Ministry of Trade

Directions Website

Ministry of Trade Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ministry of Trade, Government Organization, No 492, R. A. De Mel Mawatha, Colombo 03, Colombo.

28/10/2026

SLS ලාංඡනය තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න පුළුවන්ද? 🏷️

28/10/2026
28/10/2026

අන්තර්ජාලයෙන් භාණ්ඩ ගෙන්වන ඔබට පාරිභෝගික අධිකාරියෙන් දෙන අපූරු පණිවිඩය!

28/10/2026

ඔබ ලස්සන වෙන්න පාවිච්චි කරන්නේ විසක්ද? ⚠️

ජාතික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මව්වරුන් සහ දරුවන්ගේ පෝෂණ සුරක්ෂිතතාව වෙනුවෙන් ලංකා ත්‍රිපෝෂ සමාගම ඉටුකරන්නේ අද්විතීය ජාතික ම...
28/10/2026

ජාතික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මව්වරුන් සහ දරුවන්ගේ පෝෂණ සුරක්ෂිතතාව වෙනුවෙන් ලංකා ත්‍රිපෝෂ සමාගම ඉටුකරන්නේ අද්විතීය ජාතික මෙහෙවරකි. දශක ගණනාවක් පුරා මෙරට ගර්භිණී මව්වරුන්ගේ, කිරිදෙන මව්වරුන්ගේ මෙන්ම බිළිඳු පරපුරේ පෝෂණ අවශ්‍යතා සපුරාලූ මෙම ජාතික සම්පත, අද වන විට පෙර නොවූ විරූ ඓතිහාසික පරිවර්තනයකට ලක්වෙමින් තිබේ.

සාම්ප්‍රදායිකව රජයේ මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත පමණක් යැපෙන රාමුවෙන් මුළුමනින්ම මිදී, රටට බරක් නොවී ජාතික ආර්ථිකයට සවියක් එක්කරන ස්වයංපෝෂිත, ලාභදායී හා කාර්යක්ෂම රාජ්‍ය ආයතනයක් ලෙස ලංකා ත්‍රිපෝෂ සමාගම නව යුගයක් කරා ගමන් කරමින් සිටියි. දිවයින පුරා විහිදී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ජාලය හරහා ගර්භිණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට මෙන්ම දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව බෙදාහැරීමේ ක්‍රියාවලිය මේ වන විට වඩාත් විධිමත් හා ශක්තිමත් කර තිබේ.

ජනතාවගේ මූලික පෝෂණ අවශ්‍යතාව සපුරාලීමේ මෙම උතුම් ජාතික මෙහෙවර තවදුරටත් නොකඩවා, විශ්වාසනීය හා කාර්යක්ෂම අයුරින් ඉටුකිරීමට සමාගමට හැකි වී ඇත්තේ නිෂ්පාදන හා බෙදාහැරීම් ක්‍රියාවලිය තුළ සිදුකරන ලද ප්‍රශස්ත මෙහෙයුම් වෙනස්කම් හේතුවෙනි.

ත්‍රිපෝෂ නිෂ්පාදනයේ අඛණ්ඩතාව සහ ගුණාත්මක පැවැත්ම තීරණය කෙරෙන්නේ උසස් ප්‍රමිතියෙන් හෙබි අමුද්‍රව්‍ය නියමිත වේලාවට අඛණ්ඩව ලබාගැනීම මතය. අමුද්‍රව්‍ය හිඟවීම් සහ සැපයුම් අවහිරතා හේතුවෙන් අතීතයේ දී ත්‍රිපෝෂ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වූ තත්ත්වයන් කොතෙකුත් වාර්තා වී ඇත. එවැනි සිදුවීම් නැවත වාර්තා නොවන අන්දමට විධිමත් හා තිරසාර අමුද්‍රව්‍ය සැපයුම් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට වත්මන් කළමනාකාරිත්වය පියවර ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය ඇණහිටීමේ තත්ත්වයන් මුළුමනින්ම පිටුදකිමින්, නිරන්තරයෙන් ප්‍රමාණවත් අමුද්‍රව්‍ය තොග පවත්වා ගනිමින් දවසේ පැය 24 පුරාම නිෂ්පාදන කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. මෙය හුදෙක් නිෂ්පාදන ධාරිතාව සංඛ්‍යාත්මකව ඉහළ දැමීමක් පමණක් නොව, ජනතා අවශ්‍යතාව සහ රාජ්‍ය ආයතනයක් සතු සමාජීය වගකීම අකුරටම ඉටුකිරීමකි.

