Land Reform Commission of Sri Lanka

Land Reform Commission of Sri Lanka The national wealth of the Sri Lankan nation

14/06/2024
ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරන " SMART YOUTH EXHIBITION 2024 "  ජුනි මස 14 සහ15 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
14/06/2024

ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරන " SMART YOUTH EXHIBITION 2024 " ජුනි මස 14 සහ15 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු නිර්මාතෘවරුන් ඇතුළු පූර්වගාමීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් කොමිෂන් සභාවේ සමස්ථ සේවක ...
28/05/2024

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු නිර්මාතෘවරුන් ඇතුළු පූර්වගාමීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් කොමිෂන් සභාවේ සමස්ථ සේවක මණ්ඩලය ඇතුළු සියලු ලක්වාසී ජනී ජනයා හට සෙත් පැතීමත් අරමුණු කරගෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව පවත්වන ලද සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව සහා මහා සංඝගත දක්ෂිණාව 2024 ක් වූ වෙසක් මස විසි අටවන (28) දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව
28. 05. 2024

28/05/2024
The Vesak Festival in Sri Lanka is a profound expression of devotion and cultural heritage, marking the life events of G...
23/05/2024

The Vesak Festival in Sri Lanka is a profound expression of devotion and cultural heritage, marking the life events of Gautama Buddha—his birth, enlightenment, and parinirvana.

The Vesak Festival in Sri Lanka honours the legacy of Buddha. It enhances the social and cultural fabric of the nation, making it a pivotal event for devotees and cultural enthusiasts worldwide.



Information Technology and Media Division
Land Reform Commission

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක ස...
22/05/2024

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි.සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීමයි.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.

අප මහ බෝසතාණන් වහන්සේ සසරේ එක්තරා ආත්ම භවයක සුමේධ තාපසයාණන්ව, දීපංකර බුදු පියාණන්ගේ පාද මූලයේදී මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකයි. සසරේ අවසන් ආත්ම භාවයේදී විසිනව වන වියට එළැඹුණු සිදුහත් කුමරු උයන් කෙළියට පැමිණෙද්දී ජීවිතයේ අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය පළමුව දුටුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය. බුද්ධත්වයෙන් දස මසකින් කිඹුල්වත්පුර තම උපන් ගමට වැඩම කළ බුදු පියාණන් වහන්සේ ඥාතීන්ගේ අතිමානය දුරැලීමට යමා මහා පෙළහර පෑවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය වූ කැලණියට වැඩම කොට චූලෝදර, මහෝදර නා රජුන් ප්‍රමුඛ බොදු මහ ජනතාවගේ දානය වළඳා ඔවුනට ධර්ම දේශනා කර ශ්‍රී පාද පද්මය පිහිටුවා අනෙකුත් ස්ථානයන්ට වැඩම කිරීම සිදු වූයේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.

අප ව්‍යවහාර කරන බුද්ධ වර්ෂය ආරම්භ වනුයේ බුදුරදුන්ගේ පරිනිර්වාණයත් සමග ය. එසේම සිංහල රජුන්ගේ රාජාභිෂේක සම්ප්‍රදාය වෙසක් පෝයදාක ආරම්භ වී තිබේ. අපේ ඉතිහාස කතාව එනම් මහා වංශයේ සඳහන් ආකාරයට අනුව සෑම රජකුම වෙසක් උත්සව පවත්වා ඇත. දුටුගැමුණු රජතුමා වෙසක් උත්සව 27 ක් පැවැත්වූ බව, මහා වංශයේ 32 වන පරිච්ජේදයේ සඳහන් වේ. ඉතිහාසය පුරාම සඳහන් වන “මහාවේශාඛ පූජා” යන වචනයට අනුව මහා වෙසක් උත්සව උත්කර්ෂයෙන් පැවැත්වූ බවට එහි අර්ථ ගැන්වේ. මහාවංශයට අනුව, දුටුගැමුණු රජතුමාගෙන් පසු භාතිය රජතුමා වෙසක් උත්සව 28 ක් පැවැත්වූ බවට තොරතුරු මහාවංශයේ 34 වන පරිච්ජේදයේ සඳහන් වේ. වසභ රජතුමා ඔටුණු පළන් වර්ෂයේ සිට පිළිවෙළින් වෙසක් උත්සව 44 ක් පැවැත්වූ බව මහාවංශයේ 25 වන පරිච්ජේදයේ සඳහන් ය. වෝහාරතිස්ස රජතුමා වෙසක් උත්සවය පවත්වා දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කළ බව මහාවංශයේ 36 වන පරිච්ජේදයේ සඳහන් වේ. ගෝඨාභය හා ජෙට්ඨතිස්ස රජතුමා වෙසක් උත්සව පැවැත්වූ ආකාරය මහා වංශයේ 36 වන පරිච්ජේදයේ සඳහන් වේ. ඉතිහාසය පුරා වෙසක් උත්සව පවත්වාගෙන පැමිණි ආකාරය ඓතිහාසික සාධක තුළ සඳහන් ව ඇත. එම සෑම ස්ථානයකදීම පවත්වන ලද වෙසක් උත්සවයන්හි සිරිත් විරිත් හා වෙසක් උත්සව පැවැත්වීමට හේතු වූ කාරණාවන් ඓතිහාසික සාධක තුළින් උකහා ගත හැකි ය.

