍රී ලංකාවට ජපානයෙන් ආර්ථික, සංචාරක, රැකියා ආදී ක්ෂේත්‍රයන්හි සහයෝගය පුළුල් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසද වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ඉනොඋඑ මහතා (Mr. Inoue), IM Japan ආයතනයේ සාමාන්‍යාධිකාරී තමුරා මහතා (Mr. Thamura) හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) පී.ජී.ජී.එස්. යාපා යන මහත්වරුන් එක්වී සිටියහ.

Address

No 234, Denzil Kobbekaduwa Mawatha, Koswatta
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94112880500

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Bureau of Foreign Employment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Bureau of Foreign Employment:

Videos

Share