කුඩා දරුවන්ගේ සහ මව්වරුන්ගේ ශරීර සෞඛ්‍යයට සෘජුව බලපාන ආහාරමය නිෂ්පාදනයක් වන ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී ආහාර සුරක්ෂිතතාවට හිමිවන්නේ අතිශය තීරණාත්මක ස්ථානයකි. ඒ අනුව ලංකා ත්‍රිපෝෂ සමාගම ISO 18000 සහ ISO 22000 ආශ්‍රිත ජාත්‍යන්තර ප්‍රමිතීන් ඔස්සේ ආහාර සුරක්ෂිතතාව සහ සමස්ත කළමනාකරණ ක්‍රියාවලියම තවදුරටත් ශක්තිමත් කරමින් සිටීයි. අමුද්‍රව්‍ය භාරගැනීමේ සිට සැකසීම, නිෂ්පාදනය, ගබඩා කිරීම සහ දිවයින පුරා බෙදාහැරීම දක්වා සමස්ත ක්‍රියාවලිය තුළදීම නිෂ්පාදනයේ උසස් ප්‍රමිතිය, පිරිසිදුකම හා ආරක්ෂාව පිළිබඳ ජනතා විශ්වාසය උපරිමයෙන් තහවුරු කිරීමට මෙමගින් හැකියාව ලැබී ඇත.

එමෙන්ම කර්මාන්තශාලාව ලෝක මට්ටමේ උසස් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියක්ද ආයතනය තුළ ක්‍රියාත්මක වේ. විශේෂයෙන්, මාස 6ත් අවුරුදු 3ත් අතර පසුවන දරුවන් වෙනුවෙන්ම සහල් ආශ්‍රිත නව ත්‍රිපෝෂ නිෂ්පාදනයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා අවශ්‍ය අතිනවීන යන්ත්‍රෝපකරණ ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වා, කර්මාන්තශාලා පරිශ්‍රයේ සවිකිරීමේ කටයුතු ද ආරම්භ කර තිබේ. මෙම නවීකරණය අවසන් වූ පසු නිෂ්පාදන කාර්යක්ෂමතාව, ධාරිතාව මෙන්ම නිමි භාණ්ඩවල ගුණාත්මකභාවයද තවදුරටත් ඉහළ යනු ඇත.

කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව දේශීය ගොවීන් 7,500කට ආසන්න පිරිසක් සෘජුව සම්බන්ධ කරගනිමින් ත්‍රිපෝෂ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ බඩඉරිඟු මෙරටදීම වගාකිරීමේ සුවිශේෂී වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම වැඩසටහන හරහා දේශීය බඩඉරිඟු ගොවියාට සිය අස්වැන්න වෙනුවෙන් ස්ථාවර සහ සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය වන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන ගුණාත්මක බඩඉරිඟු නිෂ්පාදනය කිරීමට ඔවුන් තුළ විශාල උනන්දුවක් ඇති කෙරෙයි.

එමෙන්ම මෙම වැඩසටහනට අවශ්‍ය ශක්තිමත් යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා මෙට්‍රික් ටොන් 4,000ක ධාරිතාවයකින් යුතු නවීන සයිලෝ (Silo) පද්ධතියක් ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කර ඇත. එය සම්පූර්ණ වූ පසු අමුද්‍රව්‍ය ගබඩා කිරීමේ හා කළමනාකරණ ධාරිතාව ඉහළ යන අතර, එය දේශීය ගොවියාට ආර්ථිකමය වශයෙන් නව ජීවයක් එක්කරන දැවැන්ත පියවරකි.

කර්මාන්තශාලාවේ පරිපාලන, මෙහෙයුම් සහ කළමනාකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නූතන තොරතුරු තාක්ෂණය උපයෝගී කරගැනීමටද සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව ඉන්දියානු සහයෝගය මත නවීන මෘදුකාංග පද්ධතියක් මේ වන විට සාර්ථකව සංවර්ධනය කෙරෙමින් පවතී. නිෂ්පාදන සැලසුම්කරණය, තොග කළමනාකරණය, සැපයුම් ජාලය, දිවයින පුරා බෙදාහැරීම් සහ මූල්‍ය මෙහෙයුම් වඩාත් විනිවිදභාවයකින් යුතුව තථ්‍ය කාලීනව කළමනාකරණය කිරීමට මෙම ඩිජිටල් මෘදුකාංග පද්ධතිය මහෝපකාරී වනු ඇත.