පළමු පරාක්‍රමබාහු රජතුමා වෙසක් උත්සවය ප්‍රබල සමාජ උත්සවයක් ලෙස පැවැත්වූ ආකාරයත්, මිහින්තලා සෙල් ලිපියෙහි සඳහන් “මඟුල් ජෙටක්” යන වචනයෙන් ප්‍රධාන මංගල්‍යයක් ලෙස පැවැත්වූ බවටත් මිහින්තලා සෙල් ලිපිය උදාහරණයක් ලෙස දැක්විය හැකි ය.

‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාවෙන් යුතුව මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පැවැත්වේ.

ඒ අනුව මෙම 23 වැනි දින රාජ්‍ය උත්සවය පෙරවරු 9.30ට මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප්‍රමුඛ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම වැඩසටහනේදී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය ද සිදුවේ.

2024/05/21 දින සිට 2024/05/27 දින දක්වා කාලය වෙසක් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

වෙසඟ සැමරීම ද ආමිස පූජාවකි. ආමිස පූජාව නිවන නමැති චූඩාමාණික්‍යය දරා සිටින දාගැබේ පාදම ය. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමට කුඩා අටපට්ටමේ සිට මහා තොරණ දක්වා විහිදෙන පහන් ආලෝකයට හැකිය.

ඔබ සැමට පින්බර වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!



තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව

2024.05.23

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් පිලිබඳ තොරතුරු ලේඛනය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වේ.ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා...
22/05/2024

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් පිලිබඳ තොරතුරු ලේඛනය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් පිලිබඳ තොරතුරු යාවත්කාලීන කර පුර්ණ විස්තර සහිත ලේඛනය අද දින (22) ගරු සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සුරතින් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබිය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතාගේ මුලිකත්වයෙන්, අධ්‍යක්ෂ ජනරාල් ලියනගේ පත්මසිරි මහතාගේ උපදෙස් මත ඉඩම් ලේඛන කටයුතු භාර මාණ්ඩලික සහකාර ප්‍රදීප් කන්නන්ගර මහතාගේ අධීක්ෂණය හා ආයතනික මෙහෙයවීම මත මෙම ඉඩම් ලේඛනය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු විය.

දශක පහකටත් අධික ඉතිහාසයකට උරුමකම් කියන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව විධිමත් ඉඩම් ලේඛනයක් පසුගිය වසර දෙකක් පමණ කාලයක් වන තෙක් එම ආයතනය සතු නොවිය. එලෙස ඉඩම් තොරතුරු නොතිබීම මගින් මෑත ඉතිහාසය තෙක් ආයතනයක් ලෙස මුහුණපා සිටි ගැටළු රාශියකට මෙම මහත් වූ කර්තව්‍ය මගින් පිළිතුරු සැපයෙනු ඇත.

ඒ අනුව, මෙම ලේඛන ගත තොරතුරු මගින්, ඉඩම් විධිමත් ව්‍යාපෘති සඳහා සඵලදායි ලෙස යොදා ගැනීම, විදේශ ආයෝජන ප්‍රවර්ධනය සඳහා මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහාද මහත් රුකුලක් වනු ඇත.

වර්තමාන ඉඩම් අමාත්‍යවර ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ සෘජු මඟ පෙන්වීම මත , සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ ලේකම් බුවනෙක හේරත් මහතාගේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතාගේ අධීක්ෂණය මත මෙම කාර්යය ඉතා කෙටි කලක් තුල අවසන් කිරීම ආයතනයක් ලෙස ලැබූ කණ්ඩායම් ජයග්‍රහණයක් ලෙස ඉතිහාස ගත වනු ඇත.

එහි පූර්ව අවස්ථාවට, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ ලේකම් බුවනෙක හේරත් මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා, අධ්‍යක්ෂ ජනරාල් ලියනගේ පත්මසිරි මහතා, අධ්‍යක්ෂ/ඉඩම් ජගත් හපුආරච්චි මහතා, ලේකම්, අධ්‍යක්ෂ/පාලන කුසුම් හේරත් මහත්මිය, අධ්‍යක්ෂ/මුදල් එස්.සේනානායක මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ/ව්‍යාපෘති ප්‍රදීප් එදිරිසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ /ඉඩම් උපරිම සීමා කුමුදු ධර්මප්‍රිය මහතා, අභ්‍යන්තර විගණක සුසන්ත බණ්ඩාර මහතා, සහකාර අධ්‍යක්ෂ/පාලන නවිනී උෂිරිකා මහත්මිය, පරිපාලන නිලධාරී හසංක මොල්ලිගොඩ මහතා, ඉඩම් ලේඛනය ඒකක භාර නිලධාරී මාණ්ඩලික සහකාර ප්‍රදීප් කන්නංගර මහතා, ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.



තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව
2024. 05. 22

The 138th celebration of World Workers' Day Happy Labour Day! Today, let's celebrate the hard work, dedication, and cont...
01/05/2024

The 138th celebration of World Workers' Day

Happy Labour Day! Today, let's celebrate the hard work, dedication, and contributions of workers everywhere.

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුමයි

රට ඉහළට ඔසවා තැබීමට සියලුදෙනා එක්වන, ස්වකීය අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ලෝක කම්කරු දිනයකට සුභාශිංසන.


බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ උතුම් බක් පෝය අදයි.මහා කාරුණික ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප රටට සාමයේ පණිවිඩය ලබාද...
22/04/2024

බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ උතුම් බක් පෝය අදයි.

මහා කාරුණික ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප රටට සාමයේ පණිවිඩය ලබාදුන් දින වශයෙන් බක් පොහොය ශ්‍රී ලාංකික ජනතාවට ඓතිහාසික වශයෙන් වැදගත් පොහොය දිනයකි. බක් මාසය භාග්‍යවන්ත මාසයක් ලෙස ප්‍රකටය. කෙත්වතුවල අස්වනු නෙළා ගන්නා වූ, මලින් ඵලින් ගස් බරවූ මාසයක් ලෙස බක් මාසය හැඳින්වේ.

ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමන සිදුවූයේ බක් පුර පසළොස්වක පොහොය දිනකය. චූලෝදර – මහෝදර දෙදෙනා අතර මැණික් පුටුවක් නිසා ඇතිවන්නට ගිය මහා ගැටුම නිරාකරණය කිරීමේ පරම අභිලාෂය ඇතිව බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනය සිදු විය.



තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව

2024. 04. 23

ලෝක මිහිතල දිනය (World Earth Day) අදට (22) යෙදී තිබෙනවා.‘පෘතුවිය එදිරිව ප්ලාස්ටික්’ (Planet Vs, Plastic) යන්න මෙවර එහි ත...
22/04/2024

ලෝක මිහිතල දිනය (World Earth Day) අදට (22) යෙදී තිබෙනවා.

‘පෘතුවිය එදිරිව ප්ලාස්ටික්’ (Planet Vs, Plastic) යන්න මෙවර එහි තේමාවයි.