සිය ප්‍රධාන සමාජ සුබසාධන මෙහෙවරට අමතරව, ආයතනයේ ආදායම් මාර්ග පුළුල් කරගනිමින් ස්වයංපෝෂිත වීමේ අරමුණින් වාණිජ නිෂ්පාදන කෙරෙහිද සමාගම අවධානය යොමු කර ඇත.
ඒ අනුව පාරිභෝගිකයින් අතර බෙහෙවින් ප්‍රචලිත සුපෝෂ කැලරි බාර් (Suposha Calorie Bar) නිෂ්පාදනය රට පුරා බෙදාහැරීම සඳහා නව අලෙවි නියෝජිත ජාලයක් ගොඩනගමින් පවතියි.
එමෙන්ම පාරිභෝගික රුචිකත්වය අනුව උසස් පෝෂණ ගුණයෙන් සපිරි සුපෝෂ කප් කේක් සහ සුපෝෂ කුකීස් වැනි නව නිෂ්පාදන රැසක්ද සාර්ථකව වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි සුපෝෂ අලෙවිසැල නවීන හා ආකර්ෂණීය අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එහි ව්‍යාපාරික කාර්යසාධනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. අනාගතයේදී මෙවැනි සුපෝෂ අලෙවිසැල් දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් නව රැකියා අවස්ථා රාශියක් බිහිවීම මෙන්ම ගුණාත්මක හා පෝෂ්‍යදායී ආහාර ජනතාවට පහසුවෙන් ලබාදීමද අරමුණු කර ඇත.

පාසල් දරුවන්ට රසවත් මෙන්ම පෝෂ්‍යදායී ආහාර විකල්ප ලබාදීමේ අරමුණින්, ත්‍රිපෝෂ ආශ්‍රිත පෝෂණීය ආහාර නිෂ්පාදන පාසල් ආපනශාලා සඳහා හඳුන්වාදීමේ ඉදිරි සැලසුම් මේ වන විට සකස් වෙමින් පවතියි. මෙය සාර්ථකව ක්‍රියාත්මක වීම තුළින් රටේ අනාගත පරපුරේ පෝෂණ තත්ත්වය නංවාලීමට මහඟු දායකත්වයක් හිමිවනු ඇත.

මීට අමතරව, ආයතනයේ පරිවර්තනය හුදෙක් නිෂ්පාදනයට සීමා නොවී, කර්මාන්තශාලා පරිශ්‍රය සහ ඒ අවට පරිසරය වඩාත් පිරිසිදු, සුන්දර හා සේවක හිතකාමී පරිසරයක් බවට පත්කිරීමටද පියවර ගෙන ඇත. සේවකයින්ට ආඩම්බරයෙන් සේවය කළ හැකි ප්‍රසන්න පරිසරයක් නිර්මාණය කිරීම තුළින් ඔවුන්ගේ ආයතනික ලෙන්ගතුකම මෙන්ම ඵලදායිතාවද වර්ධනය කර තිබේ.

ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා අවධාරණය කරන පරිදි, සමාජ වගකීම සහ ව්‍යාපාරික කාර්යක්ෂමතාව යනු එකිනෙකට පටහැනි සංකල්ප නොවන බවට මෙම ප්‍රායෝගික වෙනස කදිම සාක්ෂියකි. එක් අතකින් ගර්භිණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පෝෂණ සලාකය නොකඩවා සපයමින්, අනෙක් අතින් දේශීය ගොවියා බලගන්වා, නවීන තාක්ෂණය, ආහාර සුරක්ෂිතතාව සහ වාණිජ නිෂ්පාදන ඔස්සේ ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්වීම ත්‍රිපෝෂ සමාගම සමස්ත රටටම ලබාදෙන ප්‍රබලතම ආදර්ශයයි.

ඉදිරි වසර කිහිපය තුළ දේශීය අවශ්‍යතා සපුරාලන, ජාත්‍යන්තර ප්‍රමිතීන් සපිරූ ස්වාධීන ආයතනයක් ලෙස ලංකා ත්‍රිපෝෂ සමාගම තබන මෙම පියවර, නිරෝගී සුවයෙන් සපිරි දැයක් උදෙසා රටක් තබන දැවැන්ත ඉදිරි පියවරක් වනු නිසැකය.

රන්මලී සෝමසිරි - (දිනමිණ)

28/10/2026

රටපුරා වෙළඳ ජාලය ශක්තිමත් කිරීම වෙනුවෙන්..

27/10/2026

"විදේශීය අකුරුවලට රැවටී ඔබත් ලේබලය නොබලා බඩු ගන්නවාද?

27/10/2026

රටේ පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවෙන ප්‍රධානම ආයතනය.

27/10/2026

"ඔබ පාවිච්චි කරන භාණ්ඩයේ කල් ඉකුත් වීමේ දිනයටත් වඩා ඔබ දැනගත යුතු වෙනත් තොරතුරු තිබෙන බව ඔබ දන්නවාද? බුද්ධිමත් පාරිභෝගිකයෙක් වීමට මේ කරුණු දැනගන්න."

27/10/2026

ලේබලය කියවීම කොච්චර වැදගත්ද?

Address

No 492, R. A. De Mel Mawatha, Colombo 03
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Ministry of Trade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby government services