2040 වන විට ප්ලාස්ටික් භාවිතය සියයට 60 කින් අඩුකිරීම අරමුණු කරමින් මෙවර මිහිතල දිනය සැමරේ.

අමෙරිකාවේ පරිසර විනාශයට එරෙහිව හිටපු සෙනෙට් සභික ගේ ලෝඩ් නෙල්සන් සහ සරසවි ශිෂ්‍ය ඩෙනිස් හේස් විසින් දහස් ගණන් ජනතාව පාරට බස්සවා සිදුකරන ලද ශ්‍රමදාන, පෝස්ටර් ව්‍යාපාර ඇතුළු සාමකාමී පරිසර ජන අරගලයක ප්‍රතිඵලයක් ලෙස මෙසේ ප්‍රථම මිහිතල සමුළුව සහ ප්‍රථම මිහිතල දිනය ආරම්භ වුණා.

ප්‍රථම මිහිතල දිනය 1970 අප්‍රේල් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද්දේ එදින ඇමෙරිකාවේ පවත්වන්නට යෙදුණු ප්‍රථම මිහිතල සමුළුවට සමගාමීවයි.

Together, we can heal the Earth! Let's join hands and create a healthier planet for generations to come. Happy Earth Day! 🌎



තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව

2024. 04. 22

කලාප සහකාර අධ්‍යක්ෂවරුන්ගේ ඉඩම් ලේඛනය සැකසීමේ ප්‍රගති සමාලෝචන රැස්වීම   =================================ඉඩම් ප්‍රතිසංස්...
20/04/2024

කලාප සහකාර අධ්‍යක්ෂවරුන්ගේ ඉඩම් ලේඛනය සැකසීමේ ප්‍රගති සමාලෝචන රැස්වීම
=================================

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතාගේ මුලිකත්වයෙන්, අධ්‍යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ මහතාගේ මෙහෙයවීම මත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කලාප සහකාර අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම හා ඉඩම් ලේඛනය සැකසීමේ ප්‍රගති සමාලෝචනය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුල පසුගිය (18) දින පැවැත්විණ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා, අධ්‍යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ මහතා, ලේකම්, අධ්‍යක්ෂ/පාලන කුසුම් හේරත් මහත්මිය, අධ්‍යක්ෂ/ඉඩම් ජගත් හපුආරච්චි මහතා, සහ ඉඩම් ලේඛන කටයුතුභාර ඒකක ප්‍රධානී, මාණ්ඩලික සහකාර ප්‍රදීප් කන්නන්ගර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

ඉඩම් කොමිසම සතු ඉඩම් ලේඛනය යාවත්කාලීන කිරීම සහ එම කටයුතු අවසන් කර පරිගණක ගත කිරීමේ ප්‍රගතිය මෙහිදි විමසන ලදී. තවද, අවසන් අදියරේ පවතින මෙම කටයුතුවල මේ වනවිට ඇති ගැටළු විසදීම වෙනුවෙන් කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමටද පියවර ගන්නා ලදී. ඒ අනුව, මෙම කටයුතු එලඹෙන 30 වනදා වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව
2024. 04. 20

සිංහල හින්දු අලුත් අවුරුද්ද චාරිත්රානුකූල කෙටි සැමරුම් උත්සවයතොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය 2024. 04. 17
17/04/2024

සිංහල හින්දු අලුත් අවුරුද්ද චාරිත්රානුකූල කෙටි සැමරුම් උත්සවය

තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය
2024. 04. 17

Wishing you all a blessed Eid.
10/04/2024

Wishing you all a blessed Eid.

අරුණ පුවත්පත 04-04-2024 බ්‍රහස්පතින්දා තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය 04.04.2024
04/04/2024

අරුණ පුවත්පත 04-04-2024 බ්‍රහස්පතින්දා

තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය
04.04.2024

දිනමිණ පුවත්පත 04-04-2024 බ්‍රහස්පතින්දා තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය 04.04.2024
04/04/2024

දිනමිණ පුවත්පත 04-04-2024 බ්‍රහස්පතින්දා

තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය
04.04.2024

🔴 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා සහභාගී වන "හත් වැනි පැය"  සජීවි රූපවාහිනි වැඩසටහන...
04/04/2024

🔴 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා සහභාගී වන "හත් වැනි පැය" සජීවි රූපවාහිනි වැඩසටහන අද දින 2024.04.04 ස්වාධීන රූපවාහිනිය ඔස්සේ පෙ. ව 7 සිට විකාශය වේ.

🔴 "Seventh Hour" live TV program featuring Mr. Panduka Keerthinanda, chairman of the Land Reform Commission, will be telecast today 04.04.2024 on Independent Television Network (ITN) from 7 AM.



Information Technology and Media Division
04. 04. 2024

Hathweni Peya - 2024-04-04

02/04/2024
02/04/2024
02/04/2024
02/04/2024

Happy Easter to You, with all best wishes and blessings! May all of your dreams and wishes come true. This year, Easter ...
31/03/2024

Happy Easter to You, with all best wishes and blessings! May all of your dreams and wishes come true.

This year, Easter Sunday fall on March 31 (Today).

Easter is an important Christian religious festival celebrated by remembering the resurrection of Jesus Christ. Easter Day is also called Resurrection Sunday.

Information Technology and Media Division
31.03.2024

31/03/2024

Vasantham News Live | 30-03-2024




Information Technology and Media Division
31. 03. 2024

31/03/2024

ITN News 2024-03-30 | 06.30 PM



Information Technology and Media Division
31. 03. 2024

"උරුමය" ජාතික වැඩසටහන යටතේ "සැමට හිමි බිමක්" ඔප්පු ප්‍රදානය කිරීමේ මහෝත්සවය. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයගරු ජනාධිපති රනිල...
31/03/2024

"උරුමය" ජාතික වැඩසටහන යටතේ "සැමට හිමි බිමක්" ඔප්පු ප්‍රදානය කිරීමේ මහෝත්සවය.

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "උරුමය"ට සමගාමීව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරන ලද "සැමට හිමි බිමක්" හරහා ඔප්පු ලබාදීමේ වැඩසටහන මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ඉඩම් හා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, නිතිඥ උදයන කිරිඳිගොඩ, ඉඩම් අමාත්‍යාංශ අතිරේක ලේකම් (සංවර්ධන) ඊ.ඒ.ආර්. රේණුකා, ඉඩම් කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් අනූෂා බුලත්ගේ, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති උදාර රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.

මෙහිදී දෙදහස් අටසීයකට ආසන්න පිරිසකට සින්නකර ඔප්පු ප්‍රදානය කරනු ලැබීය.

.



2024. 03. 31
තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය

30/03/2024

ජාතික වැඩසටහන යටතේ "සැමට හිමි බිමක්" ඔප්පු ප්‍රදානය කිරීමේ මහෝත්සවය

මව්බිම පුවත්පත 29-03-2024 සිකුරාදාතොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය 29.03.2024
29/03/2024

මව්බිම පුවත්පත 29-03-2024 සිකුරාදා

තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය
29.03.2024

May the blessings of Good Friday be a source of strength and courage for you.Information Technology and Media Division 2...
29/03/2024

May the blessings of Good Friday be a source of strength and courage for you.

Information Technology and Media Division
29. 03. 2024

🔴 ️ " Aluth Dinak" Rupavahini program live broadcast, featured Mr. Panduka Keerthinanda (Attorney-at-law), Chairman of t...
28/03/2024

🔴 ️ " Aluth Dinak" Rupavahini program live broadcast, featured Mr. Panduka Keerthinanda (Attorney-at-law), Chairman of the Land Reform Commission.
🔴️ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා සහභාගී වන "අලුත් දිනක්" ජාතික රූපවාහිනි සජීවි වැඩසටහන.


👇
https://www.youtube.com/watch?v=x6PJXYfbyIA

තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය අංශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව
28. 03 .2024

Follow on:Official website - http://www.runews.lkOfficial website - http://www.rupavahini.lkOfficial YouTube Channel - https://www.rupavahini.lk/youtube

Address

475, Kaduwela Road
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112144795

Alerts

Be the first to know and let us send you an email when Land Reform Commission of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Land Reform Commission of Sri Lanka:

Videos

Share